සීතල සුලග එක්ක හමන ෆයින් ගස් යාය... තාර කැඩුනු පාර.. ගාම්භීර පෙනුමක් තිබ්බ වලව්ව.. වලව් වත්තේ වටපිටාව.. ඒ හැමදේටම වඩා උබ ! වලව්වේ හැම පර වැඩේම කරපු මගේම උබ... උබව නොදැක මේ වෙද්දි මාස දෙකක් ගත වෙලා...
තාම හිතාගන්න බෑ.. මං කොහොම මේ දේවල් දාලා කොළඹ රටට ආවද කියලා.. මේ කිසි අඩුවක් නෑ.. අප්පච්චි නිසාම හැමදේම ලැබෙනවා.. මට තිබ්බ එකම දේ පාඩුවෙ ඉගෙනගන්න එක විතරයි..
ඩී. ඇස්. සේනානායක කොලේජ්.. දොළහ වසර.. කලා පන්තිය.. මාව මාස දෙකකට කලින් ඇතුලත් කලේ ඒ විදිහට.. අපේ අම්මාට මාව පෙරකදෝරුවෙක් කොරන්ඩ ඕනා නිසා මට මේ විදිහට ලොකු ඉස්කෝලෙකට එන්න වුනා.. මං මෙහෙ ඉන්නෙ සතුටින්ද කියන්න දන්නෑ.. මොකද මට හුගක් පාලුයි... උබ නැතුව.. මගෙ කාව්‍ය...
" සිහිලැල්.. ආ යූ බිසී ? ගෙට් යුවර් ඩිනර් ඩාලිං "
" ඕකේ ආන්ටි ප්‍රින්සි "
පහල තට්ටුවෙන් මට කතා කරනවා ඇහිලා මං පොත වහලා දැම්මා.. මගෙ ලොග් පොත ඇතුලේ උබට ලියන දෙවනි ලියමන මේ.. පලවෙනි එක ලැබෙන්න ඇති.. උබට උත්තර එවන්න විදිහක් නෑ කියලා මං දන්නවානෙහ්.. කමක් නෑ ලැබුනා නම් ඇති කාව්‍ය...
මං පහලට යද්දි පුරුදු විදිහට අන්කල් ඩිනර් අරන් පත්තරයක් බලනවා.. ආන්ටි විතරයි ඩිනර් ටේබල් එකේ හිටියේ.. එයාලගෙ දුව ඇමැන්ඩා.. එයාට එයාගෙ ගර්ල්ස් කොලේජ් එකේ ටූනර්මන්ට් එකක් කියලා මේ දවස් ටිකේ ගෙදර නෑ.. නැති එක හොදයි මට පේන්න බෑ.. මං ගමෙන් ආවා කියලා ඒකිගෙ යාලුවො එක්ක මුල් දවස් වල මාව පාච්චල් කරා...
මට එයාලා තරම් ඉංග්‍රීසි බෑ.. ඒත් සාමාන්‍ය විදිහට කතා කරන්න පුළුවන්.. ඒකටත් හිනා වුනා ඒ නාකි කිකිළියෝ ටික.. අනික මං ගමේ පුරුද්දට කතා කරා කියලා ඒ වචන අල්ලන් ඔච්චම් කරා.. 'මක්කැයි' 'කොහොමැයි' ඕවාට හිනාවුනා.. මං හොරෙන් ඇඩුවත් එක්ක.. ඒත් දැන් නම් මං මගෙ පාඩුවෙ ඉද්දි එනවා 'සිහිලැල් අයියා වෙයා ආ යූ' ගාගෙන...
" කොලේජ් එකේ වැඩ කරගෙන යනවා නේද ? ඩවුට්ස් තිබ්බොත් අන්කල්‍ට කියන්න ඕනෙ.. "
" ෂුවර් ආන්ටි.. තෑන්ක්ස් ෆො එව්‍රිතින්ග් "
" ඉට්ස් අවර් ප්ලෙෂර් ඩාලිං.. ගෝ ෆෝවර්ඩ් "