03.

657 122 6
                                    

වාහ් !! මගේ ජන්ගුකා හරි ලස්සනයි අප්පා !!
මිරිකන්න හිතයි මට !!
අනෝ ෂුදු මැනික !!
ඔයා හරියට හා පැටියෙක් වගේ !!
ඔය අතට තුවක්කුවක් හරියන්නෑ වස්තූ කැරට් අලයක් තමා හරියන්නේ !!

තමන්ගේ පෝන් එකෙන් හොරෙන්ම ජන්ගුක්ගෙන් ගත්ත පොටෝ එකක් බලන ගමන් කටත් හද හද එහෙම කියපු ආරෝහි බැරල් එක උඩ තිබුනු දුම් දාන කෝපි කෝප්පය තොල් අතරට තදකරගත්තේ හිනාවෙවී.

ආයිෂ් බලන්න මැනිකේ මට ඔයා දිහා බලන් ඉන්නවත් නෑනේ !!
අම්මපා මේ මහ රෑත් තෙල් ගහන්න එන මේ අසමජ්ජාතීන්ට හෙන ගහපන් !!
ඇයි යකෝ !!

කෝපි කෝප්පය පැත්තකින් තියලා ආයෙත් පෝන් එක දිහාම බලාගෙන හිටපු ආරෝහිගේ දැහැන බිදුනේ ප්‍රධාන පාරෙන් පෙට්‍රල් සෙඩ් එක පැත්තට හරවපු බයික් එක නිසා. හිතින් බැන බැනම පෝන් එක සාක්කුවට දාගෙන පෙට්‍රල් මැෂින් එක ලගට ගියපු කෙල්ල මැෂින් එකටත් රව රව මීටර් එක සීරෝ කරා.

"කොච්චරක් ද ? "

බයික් එක පැත්තට හැරෙන ගමන් එහෙම අහපු ආරෝහි දාන්න තියන ගොබ්බම හිනාව බයික් එකේ ඉස්සරහ ඉදගෙන හිටපු කෙනා දිහා බලාගෙන දැම්මේ මුලු ඇගම කවර් කරගෙන , ෆුල්ෆේස් හෙල්මට් එකකුත් දාගෙන හිටියට ඒ තියුනු ඇස් දෙක අදුනගත්ත නිසා..
තමන්ගේ කලුපාට බයික් එකේ ඇවිත් බලාපොරොත්තු නොවුන විදියට දැක්ක
පෙට්‍රල් සෙඩ් එකේ සේවකයන්ගේ නිල ඇදුම උනු රතුපාට කමිසයකිනුත් , කලුපාට කලිසමකිනුත් සැරසිලා රතුපාට කැප් එකකුත් දාගෙන හිටපු කෙල්ල දිහා ටිකක් පුදුමෙන් බලන් හිටියේ සෝල් පොලිස් ස්ථානාධිපති ජොන් ජන්ගුක් වගේම ඔහුගේ සහයක ජන්ග් හෝසක් !!

"කොච්චරක්ද ? "

ස්මයිල් ඉන් පේන් ලුක් එකකින් ජන්ගුක් දිහා බලපු කෙල්ල ආපහු එහෙම ඇහුවේ ඇවිත් විනාඩියක් විතර ගෙවුනත් ඇසුත් ලොකුකරන් තමන් දිහා බලන් ඉන්නවා ඇරෙන්න දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතානොකරපු නිසා..

"ෆුල්ටෑන්ක් !! "

වෙනපැත්තක් බලාගෙන එහෙම කියපු ජන්ගුක් පෙට්‍රල් ටෑන්ක් එක ඇරලා බයික් එකෙන් ටිකක් ඉස්සිලා සාක්කුවේ තියෙන පර්ස් එක අතට අරගත්තා..
පාන්දර දෙකේ පහුවෙලා තිබුනු ඒ වෙලාවේ මුලු පරිසරයෙම ඇහෙන්න තිබුනේ පෙට්‍රල් ටැංකියට පෙට්‍රල් පිරෙන සද්දේ විතරයි..

WHO ? / JJK / completed ✅ Where stories live. Discover now