12.

1K 144 22
                                    


පාර්ක් ජිමින් !!
අවුරුදු 16 දී විශ්වවිද්‍යාල සුදුසුකම් ලබපු බුද්ධිමත් යෞවනයෙක් !!
තමන්ගේ දෙමව්පියෝ කොවිඩ් නිසා අකාලයේ මැරිලා යද්දි කොල්ලට දැනගන්න ලැබුනා කොවිඩ් කියන්නේ සෝල්වල සයන්ටිස්ට්ලා වගයක් තමන්ගේ සාක්කු පුරවගන්න කරපු ජරාවැඩක ප්‍රතිඵලයක් කියලා..
මිනිස්සු වදභාවයට පත්කරන්න හදපු වෛරස් එකක් වෙනුවට සිදුවුනු වැරැද්දකින් මාරක වෛරසයක් හදුනගනිද්දි බිස්නස්මන්ලා එකතුවෙලා සෝල් වල හැර අනික් හැම රටකටම , නගරෙකටම ඒ වෛරස් රෝගය පැතිරෙව්වේ හිතක් පපුවක් නැති ගානට..
වෛරසය වෙනුවෙන්ම හොයාගත්ත ප්‍රතිනාශක එන්නත් විකුනගැනීමෙන් අරමුනෙන් සිද්ධ වුනු ඒ ජාවාරම ගැන ජිමින් දැනගත්තේ ජිමිනුත් කෙමිකල් සයින්ටිස්ට් කෙනෙක් නිසා...
දවසින් දවස දෙමව්පියන්ගේ මරනයෙන් කඩන් වැටුනු ජිමින්ගේ මානසික මට්ටම අන්තිමට කොල්ලට තමන් කවුද කියන එක පවා අමතක කරලා දාන්න තරම් දරුනු වුනේ ජිමින් තමන්ගේ ඔම්මයි අප්පටයි නූනටයි ගොඩක් ලග කෙනෙක් වුනු නිසා..
එයාලා ගොඩක් ආදරෙන් හිටපු පවුලක් !!
මනසට දැනුනු පීඩනය නිසා ජිමින්ව අන්තිමට පිස්සෙක් ගානට සමාජේ ඉස්සරහ හන්වඩු ගැහෙද්දි
තමන්ගේ එකම සහෝදරිත් තමන්ව රෝහලක තනිකරද්දි දැනුන තනිකම නිසා කොල්ලගේ ජීවිතේ තව තවත් අදුරු වුනා..
තමන්ගේ සහෝදරිව පවා අදුනගන්න බැරිවෙලාවට ඩොක්ටර්ස්ලා කොල්ලට එන්ජෙක්ට් කරපු ඩෝස් එක කොල්ලගේ ඇග ඇතුලෙදි වෙනම විදියකට වැඩ කරන්න ගනිද්දි ජිමින් තමන් ඇතුලෙම ඉන්න තවත් කෙනෙක්ව හිතින් මවාගන්න පටන්ගත්තා.
දෙන ඩෝස් එකෙන් පස්සේ සිහිනැතිවෙන ජිමින් පැයකින් විතර පස්සේ නැගිට්ටේ වෙනම කෙනෙක් විදියට..
ඇස් දෙක ඇරලා ඇදෙන් ඉදගන්න ජිමින්ට ඇද ඉස්සරහින් තිබුනු මිරර් එකෙන් තමන්ගේ රූපේ වෙනුවට පෙනුනේ ඔම්මගෙයි අප්පගෙයි රූප දෙක..
මිරර් එක ඇතුලේ ඉදන් ඔම්මයි අප්පයි වෙලාවකට උදව් ඉල්ලන හැටිත් , තවත් වෙලාවකට මූන හැමතැනින්ම ලේ පෙරාගෙන ඉන්න හැටිත් දකිද්දි කොල්ලගේ ඔලුව ඇතුලෙන් කොල්ලට ඇහුනේ එක වචනයයි..

"පලිගන්න !! "

දිගින් දිගටම ඔලුව ඇතුලේ දෝංකාර දෙන ඒ වචනය හින්දා ඔලුව අල්ලගෙන ඇදට හේත්තු වුනු ජිමින් ඊලග තත්පරේ ඇදෙන් නැගිට්ටේ ලාච්චුවේ තිබුනු ඔම්මා අරන් දුන්න කහපාට රේන්කෝට් එකත් අතට අරගන්න ගමන්..
ලෙඩ්ඩුන්ට අවධානේ අඩුවෙන් දුන්නු රෝහලේ ඇතුලෙන් වටපිට නොබලම එලියට ගියපු ජිමින් ගැන හොයලා බලන්න කවුරුත් හිටියේ නෑ..
ඔලුව ඇතුලින් එන හඩට සවන්දීලා ඔහේ පාරවල් ගානේ ඇවිදපු ජිමින් නැවතුනේ අප්පට අයිති පරන ගරාජ් එකක් ලග..
ලග තිබුනු ලොකු ගලකින් දොරේ තිබුනු ලොක් දෙක කඩලා දාපු කොල්ලා ඇතුලට ගිහින් රාක්ක වල තිබුනු කෙමිකල් බෝතල් දිගේ තමන්ගේ අත අරන් ගියේ ඉස්සර මේ ගරාජ් එක ඇතුලේ තමන් එකේක විදියේ අත්හදා බැලීම් කරන විදියේ රූප රාමු ඇදිලා මැකිලා යද්දි..
ඒ හැම රූප රාමුවකම කොල්ල ලගින්ම එයාගේ නූනා වුනු ආරෝහිත් හිටන් හිටියේ හරි ආඩම්බරෙන්..
එතනින් පටන් ගත්ත ගමනේ ජිමින් කියන අහිංසක චරිතේ තමන්ගේ පාලනේ තමන් විසින්ම තමන්ගේ ඇග ඇතුලෙම ගොඩ නගාගත්ත පුද්ගලයාට දුන්නේ දවසින් දවස කරන පරීක්ෂණ වලින් ගරාජ් කාමරය පිරෙද්දි  . හදාගත්ත එකේක විදිහේ කෙමිකල් අත්හදා බලන්න මුලින්ම සත්තු යොදාගත්ත ජිමින් අන්තිමේදි මිනිස්සු යොදාගන්න පෙලබෙන්න පටන් ගත්තේ කොල්ලගේ අවාසනාවකට !!
හිතුමනාපෙට මිනිස්සු අතුරුදහන් කරන්න බැරිතැන මාෆියා ජේ ගැන දැනගත්ත ජිමින් ඔහුව අනුකරනය කරන්න පටන්ගත්තේ ගරාජ් කාමරයේම තිබුනු කැටේක තමන් එකතු කරපු සල්ලි යොදාගන්න ගමන්..
එතන ඒ හැටි සල්ලියක් නොතිබුනු නිසා ජිමින්ට යකඩින් ජේ අකුරක් හදාගන්න බැරිවුනත් කොල්ලාට ඒ වෙනුවට ඒ වගේම ටැටූ එකක් හදවගන්න පුලුවන් වුනා..
හිත තමන්ගේ පාලනයෙන් ගිලිහෙන වෙලාවට ගරාජ් එකට ඇවිත් පැත්තක තියන අත් කියතක් අතේ එල්ලගන්න ජිමින් ආපහු ගරාජ් එකට එන්නේ කාවහරි තමන්ට වාරුකරගෙන..
පොඩි ලමයි , තරුන අය , වයසක අය කියන හැමෝටම බලපාන විදියට කෙමිකල් එකක් නිර්මානය කරන්න  උත්සාහ කරමින් හිටපු ජිමින්ට ඕනේ උනේ මුලු සෝල් නගරයම තමන්ගේ කෙමිකල් එකෙන් නැතිකරලා දාන්න..
තමන්ගේ මතක තියෙන වෙලාවට හොදින් කල්පනාකරපු ජිමින් තමන්ගේ ඊලග පියවරවල් වගේම තමන් මෙච්චර කාලේකට කරපු දේවල් පුංචි පුංචි නෝට් විදියට ලියාගත්තේ ගරාජ් එකට එන හැම වෙලාවකම කොල්ලගේ මතකය නැතිවෙලා තියෙන බව තේරුම් අරගත්තට පස්සෙයි.
ජිමින්ට තමන් කරන කිසිම දෙයක තේරුමක් තිබුනේ නැතත් ජීවිතේ වෙච්ච සමහර දේවල් විටින් විට අමතක වුනත් ඕනම වෙලාවක තමන්ගේ බුද්ධිමත්කම හරි විදියට හසුරන්න කොල්ලට පුලුවන් උනා..
සීසීටීවි වලින් හැංගිලා , සාක්ෂී මකලා දාලා මේ වැඩ කරන්න තරම් කොල්ලා සූක්ෂම උනත් මිස්ටර් ජේ තරම් සූක්ෂම වෙන්න කොල්ලට බැරිවුනා..
මේ විදියට මාස ගානක් තිස්හේ පැය විසි හතරම කොල්ලාගේ මනස පලිගැනීමේ සිතිවිලි වලින් පිරිලා තිබුනත් ආරෝහිව දකින හැමවෙලාවකම කොල්ලව ගොඩක් වෙලාවට යථාතත්වෙට පත්වුනා..
ආරෝහි ලග දැනුනු උනුහුම නිසා ජිමින් ,ජිමින් විදියටම සතියකට පැයක් හරි ජීවත් වුනා..

WHO ? / JJK / completed ✅ Where stories live. Discover now