08.

678 115 13
                                    


"ඔම්මා කෝ මගේ කොෆි එක !! "

ජන්ගුක් කෝල් එක කට් කරලා පෝන් එක පොලිස් යුනිෆෝර්ම් එකේ සාක්කුවට දාගන්න ගමන් කිචන් එකට ගිහින් එහෙම අහන ගමන් ඔම්මව පිටිපස්සෙන් බදාගත්තත් ජන්ගුක්ව ඔම්මා පැත්තකට කරේ උරහිස ගස්සන ගමන්..

" ඔම්මා මොකද මේ !! "

තමන්ව ඈත්කරපු ඔම්මව ආයෙත් පිටිපස්සෙන් හග් කලත් ආපහු ඔම්මා උරහිස ගස්සලා කොල්ලව නොසලකා හරිද්දි මොකක්ම හරි වැරැද්දක් වෙලා තියෙනවා කියලා තේරුම්ගත්ත ජන්ගුක් දුක හිතෙන මූනකුත් හදාගෙන එහෙම ඇහුවේ ඔම්මගේ හිත උනුකරන්න හිතාගෙන.
ඒත් ජන්ගුක්ගේ බලාපොරොත්තු සුනු විසුනු කරන ගමන් ඔම්මා කතානොකරම කිචන් එකෙන් යන්න යද්දි කොල්ලට ඔම්මට මොකක් වෙලාද කියලා හිතාගන්න බැරිවුනා.

"ඒයි !! මට කොෆි එකක් හදලා දෙනවකෝ !! "

ගස්සගෙන ගියපු ඔම්මා දිහාම බලාගෙන ජන්ගුක් එහෙම කිව්වේ හිස් මග් එකක් අතේ තියාගෙන කිචන් එකට ආව ආරෝහිට.
පැන්ට්‍රි එකට හේත්තුවෙලා කිසිම දෙයක් නොවුනු ගානට කියපු කොල්ලව දියවෙලා යන බැල්මකින් ඇස් රෝල් කරලා බලපු ආරෝහි අතේ තිබුනු මග් එක සද්දෙන් සින්ක් එකට අතෑරියේ ජන්ගුක් ගැස්සිලා යද්දි..
හිමින් සැරේ කෙල ගුලියක් ගිලපු ජන්ගුක් බලන් ඉද්දි කෙල්ල කෙට්ල් එක අරගෙන වතුර පිරෙව්වේ කොල්ලා දිහාම බලාගෙන.

විනාඩි කිහිපයකට පස්සේ ජන්ගුක් තමන්ගේ ඇස් උපරිම ලොකුකරගෙන බලන් හිටියේ සීනි බෝතලෙන් භාගෙකටත් වැඩිය කුකී කියලා නම ගහල තිබුනු කලුපාට මග් එකට දාන දිහා.
දුම්දාන කෙට්ල් එක අතට ගත්තු ආරෝහි උනුවතුර ටික මග් එකට දාන්න හැදුවත් ආපහු ඇස් ලොකුකරන් බලන් ඉන්න ජන්ගුක් දිහා රවලා බලලා හැන්දකින් මග් එකට දාලා තිබ්බ සීනි වලින් බාගයකටත් වැඩිය ආපහු සීනි බෝතලේටම දැම්මේ කොල්ලා සුසුමක් හෙලද්දි.

ලේලි පොඩ්ඩ ඕපේ නැන්දම්මගේ කනේ තියලා වගේ !!

දුම් දාන කොෆි මග් එක පැන්ට්‍රි එක උඩ තියලා හැන්ද දමලා ගහන්න වගේ සින්ක් එකට අතෑරලා දාපු ආරෝහිත් ඔම්මා වගේම ගස්සන් යද්දි කොල්ලට මේ අසාධාරනකම්වලට හේතුව හොදට තේරුනා..

WHO ? / JJK / completed ✅ Where stories live. Discover now