07.

686 119 7
                                    


ජන්ගුක් රූම් එකෙන් එලියට යනකන් නිදිවගේ හිටපු ආරෝහි ඇහැරිලා කිචන් එක පැත්තේ තිබුනු දොරෙන් එලියට ගියේ ගරාජ් එකේ ලයිට් එක ඔන් වෙද්දිම වගේ.පෝන් එකේ ප්ලෑෂර් එක ඔන් කරගත්ත ආරෝහි තරමක කැලෑ වැදිලා තිබුනු ගෙදර පිටිපස්ස පැත්තෙන් ගිහින් පාරට ලන්වෙද්දිම නවත්තලා තිබුනු ටැක්සි එක දැක්කම කෙල්ල සැනසිලිදායක හුස්මක් හෙලුවා.
කෙල්ල කලින්ම ටැක්සි එකක් දාගෙනයි තිබුනේ.
අදුරෙම ගිහින් ටැක්සි එකට නැගගත්තු කෙල්ල ටැක්සි එක ජන්ගුක්ගේ ගෙදර ඉස්සරහ ගේට් එක පේන විදියට නවත්තගත්තා.

"අර බයික් එක ෆලෝව් කරන්න අජොශ්සී !! "

ගේට් එකෙන් එලියට ජන්ගුක් බයික් එක තල්ලු කරන් ඇවිත් පාරෙදි ස්ටාර්ට් කරගනිද්දි කෙල්ල මැදිවියේ උන්නු ටැක්සි රියදුරාට එහෙම කිව්වා..
කෙල්ල කිව්වයින් පස්සේ සැලකිලිමත්ව සැකයක් නොහිතෙන්න ජන්ගුක්ගේ බයික් එක පෙනෙන මානෙන් ෆලෝ කරපු රියදුරා සෝල් සිටි ක්ලබ් එක ඉස්සරහින් ටැක්සි එක නතර කරද්දි කෙල්ලත් ටැක්සි එකෙන් බැහැලා සල්ලි ගෙව්වේ බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලවපු ජන්ගුක් ක්ලබ් එක ඇතුලට යන හැටි බලාගෙනමයි.
කෙල්ලව වෙව්ලනවා තරහටයි දුකටයි දෙකටම !!

_
_
_

පාට පාට ලයිට්ස් දාපු ක්ලබ් එකේ පහල තට්ටුව පුරා ඇස් යවපු ජන්ගුක් උඩ තට්ටුවට යන්න තිබුනු ලී පඩිපෙලේ අත්වැට අල්ලගත්තේ එතන හිටපු හෝසක්ට ඔලුව නවලා ඇස් වලින් ඉගිකරන ගමන් !!
පඩි දෙකකට එකපාර කකුල් තියන ගමන් හදිස්සියෙන් පඩිපෙල නැගගත්ත ජන්ගුක් අංක 06 ගහපු ක්ලබ් රූම් එකේ ඉස්සරහින් හිටගත්තේ හොදින් හුස්ම ගන්න ගමන්.අතින් තමන්ගේ කොන්ඩේ හදාගත්ත ජන්ගුක් හිනාවක් මූනට අරගෙන රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා..

"ඕ බේබ් කම් කම් !! "

ජන්ගුක් රූම් එකට යද්දිම ඇගට ඇලුනු කොට ටයිට් ගවුමක් ඇදගෙන හිටපු කෙල්ලෙක් ඉදන් හිටපු තැනින් නැගිටලා ඇවිත් එහෙම කියද්දි කොල්ලත් ඒ කෙල්ලට හිනාවෙලා ගිහින් සෝෆා එකෙන් ඉදගත්තා.

ජන්ගුක් රූම් එකට ගිහින් පැය භාගෙකටත් ලගයි !!
පහල හිටපු හෝසක්ටත් හොරෙන්ම ජන්ගුක් පස්සෙන් ආව ආරෝහි ක්ලබ් රූම් එක ඉස්සරහ හිටගෙන හිටියේ අපහසුවෙන්.
කෙල්ලට තිබුනේ දොර කඩාගෙන ඇතුලට යන්න තරම් තරහක්.
ජන්ගුක් මෙච්චර බොරුවක් තමන්ට කරයි කියලා කෙල්ල කීයටවත් හිතුවේ නෑ.
රූම් එක ඉස්සරහම හිටගෙන හිටපු කෙල්ලව ගැස්සිලා ගියේ නොහිතපු විදියට රූම් එකේ දොර ඇරෙද්දි .
ඇදන් හිටපු ඇදුමේ හැමතැනම අත්වලින් පිහිදන ගමන් දොරෙන් මතුවුනු ජන්ගුක් ඉස්සරහ බලද්දියි බයෙන් වගේ තමන් දිහා බලන් ඉන්න ආරෝහිව දැක්කේ.
කොල්ලා ක්ලබ් එක පුරා තමන්ගේ ඇස් යවලා ආරෝහි දිහා ඇහිබැමි හකුලලා බැලුවේ මේ වගේ තැනක මේ වෙලාවේ මොකද කරන්නේ වගේ බැල්මක් දෙනගමන්..
තරහින් ද දුකින් ද රතුවුනේ කියලා හිතාගන්න බැරි විදියට රතුවුනු ඇස් වලින් ජන්ගුක් දිහා ටිකක් වෙලා බලන් හිටපු ආරෝහි එතනින් යන්න යද්දි ජන්ගුක් කෙල්ලගේ අතකින් අල්ලගත්තා..

WHO ? / JJK / completed ✅ Where stories live. Discover now