04.

674 125 23
                                    


අනේ මන්දා මම මෙහෙම හැසිරෙන්නේ ඇයි කියන්න මටවත් තේරෙන්නෑ !!
ආරෝහි ඔයා ඔහොම හැසිරුනු කෙනෙක් නෙමේ !!
හයි ස්කූල් කාලේ පස්සෙන් ආපු කොල්ලන්ට ජිමිනා එක්ක එකතුවෙලා වද දීපූ තමුසේ අද ආඩම්බරකාර කොල්ලෙක්ගේ පස්සේ යනගමන් ආදරේ හොයනවා..
ජිමිනා ඔයාවත් නූනා එක්ක හිටියනම් මේ නපුරු සතාට දෙකක් ඇනලා මගේ කකුල් දෙක ලගට ගෙනත් දෙයි නේද !!
දැන් ඉතින් මට තනියම හැමදේම කරගන්න වෙලානේ !!
සැක් !!
මේ ජීවිතේ හරි අජූතයි අප්පා ..

තමන්ටම මුමුනගත්ත ආරෝහි එල්ලන් හිටපු මූනට මල් හිනාවක් ආරූඪ කරගත්තේ සද්දෙන් ඇරුනු රෙස්ටුරන්ට් එකේ දොරෙන් ඇතුලට ආව ආඩම්බරකාරයා හින්දා...
දවස තුනකට පස්සෙයි කෙල්ල කොල්ලව දැක්කේ..

" I love you සුදුමහත්තයා !!
මේ ආදරේ බේරේ වැව වගේම පිරිසිදුයි රත්තරන් !! "

තමන් හිටපු මේසේට ආව කඩදාසි රොකට් එක දිග ඇරලා ලියල තිබුනු වචන ටික කියවපු හෝසක් බඩත් අල්ලන් හිනාවෙන්න ගත්තේ ජන්ගුක් තමන්ට කෙලින්ම ඉදන් ඉන්න ආරෝහි දිහා බලලා රවද්දි ..
කොල්ලගේ නපුරු රැවිල්ලට ප්‍රතිචාරයක් විදියට ඇස් වහගෙන තොල් උල්කරපු කෙල්ල කොල්ලට ෆ්ලයින් කිස් එකකුත් දුන්නා..

අඩේ මේ මොකක්ද දෙයියෝ මේ වෙන්නේ ..මුන් වහනසේ ඇයි අඩියෙන් අඩිය මා ඉදිනා ඉසව්වට වඩින්නේ !!
චූ බරත් හැදෙනවනේ ඉතින් !!
ඩ්‍රාමා වල වගේ මේ වතුර එක මගේ ඔලුවේ ඉදන් හලයිද දන්නෑ !!

තමන්ගේ ලන්ච් එකට බන් එකකුයි කෝක් එකකුයි ගත්ත ආරෝහි ඒක කාලා ඉවරවෙලා ජන්ගුක් හිටපු ටේබල් එක දිහා බලද්දියි දැක්කේ ලන්ච් එක අරගෙන ඉවර වුනු ජන්ගුක් පුටුවෙන් නැගිටලා තමන් දිහාට ලන්වෙන හැටි..මේසේ උඩ තිබුනු වතුර පුරවපු වීදුරුව දිහා බලලා කෙල ගුලියක් ගිලගත්ත කෙල්ල වතුර වීදුරුව අතට අරගෙන බීගෙන බීගෙන ගියේ කෙල්ල ජලභීතික සුනඛිච්චියක් හින්දා !!
ජන්ගුක්ගේ හැටියට වතුර එක ඔලුවේ ඉදන් හැලුවොත් එහෙම ..

"පොඩ්ඩක් කතාකරමු ද ? !! "

කෙල්ල හිටපු ටේබල් එකේ තිබුනු අනික් පුටුව ඇදලා අරගෙන ඉදගත්ත ජන්ගුක් එහෙම අහද්දි කෙල්ල වේගෙන් ඔලුව උඩ පහල වැනෙව්වේ කතාකරන්න ඕනේ උනත් උගුරේ මොනවහරි හිරවෙලා වගේ දැනුනු නිසා.

WHO ? / JJK / completed ✅ Where stories live. Discover now