02 කොටස...

180 21 31
                                    

කෙලින් කටින් හිටගන්නවත් පණක් නැති ඒකිව ඉන්දන්න ඉන්දන්න ආයෙම පොලොව බදාගන්නකොට වෙනකරන්න දෙයකුත් නැතිම තැන මං ඒකිව උස්සලා ගත්තා..
බරේකියලා අංශු මාත්‍රයක් නැති ඒකි පුලුන් රොදක් ගාන වෙනකොට මම ඒකිව උස්සගෙනම..... දැවිල්ල දෙන තුවාල ගැනවත් හිතන්න වදවෙන්නැතුව ප්‍රතමාදාර කරන මිස් ව හොයාගෙන ආවා....

එයාගේ බෙල්ල කඩන් වැටිලා..ඉන්න අමාරු.බව දැන දැන මොන රෙද්දට ආවද මන්දා...කතාවනම් තියනවා ඒ උනාට.විනාඩි දෙකයි ගියේ කෙලිම්ම පොලෝ මාතාව අධි භක්තියෙම්ම සිප ගත්තා...දූවිල්ල සුදු ගව්ම සිප ගත්තා...යසයි කියන්නෙ ඒ කරුමෙත් මගෙ ඔලුවටම පාත් උනා...ඩිපූටියා දැනටමාත් කේලම පිනාගෙ කනේ තියලා ඇති...ඒ මදිවට එක දෙක කරලත් ඇති..මං දන්නවා වැඩි කල් මට මේ ස්කෝලෙ වසන්න වෙන්නෑ...

දෙයියන්ට පින්සිද්ද වෙන්න ප්‍රතමාදාර කරන මිස් සික් රූම් එකේ ඉන්නවා...මම දොරට තට්ටුවක් දැම්මා...පළවෙනි වතාවෙ ප්‍රතිචාරයක් නැති වෙනකොට මම දෙවනි වතාවටත් තට්ටුවක් දැම්මා...කොහෙ හ්ම්ම් සද්දයක් නෑ...

මේ ගෑනි මැරිලා වත්ද...

තට්ටු දදා උන්නොත් මට දවසෙම මෙතන තට්ටු දදාම ඉන්න වෙයි...

දිසානායක මිස්...

දිසානායක මිස්..එක්ස්කියුස් මී..

මම තවත් ඉන්නැතුව එක්ස්කියුස් මී ගාගෙනම ඇතුලට ගියා...කිව්වත්.වගේ ඒ ගෑනි මැරිලා හා සමානව ෆෝන් එක කොටනවා...මේ ස්කෝලෙට හෙන ගහන්නෙ  ඒකනෙ...මෙහෙම ඉදියට මොකත මගෙ නම ඇහුනත් ඇති මේ ගෑනිට නගින්න...කොයි.වෙලෙත් බැන ගත්තු ගමන් ...අනිත් උන් කරන වැරදිවලට පවා මං බැනුම් ඇහුවේ...පුදුම හුචක්කුවක් මේක...

මිස්ස්ස්...

බැරිම තැන මං රූම් එකම දෙදරන්ම කෑ ගැහුවා...කෑ ගහපු පාර ගෑනි ගැස්සිලා යද්දි මම යුගාශිව ඇද උඩින් තිබ්බා...ඒකිට සිහියක් පතක් නැතුව අතපය හතර හතර පැත්තට කඩන් වැටෙද්දි...බෝතල් කන්නාඩිය අස්සෙන් මට බනින්න කට හදන ඒ උත්තම ගුරු පරානෙ දිහාට මං හැරුනා..

ත්‍රීශා උබ එස්කියුස් කරලා එන්න දන්නැද්ද ආ...ඔහොම එනවද යකෝ...තමුසෙට නම් කිසිම විනයක් නෑ...උබට ඕන ඕන විදියට එන්න මේක අම්බලම කියලා හිතුවද...ආ..

දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁Where stories live. Discover now