04කොටස...

155 17 25
                                    

Yugashi pov....

'අම්මේහ්...කන්න බෑනෙ අනේ ඇතිකෝ..."

'බැහ් තමා හැමවෙලේම බෑය කටේ...මගෙන් මුකුත් නාහා සුදූ දෝණි මේක කන්න ඇ...බලනවකො හැටි ඇට පෑදිලා..
මිනිස්සු දැක්කම මොනවද හිතන්නෙ අපි දෙන්නෑය කියල... යකෝ කාපන් කාල හැදියන් ඉගන ගන්න දෙයක් වත් කරන්නෙ කොහොමද ඔහොම ආ...."

"හපෝ ඇති ඇති බණ එපා කන්නම් අනේ..."

"ඔව් ඉතින් උබලට අපි හොදක් කිව්වත් බණනේ...අනේ අම්මපාප.. "

හැමදාම එකම බනේ...ඇයි හතික්කෙ මගේ ආමාසෙ පොඩි කියලා මෙව්න්ට තේරෙන්නැත්තෙ...අනික සේප් එකට ඉන්න එපැයි කෙම්ලෙක් උනාම...හීනියට චූටිවට කොටට බෝල ඇස් එක්ක සස්සනට ඉන්න කෙල්ලොන්ට තමා කට්ටියගෙ හිත ඇදීල යන්නෙ ම්හුක්....කට්ටියගෙ කියනවට වැඩිට ඉචිම් අරයලගේ කිව්වම ගැලපෙනවා...නොදරුවට මගුල් විසේ ගහලනේ අම්මියේහ්හ්හ්හ්....

මගුල් විසේ...හෙහෙ...ඇයි අප්පා එයාවම මතක් වෙන්නෙ මට...ඇස් වැහුවත් එයා...ඇරියත් එයා...මට මොනවා වෙලාද කියලා මටම හිතා ගන්න බෑ..හම්බුනේ අද උනාට අද වුන දේවල් එක්ක...හරි අමුතුයි...වැඩිය කතා නොකරන එයා එක පාර මැණික කිව්ව වෙලාවෙ ඉදලා මට මහ අමුතුයි...කියා ගන්න තේරෙන්නෙ නැති මොකද්ද හැගීමකිම් හිතම වෙලිලා ගිහිල්ලා...එයා මගේ ඇස් හරහා මෝලේටත් හදවත පතුලටමත් ගිහිල්ලා..මට ඒ වෙලේ එයා කියන කිසිම දෙයක් ඇහුන්නැති ගානයි...මගේ මොලේ දෝංකාර දුන්නෙ එයාගේ කටින් පිට උන ඒ වචනෙමයි...අම්මා මට කොච්චරවත් මැණික කියලා ඇති...යාලුවො කියලා ඇති ඒත් එයා කියද්දි ඒ හැගීම හරි අමුතුයි....

ඒ ඇස් බෝලයි..බෝල රතුයි කලුයි දෙක මිශ්‍රවෙලා ආපු ඒ ඇස් කවදාවත් පතුල හොයන්න බැරි තරමටම ගැබුරුයි...කටින් කතා නොකරන එයා....ඇස් වලින් නම් හරි හරියට කතා කරා...කට බොරු කරාට ඇස් බොරු කරන්නෑ කියලා කතාවකුත් තියනවා නේ...කල්පයක් උනත් බලන් ඉන්න පුලුවන් බැලුවත් ඇදිල යනවා වගේ දැනෙන ඇස් දෙකක් එයාට තියෙන්නෙ...අද දවසටම මම ඒ ඇස් වල ගිලුනා...නෑ ගිලුනෙ නෑ එයා මාව ගිලගත්තා..

දවසෙම මාස්ක් දාන් ඉදිය එයාගෙ ඇස් දෙක විතරක්ම මට පෙනෙද්දි මම හිතිම්ම එයාගේ මූණ 'මේ වගේ ඇතියි' කියලා මවන්න ගත්තා...ඇත්තටම මට වැරදුනා...මම මවපු කෙනාට වඩා සියගුණයකින් ලස්සනක් එයාට තිබුනා...එයාට නළදත් තිබුනා හරියටම රදනක දත් තියන තැනින් උඩ ඉදන් ආපු නලදත් තිබුනා...ඒ දත් හරි තියුනුයි...පිහි තුඩක් වගේ උල්...හැබැයි එයා කාවහරි කෑවොත් ඒ කෙනාට සොරි ඩොට් කොම් වෙන්නම ඒ දත් දිගයි...හරියට වැම්පයර් කෙනක් වගේ...ඒ නහය ඇස් කට හිනාව මේ හැමදේම මනුස්සයෙක් එක පාරින් පිස්සු වට්ටන්න පුලුවන් විදියට මහ බබා එයාට දීලා....හිතාගන්න බැරි කාරනේ එච්චර ලස්සන මනුස්සයෙක්ටද මුන් මේ කැතයි කලුයි අරකයි මේකයි කිව්වේ...අනිවාරෙම්ම උන්ගේ ඇස් වල තමයි අවුල තියෙන්නෙ...අපිට ඇස් ලැබිලා තියෙන්නෙ ලස්සන දේවල් විදින්න කියලයි මං හිතන්නෙ...ඒ විදින්න තියෙන ඇස් වලින් හැමදෙයක් දිහාම බලන්න ඕන හරි හිමීට...ටිකෙන් ටික...පියවරෙන් පියවර...එක පාරෙන් බලලා කැතයි කියන මිනිස්සුන්ට කවදාවත් දකින්න බැරි ගොඩක් දේවල් එකින් එක විදින ගමන් බලපු මිනිස්සු දැක්කා....

දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁Donde viven las historias. Descúbrelo ahora