05 කොටස...

193 18 52
                                    

"අම්මියේහ්...පොඩි එකා සිප් කිරි බොන්න යනවා...ඇවිල්ලා ආසිර්වාද දෙන්නකෝ ඒයිහ්හ්හ්...."

මම අම්මට කෑ ගැහුවා..ස්කෝලෙ යන එක කෙසේ වෙතත් නිදි දෙව්දුවට බූට් තියන එක අමාරුම වැඩේ වෙද්දි...අම්මගේ කටේ බලෙන් නැගිට්ට මම පාසල් යන්න අප්පච්චියා යතුරුපැදිය ස්ටාට් කර ගන්න තුරු උදෑසන මිහිරිය වින්දා....මම ස්කෝලෙ නොගිහිපු දවසක් නැති තරම්...ලෙඩක් හැදිලා මැරෙන්න ඔන්න මෙන්න ගියත් මම පාසල් ගියා...සිය කැමැත්තෙන් නෙවේ ඉතිම්...අපේ OIC මාත්තයා පොලිස් පාට් ගෙදර දානවා නොවෑ...හප් කියපු ගමන් මං අඩලා ඉවරයි ඒ තරමට එයා හරි වසයි...

මොනා කරන්නද..මේ සූටි හිත ලාමකයි මල් පෙත්තක් වැනිය...පව් අප්පා මම...

"පරිස්සමෙන් ගිහින් එන්න සුදු හාමිනේ...දගලන් නැතුව විනීතව ඉන්න ඈ..."

"අම්මේ ඉතිම් හැමදාම කියන බණේ ඕකනේ අනේ..මං දග කරන්නෙත් නෑ විනීතව ඉන්නම් කො..හානේ බායි උම්මාආඅහ්...."

"පිස්සු..කෙල්ල උබ...අද තාත්තා එන්නෑ මං එන්නෙ ගේට්ටුව ලගට වෙලා හිටු ඈ..."

"හරියෝ...බායි"

ඔන්න ඉතිම් මට රජ මගුල්...තාත්තා කඩයප්පමක් වත් අරන් දෙන්නෑ හලෝ...අම්ම නම් ඒම නෑ ඉතිම් එයා මට ඉල්ලන්නෙ මොකද්ද ඒක අරන් දුන්නා...ඒකට අපේ අයියා කාරයයි තාත්තයි දෙන්නම එකයි ම්හුක්..මේ ලමයට හරියට නීති අනේ....

අපි පාසල ලගට ආව....බයික් එකෙනුත් බැහැලා මම තාත්තියා දිහාට අතත් දිග් කරන් තිබ්බ හුරුතල්ම බැල්මෙන් තාත්ත දිහා බැලුවේ සක්‍ර දෙවියන්ගේ පඩු පුල් ආසනේ දියවෙලා වැක්කෙරෙන ගානට වෙද්දි මාව ගනන් නොගත්ත පප්පාන්ඩි ඔලුවටත් ටොක්කක් ඇනලා රුපියන් සියයේ කොල දෙකක් අත මිටින කරලා යන්න ගියා...කමල් නෑ දුරල් නෑ..මේ ඇති සන්තෝ...

මම ඉක්කෝලෙ අතුලට ආවා...තාම මෙහෙට අලුත් නිසා මෙහේ ඉන්න කවුරුත් අදුරන්නෙත් නැති නිසා බිමට නවා ගත්ත ඔලුව මම දිග ඇරියේ අපේ පන්තියටම ගිහිල්ලා...අතරින් පතර හම්බෙන අයියලා ආ නංගී මොකද බිංකුන්ඩො හොයනවද අහ අහ එක එක ඒවා කියන කොට කොල්ලන් ගනන් නොගන්නා පන්තියෙ මම තවත් වේගේ වැඩි කරා...

දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁Where stories live. Discover now