Part 31

230 47 30
                                    

වැල්ලෙ දිගා වෙලා හිටපු ජන්කුක් ෆෝන් එකේ එයාම වීඩියෝ කරපුවා බල බල පොඩ්ඩක් ඔලුව හරවලා බැලුවේ මුලු බීච් එකම වනසලා කාර් එකේ පිටිපස්ස ඇරලා ඒකට වෙලා නිදා ගෙන ඉන්න දෙන්නා දිහා. ඇදුම් වල දැන් කොහොමත් ගන්න දෙයක් නැති හින්දා ඔහේ වැල්ලෙ වැටිලා කොල්ලගෙයි බල්ලගෙයි කෝලන් බල බල හිටියා. ටිකක් දිග වීඩියෝ එකක් සද්දෙට ප්ලේ වෙනකොට ඒක බලන්න වැල්ලෙ ඉදගෙත්තෙ කකුල් දෙකත් දිගෑරගෙන ඉදගත්තා.

🐯 කාර් එකේ බෑ.

ෆෝන් එක දිහා බලන් හිටපු ජන්කුක් එක පාරට ගැස්සිලා ගියේ කාර් එකේ හිටපු ටේ ඇවිත් ජන්කුක් ගෙ ඔඩෙක්කෙන් ඔලුව තියා ගත්ත හින්දා. හුරතල් වෙන අලි බබා දිහා බලලා ඇස් දෙක රෝල් කරපු ජන්කුක් ආයම වීඩියෝ එක බලන ගමන් කතා කරා.

🐰 ඇයි මොකක් වෙලා ද ? කකුල උඩ ඉන්න හොදයි ද එතකොට

🐯 මෙතන සනීපයි නෙ. කෑ ගහන් නැතුව ඕක බලනවද මට ටිකක් පාඩුවේ ඉන්න දීලා.

🐰 පාඩුවේ ඉන්න නම් මොකටද මාත් එක්ක ආවෙ.

කෑල්ලක් ගලවලා ගන්න වගෙ ටේ ගෙ අතක් කෙනිත්තලා එයා ආයම වීඩියෝ එක බලන්න ගත්තා.

ඈත ඉදන් ජන්කුක් වීඩියෝ කර කර ඉන්නකොට ටේ දුවගෙන ඇවිත් එයාවත් ඇදන් මුහුද දිහාවට දුවගෙන යන ගමන් ෆෝන් එක අරන් ලගම තිබ්බ යකඩ ගොඩකට හේත්තු කරන්නෙ එයාලා ඉන්න පැත්ත වීඩියෝ වෙන විදිහට. ආයම ජන්කුක් ව ඇදන් මුහුදු රැලි මැදට දුවන ටේ bam ඉන්න හරියටම ගිහින් ජන්කුක් ව අතාරින්නෙ 'ඔන්න දැන් හරි' වගේ බැල්මක් bam ට දාන ගමන්. වීඩියෝ එකේ සවුන්ඩ් හුලග නිසා ඇහෙන්නෙ නැති උනත් එතන උන දේ මතක් වෙලා ජන්කුක් ට ආයම හිනා ගියා.

ඇත්තටම මතක ඇති කාලෙක මෙහෙම නිදහසක් දැනුනෙ නැති හින්දා පිටට නොපෙන්නුවත් ජන්කුක් හිත ඇතුලෙන් පාටි දාන ගමන් හිටියේ. ඒ ටේහියුන් එක්ක bam එක්ක මේ විදිහට ඉන්න පුලුවන් උන හින්දා කියලා ජන්කුක් මේ වෙනකොට පිලිඅරන් තිබ්බෙ.

ටේ ඇදන් ගියාට පස්සේ, වතුරෙ නටලා තෙමිලා හිටපු දෙන්නටම රවපු ජන්කුක් ආයම යන්න හැරුනත් නැට්ට ගහ ගහ හිටපු bam පිස්සු හැදිලා වගේ ජන්කුක් ගෙ ඇගට පැන්නෙ දෙන්නම වැටිලා එතකොට ම ආව රැල්ලට යට වෙනකොට. නහයෙන් කටින් වතුර ගියපු ජන්කුක් කැහැ කැහැ නැගිටිනකොට bam වගේම ටේ ළඟ පාතක වත් පේන්න හිටියේ නෑ. තිබ්බ නැටිල්ලට දෙන්නම ගහගෙන ගියාද දන්නෙත් නෑ කියලා වටපිට බලනකොට දැක්කෙ ඈතට වෙලා හිනා වෙන ටේ ව. හිත හිත ඉන්නෙ නැතුව ජන්කුක් ටේ පස්සෙන් පැන්නුවා. එතනින් එහාට වීඩියෝ එකේම තිබ්බෙ පස්සෙන් පන්නන ඒවා, දෙන්නා කෙනෙක් ව උස්සලා මුහුදට දාන ඒවා වෙනකොට, bam මුත් නැට්ට වන වන දෙන්නා පස්සෙන්ම දුවනවා වීඩියෝ වෙලා තිබ්බා.

Joker ♡ Taekook ♡ | ONGOING |Where stories live. Discover now