13 FWF

256 33 15
                                    

මම මේ පොඩ්ඩක් කල්පනා කර ක්ර ඉදියා අනේ .......

මොනාද උබට ඔච්චර කල්පනා කරන්න තියන්නෙ ආ..... අර ඊබෝ ගැනද......
මටනම් උබව අල්ලන්නෙ නෑ කොල්ලො ආ..... මොකක්ද උබට වෙලා තියන්නෙ ආ..

අනේ මුකුත් නෑ ශී යන්කො අපි දැන්.....

එහෙම කියපු ශාන් ශීවත් ඇදගෙන ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර ගියේ ඊබෝට කෝල් එකක් ගන්නවා කියලා හිත හිතමයි.....
.
.
.
රෑ හතට විතර නාලා කාලා ආපු ශාන් ශීත් එක්කත් පොඩි කයියක් ගහල නිදිමතයි කියලා ඉක්මනට ඇදට ආවෙ ඊබෝට කෝල් එකක් ගන්න හිතාගෙන

Ring.......

හෙලෝ.........හෙලෝ............
හෙලෝ කව්ද අයිසෙ කෝල් අරන් කතා කරන්නෙ නැත්තෙ මේ මහ රෑ ආ.....
තමුන්ගෙ කන් බීරිද අයිසෙ....

පැමිනි දුරකතන ඇමතුම ආන්ස්වර් කරපු ඊබෝට මල යකා නැග්ගෙ කෝල් එක අරන්  කතා නොකර ඉන්න නිසයි.

හෙලෝ ඊබෝ අයියෙ.......
මේ මම.......
ඉතාම හෙමින් කටහඩ අවදි කරපු ශාන් එහෙම කිව්වෙ ඊබෝ තරහින් නිසා ආයෙම කෑ ගහයි කියලා බයෙන්....

මම කිව්වෙ කව්ද ආ...... ඇයි නමක් නැද්ද තමුන්ට .... මම කිව්වම අදුරගන්න මට දිවැස් නෑනෙ....
තරහ ගිය ස්වරයකින් ඊබෝ කිව්වෙ මේ කතා කරන්නෙ ශාන් කියලා දැනගෙන කට කොනේ පොඩි හිනාවක් මවාගෙනමයි..

අයියෙ මම ශාන්..... මගෙ නම්බර් එක සේව් කර ගන්න හරිද...
ශාන් කෝල බවකින් එහෙම කිව්වෙ හිතේ හැගීම් ගොඩාරියක් හිර කරහෙනයි...

ම්ම්ම් ඉතින් ඇයි දැන් මට කෝල් කලේ දැන්මම එතකොට අපි ඇග්‍රිමන්ට් සයින් කරනවද....... ආ........
ඔයාට ඉතින් හදිස්සිද බබෝ....
ම්ම්ම්...........

ඉතාම සරාගී හඬකින් ඊබෝ එහෙම කිව්වම ශාන්ගෙ ඇගේ හිරිගඩු පිපිලා මුලු ඇගම හිරිවැටිලා ගියා කිව්වොත් ඒක සීයට සීයක් හරි

එහෙම නෑ අයියේ ඔයාට මම ඇත්තටම කැමතී....... මම දන්නෙ නෑ මේක ආකර්ශනයක්ද නැත්තං ආදරේද කියලා .
ඒත් මට දැන් ඔයාව හැමතැනම පේන්න අරන් ඔයාවමයි මට මතක් වෙන්නෙ
අනේ මට ඔයාට ලන් වෙන්න් දෙන්න අයියේ.....

පෑරුන හිතින් ශාන් එහෙම කිව්වෙ ඊබෝගෙ හිතේ එයාට පොඩිම හරි කැමත්තක් ගන්න හිතාගෙනමයි....

Feelings without feeling🦁🔞🐰()Where stories live. Discover now