තෙවන පරිච්ඡේදය

1.7K 204 15
                                    

"ඈ මොකද්ද!!!!? උබ ආආයේ ඒලෙවල් කරනවා!!!?" අයියා පුටුවෙන් බිමට පැන්නා.
"ඔව් ඇයි කනේ වංගුද?"
"ඒ මේ උබට මල්ටි පෙර්සොනැලිටි ඩිසෝඩර් හරි මොකක්හරිද.."
"...."
"ඒ සිරාවටම?"
"පකෝ, පට්ටනෙ. හම්මෙ.. මදැයි උබේ මොලේ පෑදුනා."
අනේ උබ කරපු පුකක් හින්දා නෙවෙයි. දෙනූ හින්දා.
"මං හවසට සමියගෙන් නෝට් ඉල්ලන් එන්නම්."
"ඒ මං උබව ඩ්‍රොප් කරන්නද?"
"නෑ නෑ ඕනි නෑ."
"එහෙම කියන්න එපා බං. මොනව උනත් මාත් උබේ භාරකාරයා හැටියට පේරන්ට්ස් මීටින්වලට ආවනෙ. ඉතිං මටත් මෙව්වා එකක් තියනවා."
"අනේ ඒක තියාගෙන ඉදගනිං."

ඇත්තටම අපේ අයියා මගෙ පේරන්ට්ස් මීටින් දෙක තුනකට ඇවිත් තියනව. ඒ කරලා මාව පුලුවන් තරම් පච කරනවා මිස්ලා කියපුව මතක්කර කර . නල්ලමලේ භාරකාරය.

මං එදා හවස සමීරයගෙ ගෙදර ගියා. මේවා ඉතිං අපි නොගිය තැන්ද.. අපේ ගෙවල් වලට ටිකක් එහායින් උන්ගෙ ගෙදර තියෙන්නෙ. උන්ගෙ තාත්තා බිස්නස් කරනවා. අම්මා ගෙදර. ඌට අක්කෙකුත් ඉන්නවා. අපේ පවුල් දෙකම ෆිට්. ෆැමිලි ෆ්‍රෙන්ස්.
මං ගෙදර යද්දිත් සමීරය ඉන්නවා ඉස්සරහට වෙලා කටත් ඇරගෙන. මාව දැක්ක ගමන් ඇවිත් මගෙ ඇගට පැන්නා.

"ටහුක්.."
"අනේ බල්ලෝ උබව දැක්ක කල්." මූ මගෙ මූනත් ඉබලා කොන්ඩෙත් අවුස්සලා කොන්දත් කඩලා දැන් ඉන්නව සිරික්කිය දාගෙන. (ඇඩ් අයිම් සෝ ඩන් ඉමොජි)
"සතියයිනෙ යකෝ"
"දවස් හතක් බොක්කහ්."

අපි දෙන්නා කොහොමහරි උගෙ කාමරේට රිංගගෙන ඇදෙත් දපාගෙන කයිය පටන්ගත්තා.
"මං ආර්ට් වලින් කරන්න යන්නෙ. උබ කලෙ මොන සබ්ජෙක්ට්ද?"
"සිංහල, පොලිටිකල්, ලොජික්"
අම්මටසිරි. මූ පොලිටිකලුත් කරලද..
"ඒවා හොදද?"
"කවුද බං දන්නේ. අපේ අක්කනෙ කරන්න කිව්වෙ."
එලම. ම්ගෙයි මුගෙත් වැඩි වෙනසක් නෑ. මටත් අදටවත් හිතාගන්න බෑ මැත්ස් කියලා මං මොන්වද කලේ කියල.
"මං ඊයේ නෝට් ටික හොයලා තිබ්බා. හොද වෙලාවට අම්මා ඒව අරං තියලා."
"තෑන්ක්‍යූ බොක්ක "
මං නෝටුත් අරං තේත් බීල කයියකුත් ගහලා අපේ ගෙදර ආව.

දැං ඔයාල හිතනවා ඇති කෝ මේකෙ ලව් ස්ටෝරිය කියල. උබලටත් පුදුම හදිස්සික්නෙ තියෙන්නෙ.මේකයි. මෙක ස්ලෝ බර්න් එකක්. ඔන්න කිව්වා. ලව් ස්ටෝරිය පටන්ගන්න කලින් ගොඩාක් දේවල් තියනව. මොකද ඉදල ඉදල මගෙත් හිත ගියේ එසේ මෙසේ පොරකට නෙවෙයිනෙ. සමහර දේවල් තියනව අපිට ඒවට ළංවෙන්නත් වෙනම මහන්සියක් දරන්න ඕනි. දෙනුත් ඒ වගේ. අපි දෙයක් ලබාගන්න වෙන මහන්සිය මතයි අපි ඒ දේවල් වලට ඩ්සර්ව්ද නැද්ද කියලා තීරණය වෙන්නෙ.

සමහරවිට ඔයාල කල්පනා කරනවා ඇති මං දැං ඉස්සර තරම් ජෝක්ස් කරන්නෙ නෑ නේද කියලා. මේකනෙ ෆ්‍රෙන්ස් මං දැං ඉස්සර තරම්ම සැහැල්ලුවෙන් නෙවෙයිනෙ ඉන්නෙ. දැං මට ගෝල් එකක් තියනවා. එයාව දිනාගන්න චූටි මල්ලි විදිහට නෙවේ බෝයිෆ්‍රෙන් කෙනෙක් විදිහට. මං එයාට පෙන්නන්න ඕනි මටත් වගකීම් ගන්න පුලුවන් කියලා. පිස්සු වගේ අෆ්ෆා. 🥲 මං තාම හිතනවා මේක නිකං පිස්සුවක් වගේ නෙවෙයිද කියලා. මං අහන්නෙ.. ඇයි අවුරුදු දාසයක් තිස්සෙ දකින කෙනා ගැන හදිස්සියෙම මෙහෙම මෙව්වා එකක් ඇති උනේ කියලා. හැබැයි එකපාරටම කඩාපාත්තුනා කියලා හැගීම් වලට වටිනාකමක් නෑ කියන්න බෑනෙ. හරියට නිකං එපිසෝඩ් දහයක් බලපු ඩ්‍රාමා එක්ක එකොලොස්වෙනි එපියෙ ඉදලා හදිස්සියෙම හීරෝට වඩා විලන් හැන්ඩ්සම් කියල හිතෙනව වගේ. ඔයාලට එහෙම වෙලා නැද්ද ? (මිස් ඕතර්ට නම් වෙන්නෙම එහෙම තමා. හිත හරි චංචලයිලු එයාගෙ. )

අනිත් අතට අපේ තාත්තා ට ඔච්චර සල්ලි තියෙන එකේ මං මෙහෙම නිකමෙක් උනේ කොහොමද කියල ඔයාලා හිතනවා ඇති නේද. ඔව්. මට උවමනාවක් තිබ්බා නම් මෙහෙම අවුරුදු ගානාක් නිකං ගෙදරට වෙලා ඉන්න නොතිබ්බා. මට එහෙම ලොකු සෝෂල් ලයිෆ් එක්කුත් නෑ. සමාජෙ මතයක් තියනවා සල්ලිකාර කොල්ලො සෙල්ලක්කාරයො කියලා. අපෝ මං නම් එහෙම නෑ. අපේ අයියත් ටිකක් බේබදු උනාට එහෙම නෑ. මං ගේ අස්සෙම හැදුනු කොල්ලෙක්. සමහර විට ඒ නිසාම වෙන්නැති මං මෙච්චර මෝඩ. කිසිම දෙයක් ගැන දැනුමක් නැත්තෙ. ඔයාලට තේරෙනව ඇති නේද මේ කතාවෙ Ml කිසිම අතකින් perfect නෑ කියලා.

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
චූටි එකක් දුන්න හුම්. එක ළමේක් හරි ආසයි කිව්ව නිසා 🥲

හඹායමි ඔබව (SINHALA BL)Onde histórias criam vida. Descubra agora