හැත්තෑ හත්වෙනි පරිච්ඡේදය

1K 113 102
                                    


"දැන් මොකද්ද ඔයා කරන්න යන්නෙ?"

"මට හිතාගන්න බෑ. මගෙ මොළේ අවුල් වෙලා වගේ."

"අජීට මේ ගැන කිව්වොත්?"

"උට කිව්වොත් ඔක්කොම ඉවරයි. ඌ නටපු පිස්සු හොඳටම ඇති. එදා රෑ අර නාඩගම නැටුවෙ නැත්තන් මේ ප්‍රශ්නෙ මෙච්චර දුර දිග යන්නෙ නෑ."

"ඒත් අයියෙ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ-"

"මොකද්ද සුදූ තේරුම් ගන්න තියෙන්නෙ? ඌ ආදරෙන් අන්ධ වෙලා නටන නැටිල්ල නිසා තමයි මේ ඔක්කොම උනේ. පොඩ්ඩක්වත් මොළෙන් කල්පනා කරන්නෙ නෑ. මං කොච්චර උත්සාහ කරාද මේක යට ගහලා තියාගන්න. වැඩක් නෑ මේ ගොනත් එක්ක."

"ඔයාට හොඳට ම විශ්වාසද ඒ වාහනේමයි කියලා?"

"ඔව්.. ඒක අපිට ඩිරෙක්ට් අයිති නැති උනාට අපි යූස් කරන එකක්. සයිට්ස් බලන්න කට්ටියක්ම යනව නම් ගොඩක් වෙලාවට ඒ වෑන් එකේලු යන්නෙ. මාත් දන්නෙ නෑ හරියටම. මාත් කෙනෙක්ගෙන් විස්තර අහගත්තා."

"ඒ වාහනේම තමයි එදා රෑ ආවෙ?"

"ඔව්. එතන කඩේ සීසීටීවී වල තියනවා. කඩේ වහලා නිසා ඒවත් වැඩ නැතුව ඇති කියලා මං හිතුවෙ. ඒත් කඩේ අයිතිකාරයො එතනම එහා පැත්තෙ පදිංචි වෙලා ඉන්න නිසා මං මිනිහෙක්ව යැව්වා කතාකරන්න. ඒ මිනිස්සු කියලා තිබ්බා කඩේ වැහුවට සීසීටීවී වැඩ කියලා. නැත්තන් කවදාවත් වාහනේ හොයාගන්න වෙන්නෙ නෑ."

"ඒ වාහනේම අහම්බෙන් ඔයා ඔයාලගෙ සයිට් එකක දකිනවා? මේක මාර coincidence එකක්නෙ අයියෙ,"

"මං දන්නෑ සුදූ. මට පිස්සු වගේ. හිතපං මේක තාත්තාගෙහරි අම්මගෙහරි වැඩක් නම්? දෙනූව බයකරනවා මෙහෙන් යවන්න හදනවද.. ඇත්තටම කරදරයක්-"

"අයියෙ! එහෙම හිතන්න එපා. ඒ ඔයාගෙ අම්මයි තාත්තයිනෙ.."

"උබ එයාල ගැන දන්නෙ නෑනෙ සුදූ. මට අදටත් හිතාගන්න බෑ එයාලා පොඩීගෙයි දෙනුවගෙයි අෆෙයා එක දැනගත්තෙ කොහොමද කියලා. මටවත් බෑ මගෙම අම්මයි තාත්තයි තේරුම් ගන්න."

"ඒත් තමන් යටතෙ තියන වාහනයක් ම එවන්න තරම් එයාලා මෝඩ වෙයිද?"

"තාත්තගෙ ඔය වගේ කොන්තරාත් ගන්න ඩෑල් ටිකක් කම්පනියෙම ඉන්නවා. උන් කාටහරි තමා වැඩේ භාරදෙන්නැත්තෙ. උන් ඉතින් ලේසියට ඒ වාහනයක්ම යූස් කරන්නැති."

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now