හැත්තෑ නවවෙනි පරිච්ඡේදය

835 115 124
                                    


එයා හිටියෙ බෙල්ලයි උරහිසයි මැද්දෙ ඔලුව තියාගෙන. මට එයාගෙ මූණ පේන්නෙ නෑ. සියුම් හුස්ම විතරක් බෙල්ලෙ වදිනවා. අතකුත් මගෙ බඩ වටේ දාගෙන.. එයා තාම ඉන්නෙ ආපු ඇඳුමෙන්. සුදු ෂර්ට් එකකට ක්‍රීම් පාට ට්‍රවුසර් එකක් ඇඳලා. මං එයා දිහා එකදිගට ම බලන් හිටියත් එයා පොඩ්ඩක්වත් හෙල්ලෙන්නෙවත් නැතුව තුරුලු වෙලා ම හිටියා.

එයා හම්බුනාම කියන්න දහසක් ඔලුවෙ තියන් හිටපු මට දැන් කිසිම දෙයක් ඔලුවට එන්නෙ නෑ. එයාව පොඩිකරලා, ඉඹලා ඉඹලා, තුරුලු කරන් නිදාගන්නයි මට දැන් ඕනි. ඒත් මෙතන විකාර කරලා බෑ. අද රෑ ඇතුළත මේ ප්‍රශ්නෙ විසඳගන්න ඕනි. මට බරට හුස්මක් පාතට හෙලුනා.

"ඇයි අජී?" එතකොටයි එයා ඔලුව උස්සලා බැලුවෙ.

"වොෂ් එකක් දාන් එන්නකෝ. කතාකරන්න ගොඩක් දේවල් තියනවා." මං ලාවට හිනාවෙලා කිව්වා.

"ඕකේ.." එයා අකමැත්තෙන් වගේ මගෙන් අහක්වෙලා ඇඳෙන් නැගිටිද්දි මාත් නැගිට්ටා.

"සමීර ඔයාටත් වෙනම රූම් එකක් ලෑස්ති කරා කිව්ව නේද?" මං ඇහුවෙ එයා එතනම මේස් ගලවන්න ගත්ත නිසා.

"ඇයි දැන් මං මේකෙ ඉන්න එපාද?" එයා ඇහුවෙ මූණත් රතුකරන්.

"පිස්සුද බබා මං එහෙම කිව්වද.." මං ෂේප් එකේ හිනාවෙලා එන්න හදද්දිත් එයා මං දිහාම බලන් ඉන්නවා අමුතු විදිහට.

මං ඇස්වලින් ඇයි කියලා ඇහුවා.

"කොණ්ඩේ.."

"ආහ් අලුත් කට් එකක් ගැහුවා." මං කිව්වෙ දෙනූට ඇහැකුත් ගහලා. ඊටපස්සෙ බූල ගලවලා කොණ්ඩෙ පොඩ්ඩක් ගසලා ආයෙ චූටියට බැඳගත්තා.

එයා ඉන්නවා කටත් ඇරන්. එයාගෙ කින්ක් එක මං දැන් හොයාන තියෙන්නෙ. එකපාරටම මූණ රතුවෙන්නයි, කොච්චරවත් කෙස් අස්සෙ ඇඟිලි රිංගවන්නයි, දාඩියෙන් තෙමිලා ඉන්න වෙලාවල පවා කොණ්ඩෙ අස්සෙ මූණ ගහන් ඉන්නයි.. යසයි මගෙ බෝයිපෙන්ගෙ කින්ක් එක. එයා දඩිබිඩි ගාලා බාතෲම් එකට රිංගුවා. විනාඩියක් විතර ගියා.. ආයෙ ඉක්මනට එළියට ඇවිත් බෑග් එකෙන් මල්ලක් අරන් ගියා. ඉස්සරලා ඇඳුම් නැතුව වොෂ් දාන්න ගිහින් තියෙන්නෙ. මං එයාගෙ වැඩවලටත් හිනාවීගෙනම කාමරෙන් එළියට ආවා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now