තිස් හයවෙනි පරිච්ඡේදය

1.1K 163 62
                                    

පන්සලට ආවම දැනෙන්නෙ අමුතු සැනසීමක්. වැලි මලුව පුරා ඇවිදගෙන යද්දි, සිනිඳු වැලි අහුරු ඇඟිලි කරු අස්සෙන් යද්දි ඒ සීතල හිතට අමුතු සනීපයක් ගේනවා. මං බෝධිය දිහාම බලන් හිටියා. මහා රූස්ස අතු අහස බදන් විහිදන් ගිහින්.. හමන පුංචි හුළඟකට පවා හැම බෝ කොළයක් ගානෙම තාලෙට ළෙලදෙනවා.. සිලි සිලි කියලා බෝපත් වලින් සද්දයක් එනව කියන්නෙ අතිශයෝක්තියට කියලා මං හිතුවෙ. නෑ. ඇත්තටම එහෙම සද්දයක් එනව..

මං දන්නෙ නෑ කොච්චර කාලෙකට පස්සෙද මං පන්සල් ආවෙ කියලා. අවුරුදු පහකට හෝ හයකට පස්සෙ.. ඊටත් වැඩිද මන්දා. ඕලෙවල් ලියන්න කලින් ඉස්කෝලෙන් අපිව පන්සල් එක්ක ගියා. එදා තමා අන්තිම දවස. ඊටපස්සෙ ම ගිහින් නෑ. අඩුම තරමෙ පෝයකටවත්..

මට එහාපැත්තෙන් දෙනූ දොහොත් මුදුන් තියන් වැඳගෙන ඉන්නවා. අපි අපි ගෙනාපු තෙල්,මල්,හඳුන්කූරු,ගිලන්පස ඔක්කොම පූජාකරලයි අපි හිටියෙ. අම්මා එහෙම විහාර ගේ ඇතුලට යද්දි අපි බෝධිය ගාව නැවතුනා. අයිය එහෙම අපිට එහායින් පහන් වැට හරියෙ. උන් දෙන්නා මොනව කුටු කුටු ගානවද මං දන්නෙ නෑ. කොහෙද මගෙ බෝයිපෙන් නම් පැයක විතර ඉඳන් වඳිනවා වඳිනවා ඉවරයක් නෑ.. මාත් ඉතිං ඉඳගෙන එයාගෙ මූණ දිහා බලන් හිටිය.

කොහොමහරි අන්තිමේදී වැඳලා වැඳලා ඇස් දෙක ඇරියා. අරිද්දිත් මං එයා දිහා බලන් හිටියෙ. එයා බයවෙලා වගේ මං දිහා බලලා, ඇස්වලින් ඇයි කියලා ඇහුව. මං හිනාවෙලා මොකුත් නෑ කියන්න ඔලුව වැනුවා.

අපි දෙන්න ඒ විදිහට බෝධිය දිහා හෙන වෙලාවක් බලන් හිටියා. මං ප්‍රාර්ථනා කළේම එක දෙයයි. එයා හැමදාම සතුටින්, සනීපෙන් ඉන්න ඕනි. මං දන්නව එයා අනිවාරෙන් මගෙ එක්සෑම් එක වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න ඇති. එයා හැමදාම හිතුවෙ අනුන් ගැන.

අපි දෙන්නා මලුවෙන් නැගිටලා වැලි තලාව දිගේ ඇවිදන් ආවා. හුළං ඇවිල්ල මගෙ කොණ්ඩෙ මූණ පුරා යනවා. මං මූණත් ඇද කරන්, අතින් කොණ්ඩෙ හැදුවා.. ටික වෙලාවකින් මට එහාපැත්තෙන් ලාවට හිනාවෙන සද්දයක් ඇහුනා. මං ඔලුව උස්සලා බලද්දි දෙනූ හිනාවෙවී ඉන්නවා.

"මොකෝ?"

"කොණ්ඩෙ ඇවිස්සිලා හොඳටම." එයා හිනාවෙවී ම කිව්වා. මාත් අමාරුවෙන් ආයෙ කොණ්ඩෙ හදාගෙන ඉස්සරහට ඇවිද්දා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now