තිස් හතරවෙනි පරිච්ඡේදය

1.3K 168 65
                                    

එදා වුනු සිද්දියත් එක්ක දෙනුයි මායි තවත් සමීප උනා කියලයි මට හිතෙන්නෙ. එයා එයාගෙ හදවත දිගඇරලා මට පෙන්නුවා. ඒනිසා අපි දෙන්නා අපි අතර තව දුරටත් ආගන්තුකයො උනේ නෑ.

හැබැයි ඊලග දවස් කිහිපයම අපි දෙන්න මාරම බිසී. මට හැමදාම වගේ රිවිශන් ක්ලාස්. සෙනසුරාදාට තියරි. ඒ මදිවට දෙන වැඩ කන්ද. පාඩම් කරන්න නෝටුත් ගොඩගැහිලා. දෙනූටත් එහෙම තමා. එයා දැන් සතියකට සැරයක් treatments වලට යනවා. අනිත් දවස් ටිකේ වැඩට යනවා. හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. අපි දෙන්නා දෙන්නව දැක්කෙත් උදේටයි රෑටයි විතරයි. උදේ එයා යන වෙලාවට මං ඇහැරුනේ නැත්තන් එයා උඩට ඇවිත් මට යනව කියලා යනවා.. මං ඉතින් ඒ වෙලාවට පොඩි බලහත්කාරකමක් එහෙම කරලා කිස් එකක් එහෙම ඉල්ලගන්නවා. ආයෙ දකින්නෙ රෑ කෑම මේසෙදි. එතකොට ඉතින් ගොඩක් වෙලාවට අයියත් ඉන්නවා. ඌට කද්දි පොල්ලකින් ගැහුවත් ඌ දන්නෙ නෑ බත් එකට බැහැගෙන කන්නෙ. ඒ නිසා ඒ වෙලාවට දෙනුයි මායි සාමාන්‍ය කයියක් ගහනව. ඔය ඇරුනහම ඉතින් අයියා ට හොරෙන් යන එන අතරමගදි දෙන පොඩි කිස් එකක් ඇරෙන්න අපිට intimate වෙන්න වෙලාවක් තිබ්බෙ නෑ.

ඒ කොහොම උනත් එයා ඇස් මානෙ ඉන්න එක හිතට සැනසීමයි. අනික දැන් එයාට ටිකක් නින්ද යනවා. ඒ treatments නිසාද එයා අපේ ගෙදර ඉන්න නිසාද කියන්න මං දන්නෙ නෑ. ඒත් දෙනූ නම් කියන්නෙ මෙහෙ ඉද්දි එයා තනියෙන් නෙවේ කියන හැඟීම දැනෙද්දි හිතට හරි සැහැල්ලුයි කියලා. එයාගෙ කෑම රුචිය පවා වැඩිවෙලා. මං කැව්වෙ නැතත් එයා දැන් අර හිඟන්නෙක් කනවට වඩා කනවා. අනික ගෙදර වැඩ කරන්න මහන්සි වෙන්න දේකුත් නෑනෙ. ඒනිසා එයා ඉක්මනට සනීපවෙයි කියලා මට හිතුනා.
________________________________________

එදා අයියා රෑ එන්න පරක්කු වෙනව කිව්ව නිසා මායි දෙනුයි කාලා ඉවරවෙලා සාලෙට ආව විතරයි කාර් එකේ සද්දෙ ඇහුනා. අපි දෙන්නා එළියට එබුනහම දැක්කෙ කාර් එකෙන් බහින අයිය එහාපැත්තෙන් ගිහින් අනිත් දොර අරිනවා. ඒ කවුද බොල.

සමීර!! මේකා මොකෝ මේ..

මායි දෙනුයි ඉස්තෝප්පුවට ආවහම අයියා වේගෙන් අඩි තියතිය සමීරගෙ අතිනුත් ඇදගෙන ගේ පැත්තට ආවා. මුන්ට මක් වෙලාද.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now