හතළිස් අටවෙනි පරිච්ඡේදය

1.3K 149 64
                                    


එක දවසක අපි නුපුරුදු සුවඳක
හිත හෙමිහිට බැඳුනා..
අප හමුවුනු හිනැහුනු මතකය
සසර පුරුදු හැඟුනා..
ජන්මෙන් ජන්මේඔබට හද පිදුවා..
මේ භවයේ හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා..

මං කාර් එකේ ප්ලේ වුනු සිංදුව ඕෆ් කළා. හිතට නිදහසක් දැනෙන්න ඒක දාගත්තට, ඒක හිතේ නිදහස තවත් නැතිකරනවා.. වෙලාවට මැච් වෙන සිංදු තමා මගෙ ප# ප්ලේ ලිස්‍ට් එකේ තියෙන්නෙ. රෙද්ද.

මං කාර් එක පාර අයිනට කරලා නැවැත්තුවා. මං යන මීටරයක් මීටරයක් ගානෙම මාව ආපස්සට ඇදලා ගන්නව වගේ හැඟීමක් දැනෙන්නෙ. කුරුණෑගලින් ඈතට යන්න මට හයියක් ඇත්තෙම නෑ.. මං steering wheel එකෙන් ඔලුව තියාගත්තා.

මගෙ ඔලුවත් රිදෙනව. බඩත්ගිනියි රෙද්ද. ඒ ඔක්කොටම වඩා දෙනූව මතක්වෙනවා. තාම අඬනවද දන්නෙ නෑ. මතක් වෙද්දිත් පපුව හිරවෙලා යනවා. පව් දෙයියනේ මගෙ කොල්ලා.

මට තේරෙනව එයාට ටිකක් හිතලා අඬන්න, අඬලා තීරණයක් ගන්න ප්‍රයිවට් ස්පේස් එකක් ඕනි. එයා එයාට තනියෙන් ඉන්න ඕනි කිව්ව එක වැරදි නෑ. ඒත් එයා ඉන්න මානසිකත්වෙත් එක්ක එහෙම තනිවෙන්න දෙන්න මට බයයි.. මොනව හිතනවද දන්නෙ නෑ තනියෙම. මේ මොහොතෙ උනත් ගත මෙතන තිබ්බට මගෙ හිත තියෙන්නෙ එතෙන.. මගේ දෙනූ ළඟ.

එහෙනම් එයාව තනියෙන් දාලා මං මෙච්චර දුර ආවෙ.. මං ගොඩක් වෙලා ඒක කල්පනා කළා..

ඇයි එයා මගෙ මූණ ට දොර වහද්දි මට එච්චර වේදනාවක් දැනුනෙ.. ඇයි මං එහෙම්ම හැරිලා එන්න ආවෙ.. Oh fvck! What is this damn feeling!

මෝඩයෙක් වෙන්න එපා අජීනු. එයාට දහසක් ප්‍රශ්න තියනවා. උබව හුරතල් කරකර ඉන්න වෙලාවක් නෑ. එයා සමහරවිට කල්පනා කරනව ඇති අම්මගෙ හිත නොරිද්දා මගෙන් ඈත්වෙන්න.. මොකද තාත්තගෙ ප්‍රශ්නෙත් එක්ක එයාගෙ ජීවිතේම පසුතැවීම කියන කලු කුහරෙට වැටිල ඉවරයි. මං දන්නව එයාගෙ අම්මා මේ සිද්දිය පාවිච්චි කරලා එයාව හිරකරයි. Guilt එක හැමදේටම වඩා බරයි.. ඉතින් එයා ඒ නිසා අම්මව තෝරගත්තොත් ඒක පුදුම වෙන්න දෙයක් නෙවේ.. ඒ එයාට ජීවිතේ දුන්නු, කිරි දීලා ලොකු කරපු අම්මා.. මං ජීවිතේ අතරමගදි මුණගැහුනු හුරු පුරුදු ආගන්තුකයෙක්. ඒකතමා ඇත්ත හිත කොච්චර පිළිගන්න අදිමදි කළත්..

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now