🌹4

6 1 0
                                    

"සර් මේ ප්‍රශ්නේ අවුලක් තියෙනෝ.සර් කිව්ව විදියට ......... ගත්තත් එනවා ඒත් ......... මෙහෙමත් එනවා.හැබැයි උත්තරෙ වෙනස් සර්."

(තිත් ඉරි වලින් පිසික්ස් ගැන දෙයක් කියන්නේ.ගනන් ගන්න ඒපා.)

"ඔයා කියන විදිය හරි තමයි.ඒත් මේක 13 වසරේ ක්‍රමෙකට හදලා තියෙන්නේ.එතකොට.."

"ආහ් සොරි සර් මං පොඩ්ඩක් කලින් ඉගෙන ගත්තා.ගෙදර ප්‍රයිවට් ‌ගෙනැල්ලා."

"ආ ඒකට කමක් නෑ.අර කාමරේ ඇතුලේ මාකින් පැනල් ඇති එයාලට ඔයාගේ කියන්න.ඔයාගේ පේපර් එත බලපු කෙනා වැරුද්ද හදලා දේවි."

"හරි සර්.තැන්කිවු සර්."

.

.

.

"එක්ස් කිවුස්මි අයියේ.සර් කිව්වා මේ ප්‍රශ්නෙට හරි දෙන්න පුළුවන් කියලා.ම‌ගේ අං‌කේ 26****45"

"අ‌ා අර ඉන්නේ අර අයියා ගාවට යන්න."

"ඔයි මචන් මේ මල්ලිගේ පේපර් එකේ අවුලක් බලහන්.."

ඒ අයියා පැනල් එක දෙදරන්න කෑ ගැහුවා.හොද වෙලාවට සර් නැත්තේ.

"හ්ම්"

වට්ට සයිලනස් පොරක්.හැබැයි පට්ට හැන්ඩ්සම්.අපොයි කෙලි ගතිගුණ.කම්ටු ප්‍රෙසන්ට් මෑන්.

"මොකක් ද ප්‍රශ්නේ."

"MCQ 14 උත්තරේ 4 ත් හරියනවා."

"එහෙම වෙන්න බෑනේ ප්‍රස්තාරේ ඇන්දම 2 වෙනි උත්තරේ  තමයි එන්නේ."

"නෑ නෑ අයියේ 4ත් හරි යනවා.සර් හරි කිව්වා.******* සූත්‍රෙ දැම්මම 4 වෙනි උත්තරේ එනවා."

"මල්ලි එක 13 වසරේ එකක්.ඔයාට 98 මදි වෙලාද."

"ඒත් අයියේ සර් කිව්වා හරි දෙන්න කියලා."

"සර් කියන්න ඇති.ඒත් මල්ලි ‌මේකට දෙන්න බෑ."

"ඒත් අයියේ උත්තරේ ඒකත් හරි යනවනේ."

"මල්ලි ඔව් ඒක හරි තමයි.ඒත් ඔයාට හරි විතරක් දීලා අනිත් අයට අසාධාරණයක් කරන්නේ.තව කොච්චර කනේ පාරක් ගහපු අය ඇතිද මේ ළමයි 3000 ඇතුලේ.ඒ නිසා මෙතනිත් ඔය ලකුණ අරගෙන් ගියොත් හොදයි.මං ‌මේ ගැන සර්ත් එක්ක කතා කරන්නම්."

Reborn With YouWhere stories live. Discover now