..
..
...
.
.ධතාශ්ට ඕන උනා ඉක්මන් කරලා වැව ගාවින් එහාට යන්න....දැල් දාන හැටි පෙන්නන්න ඕන උනත් මාලු ගන්න එන ගමේ මිනිස්සුන්ගෙ අවදානේ ඉර එලියට දිලිසෙන වීදුරු ඇස් දෙකක් ගාව නතර වෙද්දි.....ළඟින් ඉන්න කෙනාට ඇඟිල්ලෙන් අනින ගමන් කලාතුරකින් අවු කාශ්ටකේ ජීවත් වෙන මිනිස්සු අතරින් කෙනෙක්ට පිහිටන පැහැපත් හමේ පාට ගැන ලෝක පුදුමයක් හා සමානව අමුතු විදිහට කතා කරද්දි....ධතාශ්ට ඉක්මනටම ඕන උනා එතනින් අයින් වෙලා යන්න...අප්පච්චිට මූන දෙන්න බැරිකමට තීනු හැංගුනා උනත්...තවත් නොපෙනෙන තරමට එයාව හැමෝගෙන්ම හංගන්න හිත කෑ ගැහුවා...
ඒ උනත් ඉතින් .........
..මේහ් හලෝ...ඔයාට බූන්දියක් දෙන්නම්ද.........
එතනින් එක්කගෙන යන්න හැදුව තීනු නොහිතපු විදිහට ඇස් දෙක එක්ක අතක් එලියට දාලා බූන්දි මල්ල අප්පච්චිට දික් කරද්දි ධතාශ්ගේ ඇස් ලොකු උනා...එයා හිතුවෙ නෑ කතා කරන්න බයේ මූන හංගන් හිටිය කොල්ලා එකපාරටම මෙහෙම බය නැතුව කතා කරයි කියලා..
..මොනා කිව්වා....
තීනුගෙ කතා විලාසෙට අප්පච්චිගේ මූනෙ හිනාවක් ඇදුනා...පේන තරම් නපුරු නෑ...එක් කෙනෙක් වගේ නෙවේ එයා නම් හිනාවෙන්නත් දන්නවා....
..බූන්දි හලෝ බූන්දි..ඔයා කනවද..
..ආහ්..
...මට තියෙනවා...මං කෑවා...
තීනු තාමත් ධතාශ්ගේ අතේ එල්ලීගෙන......හැබැයි එයා චුට්ටක් ධතාශ්ගේ අස්සෙන් එලියට ඇවිත් බූන්දි දාපු සිලිකවරේ අප්පච්චිට දික් කලා....ඒක ගන්දෝ නොගන්දෝ කියලා අප්පච්චි තිනු දිහාත් ධතාශ් දිහාත් මාරුවෙන් මාරුවට බලද්දි තීනු ආයෙමත් කිව්වෙ එයා කෑවා කියලා....එයාට දැන් ඇතිලු....
..කමක් නෑ ඔය ළමයා කන්න...
..ඇයි ඒ කන්න බැරි...ඔයාටත් අපේ ඩැඩා වගේ දියවැඩියාව තියෙනවද හලෝ...
ධතාශ් ඇස් හීනි කරන් කොල්ලා දිහා බැලුවා...මේක හරියන්නෙ නැ..කෝල් එකක් වගේ මෙයාගෙ වැඩේ හලෝ හලෝ ගාන එකමයි...
..එහෙම ලෙඩ නෑ ලමයෝ...මන්මේ විටක් කෑවා...ඒකටම පැනිරහ කන්න බෑනේ..