0129

1.3K 287 126
                                    


..

..

..

    ඒක පින්සාර භූමියක්...කද සුරිදුන්ගේත් වල්ලි මාතාවගේත් අනුහස ලබපු මහ පුදුමාකාර තරමේ ආශ්චර්යය තියෙන භූමියක්.....දෙවියන් වෙනුවෙන් කැප උනු...දෙවියන්ගෙ නාමෙන් කාටත් කරදරයක් නොකර තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන මිනිස්සු හුස්ම ගන්න භූමියක්......

   කතරගම පහු කරාන සෙල්ලකතරගමින් ඇතුලට යත්ම තිබුනේ හේන්වලින් වටවුනු කුඩා ප්‍රමානෙ වැව් කීපයක් අරක් ගත්තු ගම්මානයක්.....බැලූ බැල්මට අනුරාධපුර පොලොන්නරු පැතිවල ස්වරූපයක් ගත්තා උනත්....ඒ තරම් උස නැති ගස්...පදුරු ගැහුනු ගස් එක්ක කාශ්ටක පරිසරේට ඔරොත්තු දෙන්නම හැදුනු පත්‍ර සිහින් උනු ගස් වර්ග හැම තැනකම පිරිලා තිබුන තරම්.....පාරවල් දෙපස හැඩ කරන්න කොයිවෙලාවෙත් ඉලුක් පදුරු පිරිලා තිබ්බා වෙද්දි...වැව නිසාම ඒ තරමට රස්නයක්....කාශ්ටකයක් නොදැනුනත්....ඕනාවටත් වඩා කාශ්ටකය දැනුනු අවස්තාත් නැතිවම නෙවේ...ඒත් කලින්ට වඩා ඒ කාශ්ටකේ දැනෙන්න ගැටේ හංදියෙන් ගුරු පාරට හරවන පාර ලග තිබුනු විසාල මාදං ගහ කපා දාලා එතැන සිල්ලර කඩයක් දාලා තියෙද්දි....ධතාශ්ට බර හුස්මක් පිට උනේ ඉබේටමයි....

   ගුරු පාරට තාර දාලා.....තාර පාරෙ රස්නේ වාහනේ ඇතුලට පවා දැනෙනවා......තෙරක් නොපෙනුනු ගුරු පාර වැව් බැම්ම උඩින් වැවත් එක්කම ඇදීගෙන යනහැටි දකිද්දි හිතට කවදත් සැනසීමක් දැනුනා උනත්...තාර පාරෙ අලු පාට එක්ක වැවේ නිල්ල කොහෙත්ම නොගෑපෙනකොට දැන් නම් හිතට දැනුනෙ අපහසුවක්....දෙපස තිබුනු ඉලුක් පදුරු පවා එලි කරලා දාලා කානු කපල තීයෙන හැටි දකිද්දි මොකක්දෝ දෙයක් මග හැරුනු බවක්....

..ට්‍රීං ට්‍රීං...

   ඒක තනි පාරක් නිසාම අනිත් වාහනවලත් යන්න ඉඩ ඇරලා ධතාශ් වේගෙ අඩුවෙන් වාහනේ අරන් යද්දි......එයාට එහාපැත්තෙන් ඇහුනේ සයිකලයක් බෙල් එක ගහගෙන යන හඩක්.....ඒ සයිකල් ඊලග මොහොතෙම වාහනේ පහු කරලා යන්න යද්දි.....සයිකලේ පැදන් ගිය පිරිමි රූපයත්....පොල්ලෙ වාඩිවෙලා යන්න තවත් ලාබාල පිරිමි රූපෙකුත් දකිද්දි.....ධතාශ්ට තීනුගෙ මූන දිහා බැලුනෙ ඉබේටමයි....හිතන්න දෙයක් නෑ....තීනුගෙ ඇස්දෙකත් ඒ වෙනකොට තිබුනේ ධතාශ් ලග.....

🍁නූශ්🍁Where stories live. Discover now