පහළොස්වෙනි පරිච්ඡේදය

1.3K 196 18
                                    

"පොඩීහ්!!"
දෙනූගෙ ඇස් දෙක නළලෙ. මට හිනත් ගියා. මෙව්වනෙ සප්‍රයිස්.

"හායි මිස්ට දෙනුවන්, හවුස්ද ඩේයි?"
"පිස්සු ඔයාට නම්." දෙනූ එහෙම කියලා මාව ඇදල ගෙට අරන් දොර වැහුවා.
මං එයා දිහා බලන් හිනා වුනා. එයා මට ඔරවනව. යකෝ දැං මතක් වුනේ නැද්ද කියලා අහපු එකා නෙවේද මේ..
"ඇයි දැන් මං ආපු එකට කැමති නැද්ද?"
මං ඇහුවෙ බොරුවට.
"කලින් කියලා එන්න තිබ්බනෙ. මං උයන්නවත් ලෑස්ති කලේ නෑ."

එයා කිව්වම තමා මට නෝට් වුනේ. ඒ කියන්නෙ මෙයා රෑට උයන්න නෙවෙයිද ඉඳලා තියෙන්නෙ. මගෙ මූඩ් එක වෙනස් වුනා.
"මොකද්ද කියන්නෙ අයියේ? මට පොරොන්දු වුනා නේද වෙලාවට කනව කියල?" මං ඇහුවෙ ටිකක් තරහින්.
"නෑ නෑ. එහෙම නෙවේ. මං කඩෙන් බත් එකක් ගෙනාව. ඒකයි කිව්වෙ." එයා පැත්තක තිබ්බ පාර්සලයක් පෙන්නුවා.
"මං කාලා ආවෙ." මං සෝෆා එකෙන් ඉඳගෙන කිව්ව.
"එහෙම හරියන්නෙ නෑ. මේක දෙන්නම කමු." එහෙම කිව්ව එයා බත් පාර්සලෙත් අරන් කුස්සියට ගියා. එතකොටයි මට ඇදුම නෝට් උනේ. අලුපාට ස්වීට් පෑන්ට් එක්කට සුදු පාට ෂර්ට් එකක් දාලා. එයා මටත් වඩා පොඩියට පේන්නෙ. මං කිව්වෙ වයසින්.

එයා බත් එක පිඟානකට දාන් ආවෙ මටත් කවන්න. ඒත් දැං එයා මට කැව්වොත් අන්තිමට වැඩිපුර කන්නෙ මං.
"ඉන්නකො. ඔයා හැමදාම කවනවනෙ. අද මං ඔයාට කවන්නම්." මං එහෙම කියලා අතත් හෝදන් ආව. ඇවිත් බත් එක ඉල්ලගත්තා. දෙනූ බයවෙලා වගේ බලන් ඉන්නව.

මං හිමින් බත් එක අනන්න ගත්තා. වැඩියෙ මාලුව අනන්නැතුව පරිප්පුයි, බැදුමකුයි අනලා මං එයාට කැව්වා. එයා අමුතු විදිහට බලාගෙන කනවා. මට තේරෙන්නෙ නෑ ඇයි කියලා.
"ඇයි?"
"මොකුත් නෑ."
එයා එහෙම කිව්වත් මොකක්හරි තියනවා.
"මට අම්ම පොඩිකාලෙ කැව්වට පස්සෙ මේ කෙනෙක් කවනවමයි."
දෙනූ හිමින් සැරේ කිව්වා. ඒකට නම් මටත් මොකද්ද වුනා.
"ඇත්තටම?"
"හ්ම්ම්.. මට අවුරුදු 3න් විතර පස්සෙ කවුරුවත් කවල නෑ."
ඒකට නම් මට පුදුම හිතුනා. මට අදටත් අයියා හරි කවනවා. අම්මත් කොච්චර බිසී උනත් 5 වසරට විතර එනකන්ම කැව්වා. ඒත් එයා.. දෙයියනේ මේ මනුස්සය ආදරේ කියලා දෙයක් විඳලම නැද්ද..
"කමක් නෑ. දැන් මං ඉන්නවනෙ. ඉස්සරහට මං කවන්නම්." මං එහෙම කිව්වහම දෙනූ හයියෙන් හිනාවුනා.
"හා." එයා කිව්වෙ හිනාව අතරින්මයි. එයා හරිම ලස්සනයි. මං ඒ ලස්සන මුන දිහා බලන් හිටියා.
...............................................................

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now