ඉතින් ළමයි, මේ තියෙන්නෙ මගෙ දෙවෙනි කතාව (ඇත්තටම තුන් වෙනි එක මං එකක් ලියලා මඟින් නැවැත්තුවා ඒ නිසා මේක දෙවෙනි එක) පළවෙනි bl එක. මේක නානකොට ගහපු මනෝ පාරක් ඇසුරෙන් ලියවෙන ලද්දකි. චරිත වල, කතාවට අදාල තැන් වල මොනාහරි කේස් සහිත දෙයක් තිබ්බොත් කියන්න. ඒනම් ආදරෙන් සාදරයෙන් පිළි ගන්නවා කතාවට.
මෙයා යුහංස තත්සිළු දිව්යාන් වීරක්කොඩි. දැනට ලංකාවෙ කොළඹ තියෙන ප්රධාන පිරිමි පාසලක ඉගෙන ගන්න තව මාස පහ හයකින් ඕ ලෙවල් කරන්න ඉන්න, කියන දෙයක් නාහෙට අහන්නැති පවුලෙ එකා යකා කොල්ලෙක්. මෙයාට ලස්සනට සිංදු කියන්න, ඕනෙම sport එකක් කරන්න වගේම මිනිස්සුන්ගෙ ඔලු පලන්න, දත් ගලවන්න, කනවල් පලන්න වගේ දේවල් පුළුවන්. අහ්හ් කියන්න අමතක උනා නෙ. මොන නසරාණි, කඩාකප්පල් වැඩේ කරත් එක එක්සෑම් එකකදිවත් මෙයා තරම් ළකුණු ගන්න සිස්සයෙක් මෙයාලගෙ සෙක්ශන් එකටම නෑ. කොල්ලා දස්සයා හුම්...
එතකොට මේ ඉන්නෙ අශින්ය නිර්වාණ් හිමංසක තෙන්නකෝන් . මෙයා නම් ඉන්නෙ ලංකාවෙ පළවෙනි රාජධානිය වෙච්ච අනුරාධපුර. අනුරාධපුර තියන ප්රධානම පිරිමි පාසලකට මෙයා යන්නෙ. මෙයා ගැන කියනවා නම් මෙයාට ගොඩාක් හොඳට ඉගෙන ගන්න පුලුවන්. ඒත් වැස්සට වහලෙ හිල් වෙලා ඉන්න තැන තෙමුණත් ඉස්සරහ පේලියකට යන ගොයියෙක් නම් නෙවෙයි මෙයා. නිධානෙට අරක් ගත්ත බහිරවයෙක් වගේ මෙයත් පිටිපස්සෙ පේලියට අරක් අරන් ඉන්නෙ. මෙයාටත් තව ටික දවසකින් ඕ ලෙවල් ලියන්න තියෙනවා. මෙයා නම් බාස්කට් බෝල් පාරක් ගහගෙන චිල් එකේ ඉන්නවා. අහිංසක නම් නෑ බලෙන් වලි දාගන්නෙත් නෑ. තාත්තට විතරයි මෙයා බය.
YOU ARE READING
Apratyāśit Prem
Romance"අශී, මෙහෙ බලනවා මං තමුසෙට කතා කරන්නෙ, තමුසෙලගෙ උන් කොහොම දැඟලුවත් තමුසෙ මගෙ එච්චරයි. තමුසෙ ගෙ අප්පච්චි නෙවෙයි අප්පච්චි ගෙ අප්පච්චි ඇවිත් කිව්වත් මං තමුසෙව අත් අරින්නෙ නෑ නෑ නෑමයි. දැන් මිනිහා මැරිච්ච මිනිහා වගේ මූන එල්ලගෙන ඉන්නැතුව එනවා මං ගාවට" . ...