Part 05

58 12 2
                                    

"පුතා ඉක්මනට ලෑස්ති වෙන්න 9 වෙද්දි අපි යන්න ඕනෙ hurry up!"

පෙරේදා කැලේ ගෙදරට ඇවිත් මේවා අස් කරලා ගෙනාපු ඒවා පිළිවලකට තියලා අස් කරලා ඉවර වෙලා ඊයෙ අම්මයි තාත්තයි මායි ඇවිදින්න ගියා තාත්තට අලුත් පොලිස් ස්ටේශන් එකේ වැඩට යන්න තියෙන්නෙ හෙට. ඒ හින්දා අද මාව අලුත් ඉස්කෝලෙකට ඇදගෙන යන්න මේ දෙන්නා හදන්නෙ.

ගෙදර ඉදන් පැයක් වගේ ගියාම තමයි අලුත් ඉස්කෝලෙට යන්න තියෙන්නෙ. මේක නම් මං කලින් ගිය ඉස්කෝලෙ තරම් ලොකු නෑ මං අම්මයි තාත්තයි එක්ක gate එකෙන් ඇතුළට එද්දි මේකෙ ඉන්න ඇටකිච්චොයි හයේ හතරෙ උනුයි සේරම  ටික මගෙ උඩ ඉඳන් යටටම බලන්න ගත්තා. හහ් යකෝ මුන් ලස්සන කොල්ලෙක්ව දැකලා නැද්ද.?

ඉස්සරහට දුවගෙන ආපු හය වසරෙ විතර සයිස් බට්ටෙක් ගෙන් තාත්තා ප්‍රින්සිපල් ගෙ ඔෆිස් එක තියෙන තැන අහගත්ත නිසා අපි ඔෆිස්  එක ගාවට ගියා ඒ යද්දි ඇතුලෙ කවුරුහරි ඉන්නවා මේ මිනිස්සුන්ටත් මං එන වෙලාවටම මේවට රිංග ගන්න ඕනෙ උනානෙ.

පැය බාගෙකින් විතර අපේ වයසෙ විතර කියන්න පුලුවන් කොල්ලෙකුයි හෙන මැර මූනක් තියන ටිකක් නාකි අන්කල් කෙනෙකුයි කොල්ලගෙම ශේප් එක තියෙන ඇන්ටි කෙනෙකුයි එලියට ආවා. ඒගොල්ලො එලියට ආවට පස්සෙ අපිට ඇතුළට එන්න කිව්ව හින්දා අපි ඇතුළට ගියා.
.
.
.
.
.
.
"පුතාගෙ කලින් ඉස්කෝලෙ reports  නම් හුඟක් හොඳයි මිස්ටර් වීරක්කොඩි. ඉගෙන ගන්න වැඩ වලට වගේම sports වලටත් පුතා හුඟක් දක්ශයි නෙ. මෙහෙදිත් මේ විදියටම sports කරනවද?"

"ඔව් සර්. පුතා කැමති නම් අපේ අකමැත්තක් නෑ."

"ම්ම් හො‍ඳයි මිස්ටර් වීරක්කොඩි, එතකොට කොළඹ ඉදන් හදිස්සියෙම මෙහෙ ආවෙ ඇයි.?"

මේ ප්‍රින්සිපල්කාරයටත් ඕන්නැති ඕපදූපයක් නෑනෙ. ළමයෙක්ව ඉස්කෝලෙට දාන්න ආවම ඉස්කෝලෙට ගන්නැතුව යටට ඇදන් ඉන්න ලන්කට් එකේ පාට ඉදන් අහන්න ගත්තනෙ. අපේ තාත්තත් ඉතින් short and sweet විදිහට වෙච්ච ටික කියලා දැම්මා.

"ම්ම් මට තේරෙනවා මිස්ටර් වීරක්කොඩි ඔය වගේ ප්‍රශ්න හැමතැනම තියෙනවා. පුතා ඕවා ගැන හිතන්නෙ නැතුව හොඳට ඉගෙන ගන්න වැඩ ටික කරගන්න ඕනෙ හරිද.? පුතා දක්ශ නිසා වැඩ ටික කරගන්න පුලුවන් වෙයි. අනික සතියක් වගේ යද්දි පුතාට හොඳ යාලුවො ටිකකුත් හම්බ වෙයි."

You've reached the end of published parts.

⏰ Last updated: May 09 ⏰

Add this story to your Library to get notified about new parts!

Apratyāśit PremWhere stories live. Discover now