"බබා නැගිටින්න පැටියො"
"ම්ම්ම්හ් අනෙහ් අම්මා five minutes..
"අද නම් වන් මිනිට් වත් දෙන්න බෑ පුතූ... කෝ නැගිටින්නකො හොඳ ළමයා වගේ"
"අනේ අම්මා.. යන්නකො නිදාගන්න දීලා"
"යුහංස බබා නැගිටින්න අර ලොරියත් ඇවිත්."
"ලොරියක් අනෙහ් ම්ම්හ් ඒ මොකටද ඒ.?"
"අයියෝ බඩු ටික ගෙනියන්න ළමයො කෝ නැගිටලා මේ කාමරේ තියෙන ටික දාගන්න දෙන්න ඒ මිනිස්සුන්ට"
"අනෙහ් හරි හරි අම්මා යන්න මං නැගිටින්නම්"
"හරි මං ආයිත් ඇවිත් බලද්දි නිදාගන හිටියොත් තාත්තව එවනවා හරිද.?"
"ම්ම්හ් හරි හරි අනෙහ්"
.
.
.
"යුහංස කෝ ඔය නැගිටලද.? අහ් ඉන්නකො මං හොඳ වැඩක් කරන්න""අයියෝ අම්මා ඇයි ෆෑන් එක ඕෆ් කරේ"
මෙයාලා මෙයාලගෙ එකම ළමයට කරන දුෂ්ටකම්. එයාලට මොකෝ ඒගොල්ලො නිදා ගත්තනෙ
"ආ මේ නැගිට්ටෙ ලස්සනට හරි හරි දැන් ගිහින් වොශ් එකක් දාගෙන රෙඩ් වෙලා එන්න මේ ටික දාලා අපි යන්න ඕනෙ"
අයියෝ එපා වෙනවා අප්පා... ඊයෙ ලීවින් එක ගත්ත හින්දා හවස යාලුවො ටිකයි ටීම් එකේ කට්ටියයි එක්ක පොඩි පාටියක් දාලා ගෙදර එද්දි ටිකක් රෑ උනා.
මොනා කරන්නද ඒත් කොළඹට බායි කියලා අර වන්නියට යන්න එපැයි ඕනවට වඩා අවංක වෙන්න ගියාමත් මාර ලෙඩ වැටෙන්නෙ මේ පේන්නැද්ද අපේ තාත්තා දාගන්න ලෙඩ.
මං නැගිටලා වොශ් එකක් දාගෙන ඇවිත් කාලා ඉවර වෙලා ලොරියට බඩු ටික පටවන අයට උපදෙස් දිදී හිටියා. මගෙ වටින දේවල් එහෙම එයාලට ආස ආස විදියට පටවන්න දෙන්න බෑ නේ හහ්. ලොරිය බඩු ටිකත් පටවගෙන යන්න පිටත් වෙන්න හදද්දී මායි අම්මයි තාත්තායිත් කාර් එකේ එයාලට ඉස්සරහින් ආවා.
උදෙත් හරියට නිදාගන්න දුන්නෙ නැති නිසා මං එන ගමන් spotify එකෙන් ආසම සිංදු add කරලා හදාගත්ත ප්ලේ ලිස්ට් එකත් අහන ගමන් නින්දක් දැම්මා පැය දෙකහමාරක් විතර ගියාට පස්සෙ ඇහැරිලා බලද්දි අපි හිටියෙ ටවුන් එකකින් ඈතට වෙන්න ටිකක් ගමක් වගේ පැත්තක මළ වෙඩිමයි මේ කැලේද ඉන්න යන්නෙ සිග්නල් කණු අරික්කාලක්වත් නෑ මං කාර් එකෙන් පැනලා ආයි ගෙදර යනවා ඇත්තමයි
YOU ARE READING
Apratyāśit Prem
Romance"අශී, මෙහෙ බලනවා මං තමුසෙට කතා කරන්නෙ, තමුසෙලගෙ උන් කොහොම දැඟලුවත් තමුසෙ මගෙ එච්චරයි. තමුසෙ ගෙ අප්පච්චි නෙවෙයි අප්පච්චි ගෙ අප්පච්චි ඇවිත් කිව්වත් මං තමුසෙව අත් අරින්නෙ නෑ නෑ නෑමයි. දැන් මිනිහා මැරිච්ච මිනිහා වගේ මූන එල්ලගෙන ඉන්නැතුව එනවා මං ගාවට" . ...