Part 03

213 17 48
                                    

"යුහා එතකොට උබ අනුරාධපුර යනවද බං"

"ම්ම් ඔව් එහෙම තමයි අම්මයි තාත්තයි කිව්වෙ"

"අඩෝ උබ ගියාම කොහොමද මං තනියෙන් ඉන්නෙ"

"ඇයි උබට දෝණි ඉන්නෙ"

"අනේ මගුල් දෝණි, ඒකි ඉන්නෙ ලව් කරන්නනෙ හුට්ටො මං කියන්නෙ උබ ගියාම මට යාලුවෙක් නෑනෙ උබ දන්නවනෙ මේකෙ හුඟක් උන් එක්ක මං ෆිට් නෑ කියලා"

"හරි හරි දෝණිගෙ සුදු අප්පච්චි, මං ගිහින් මාස තුනෙන් වගේ එනවා... කොහොමත් තාත්තා ආයිමත් මෙහෙට එන්න විදියක් බලයි එහෙ ගියාට"

"හ්ම් අනේ මංදා ඕයි. මේ ඒක නෙවෙයි උබට අපේ ගෙදර නවතින්න බැරිද.?"

"අයිඩියා එක නම් නයිස් මචං ඒත් මහියා උබ දන්නවනෙ අපේ අම්මයි තාත්තයි එයාලගෙ කුලුඳුලේ උපන් එකම දරු පැටියව දාලා කොහෙවත් යන්නෑ කියලා."

"අයියෝ මගුල හරි හරි එනම් උබ කවදද යන්නෙ එතකොට"

"අනිද්දා යනවා මහියා. හෙට leaving එක ගන්න ඕනෙ"

"ම්ම් හරි හෙටත් උබ එනවනෙ එනම් දැන් යමං කැන්ටින් එක පැත්තෙ මට බඩගිනී අම්බානෙක"
.
.
.
"ආ ආ පොඩි උන් මොනාද මේ උගන්නන වෙලාවෙ කැන්ටින් අස්සෙ රිංගන් කරන්නෙ"

"කැන්ටින් එක අස්සෙ ඉඳන් ළමයි හදන්නෙ නෑ නෙ නේද අයියෙ ඔයාලා කරන දේ කරන්න තමා අපිත් කරන්නෙ"

"අප්පටසිරි මේ බලපන්කො මුගෙ සද්දෙ. යුහ‍ංස උබ දන්නෑ මං කවුද කියලා"

"මොන බම්බුවක්ද බං කියන්නෙ. ඇයි හැමදාම මගෙන් අහන්නෙ උබ කවුද කියලා.? උබ අඩුම තරමෙ උබ කවුද කියලවත් දන්නෙ නැද්ද.. ආ හරි හරි ඒනම් අහගනින් මේ අන්තිම පාරට කියන්නෙ ඔයා අශේන් අපේ ඉස්කෝලෙ හෙඩ් පඹයා. හරිනෙ clear ද.? නැත්තන් තව මොනාහරි දැනගන්න ඕනෙද.?"

"අහ් නෑ නෑ ඇති. මල්ලි මේ උබ එදා සමිරු ඉස්සරහා කිව්ව ඒවටත් එක්ක මං උබට හොඳ වැඩක් කරන්නම් පරිස්සම් වෙලා හිටපන් උබ"

"ඕයි අයියෙ මං කිව්වෙ ඇත්ත උබට කරන්න හොඳ නම් අපිට කියන්න හොඳ නැද්ද.? අනික උබ මං ගැන බලාගන්නම් කියලා දැන් කවදා ඉඳන්ද නෙහ් කියන්නෙ අනේ කට පුප වහන් හිටපන් අයියෙ බොරුවට සද්ද දාන්නෙ නැතුව"

Apratyāśit PremWhere stories live. Discover now