විසිහයවෙනි පරිච්ඡේදය

1.5K 181 89
                                    

දෙනූ!!!

මං කෑගැහුවෙ කටින් නෙවේ හිතින්. එයාගෙයි පස්ස තඩිච්චිගෙයි සම්බන්ධයක් නෑ කියලා දැනගත්තම ආපු සතුටත් එකපාරටම වාෂ්ප වෙලා ගියා.එයා එහෙම කිව්වෙ ඇයි.. ඒ කියන්නෙ මගෙ හිතේ තියන දේවල් එයා දන්නවද.. ඒත් දෙයියනේ කොහොමද.. එහෙනම් එයා නොදන්නව වගේ හැසිරුනාද...

මෙතන තියන ලොකුම ප්‍රශ්නෙ එයා ඒක දැනගෙනත් මගෙන් ඈත් නොවුන එක..

අජීනු අජීනු.. come to your senses.

මං පිස්සුවෙන් වගේ ඔලුව කහන එක නවත්තල එයා දිහා බැලුවා. මට අද මේ ඔක්කොටම උත්තර ඕනි. එයා මං දිහා බලන්නෙ නෑ. මූණ බිමට හරවන් අත් දෙකෙන් වහගෙන ඉන්නවා.. ඒත් අද නම් ප්‍රශ්න වලින් පැනලා යන්න හිතන්නවත් එපා.

මං එයා ගාවට ගිහින් එතෙන එහා පැත්තෙන් ඉඳගත්තා. ඒත් එයා බැලුවෙ නෑ. මං එයාගෙ උරහිසින් අතක් තිබ්බා. ඒත් බලන්නෙ නෑ. මං ලොකු හුස්මක් පාත දාලා කතාකරන්න පටන්ගත්තා.

"ඇයි එහෙම කිව්වෙ?"
"......"
"ඔයා කොහොමද දන්නෙ?"
"......"

වැදගත් ම ප්‍රශ්න එකකටවත් එයාගෙන් උත්තර නෑ. හැමවෙලාවකම සන්සුන්ව ඉන්න එයාගෙ මෙහෙම messy side එකක් දැක්කහම මට පුදුම හිතුනා. එයාගෙ perfect චරිතෙ බිඳිලා flaws එලියට එන හැටි ලස්සනයි. එයාට තවත් ආදරේ හිතෙනව එතකොට..

"අයියෙ, මං දෙයක් ඇහුවා. " මං ඊලග පාර ටිකක් තදින් ඇහුවා.. නැත්තන් උදේ වෙනකන් ම මෙහෙම තමා ඉන්න වෙන්නෙ..
"මං ගෙස් කරා." මොන වඳුරු කුණුහරුපයක්ද ඒ..
"ඒ කිව්වෙ?"
"ඔයා එකපාරටම අවුල් යන්න හේතුව ගෙස් කරා."
හරි ප# ගෙස් තමා එව්වා. හැබැයි ඉතින් ඇත්තනෙ.. මෙයාට තියෙන්නෙ දේවාලයක් දාන් සාස්තර කියන්න..

"ඒත් එහෙම එකපාරටම ගෙස් කරන්න බෑනෙ. මං අහන්නෙ මගෙ හිතේ තියන දේවල් කොහොමද දැනගත්තෙ?"
ඇත්තටම මේව අහද්දි මං ලැජ්ජා නහරෙ කපලා හිටියෙ. කටක් ඇරලා අහන්න පුලුවන් ප්‍රශ්නද මේ.. සොට් එකක් දාලා ආපු එකත් හොඳයි.
"......."
දැන් ගොලුවෙලා. කතාකරන්න ඕනම වෙලාවෙ කතාකරන්නෑ යැයි යැයි ගෑවා.. කවුද දන්නෑ දැන් පිට්ටු ගිලලා වගේ ඉන්නෙ.

"අයියෙ, කතාකරන්න. කවද්ද ඔයා දැනගත්තෙ? ඇයි එහෙනම් දන්නෑ වගේ හිටියෙ?" මං ඉතිං මහ පගය වගේ කියවන් ගියා. මං මෙතන පිස්සෙක් වගේ තනියෙන් කියවනවා. මෙයා බිම බලන් ඉන්නවා. ඒ පාර නම් මටත් යකා නැග්ගා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now