කවුරුන්ද මා ඔබේ 9

2K 314 6
                                    

පඩිපෙළ ලගම තියන ලොකු අඹ ගහ පාස් කරද්දිම කවුරැහරි මගෙ කට වහල මාව පිටිපස්සෙන් ඇදල ගත්තෙ වේගෙන්.

"ම්..ම්..ම්...හ්"

        මට කෑ ගහන්නත් බෑ....මොකක්දමේ වුණේ......දැඩි අතකින් මගෙ කට වහගෙන .මං පුලුවන් තරම් දැගලුවත් ඌ මාව තද කරල අල්ලගෙන ...අඹ ගහට මුවාවෙලා...එතන ටිකක් කලුවරයි..ඒත් මට පිටිපස්ස හැරිල මොකාද කියලවත්  බලන්න බෑ .මූ මාව හයියෙන් ම අල්ලගෙන.

"සද්ද කරන්න එපා"

        කනට කරල  රහසින් කියද්දිම මං අදුන ගත්ත කවුද කියල....අභිලාශ්...යකෝ මූ හැමදාම රෑට මෙතන මොන කෙහෙල්මලක් ද කරන්නෙ.අදත් මට අංචියක් අදින්නද...මං තව ටිකක් දඟලද්දිම ඌ මාව එකපාරටම කරකවල උගෙ පපුව පැත්තට හරවාගෙන තද කරගත්තෙ මට හිතන්නවත් ඉඩක් නොතිය.

   "ෂ් ෂ් ෂ්..."

    එයා අත් දෙකෙන්ම මාව පපුවට තද කරගෙන.ඉස්සරහ බලාගෙන. හරියට හොරයක් අල්ලන්න වගේ.ඒත් හැමතැනම හරි නිශ්ශබ්ද යි.අතරින් පතර ඈතින් උල් ලේනෙක් කෑ ගහන හඩක් ඇරෙන්න වෙන කිසිම සද්දයක් නෑ.

    එයාගෙ නිකටෙ රැවුල මගෙ නලලෙ ගෑවෙනව.මට අමුතුම හැඟීම ක් එනව එහෙම තද වෙලා ඉද්දි.මං ඔලුව ටිකක් පැත්තට හැරෙව්වෙ ඒ විදියට හිර වෙලා ඉන්න අමාරු හින්ද. මගෙ නහය එයාගෙ බෙල්ලෙ වැදුණ. ගොඩක් සුවදයි..ඒත් ඒ දුප්පත් සුවදක් නෙමේ..පෝසත් සුවද ක් කියලමයි මට හිතෙන්නෙ.

       එයා හුස්ම ගද්දි පපුව උස් පහත් වෙන එක මට හොදට දැනෙනව. .......ඒත් මගෙ හුස්ම ටිකක් වේගෙන් ගැන්නවෙනව වගේ.පපුවත් සද්දෙටම ගැහෙනව.....මට බයයි පපුව ගැහෙන්න සද්දෙ එයාට දැනුණොත් වස නෝන්ඩියි.මොනව වුණත් මං දඟලන්නෙ නැතුව බලාගෙන හිටියෙ මොකද වෙන්නෙ කියල.මට පොඩ්ඩක්වත් දඟලන්නත් බෑ.ඒ අත්වලට හිරවෙලා...මොකක්ද මෙයා මේ කරන්නෙ.මට සද්ද කරන්නත් එපා කියල..

      ටික වෙලාවක් ගියත් තාමත් මං ඒ පපුවට හිරවෙලා ඉන්නෙ.ඒත් කිසි දෙයක් වුණේ නෑ........මගෙ දකුණු අත තිබ්බෙ එයාගෙ පපුවෙ වම් පැත්තට තද වෙලා.එයාගෙ දුහුල් ටී ශර්ට් එකට උඩින්  අහුවුණ නිපල් එක උඩ මගෙ දබර ඇඟිල්ල එහෙමෙහෙ වුණේ ඉබේම වාගෙ.

කවුරුන්ද මා ඔබේWhere stories live. Discover now