කවුරුන්ද මා ඔබේ 16

2K 302 8
                                    

රොහාන් සර් කට්ටිය එක්ක ගියෙ කිචන් එකට.තිවංක සර් මොනවද කියවනව සර් එක්ක........රොහාන් සර් හැම දෙයක් ගැනම විමසිල්ලෙන් බලනව.එයාට හැම අංශයක් ගැනම ලොකු දැනුමක් තියනව වගේ..ඔව්නෙ පොතේ පතේ දැනුම කොච්චර තිබ්බත් ප්‍රායෝගික දැනුම නැත්තම් කොහොමද මෙච්චර දියුණු ආයතනයක් හදන්නෙ.

         මං කිචන් එක පැත්තට ගියෙ යන්තමට මොකද වෙන්නෙ කියල ඇහැ දාල බලන්න........දෙයියනේ.... ..ජෙහානය, සර් එක්ක කතාව.රොහාන් සර් පැහැදිලිව අහගෙන ඉන්නව.ජෙහානය ලොකු විස්තරයක් කරනව..හරිනෙ..මං කිව්ව අර මෝඩයට.හැමදේම විහිලුවට ගන්න එකේ සීමාවක් තියනව......දැන් රොහාන් සර් මොන වගේ තීරණයක් ගනීද දන්නෙ නෑ.අනික ජෙහාන්ගෙ තොල්වල තුවාලත් අලුත් පිටම පේනවනෙ.තොල් ඉදිමිලා.

       රොහාන් සර් ඊට පස්සෙ ගියෙ ගබඩාවට.පැය බාගයක් විතර ගබඩාව චෙක් කරල සෙට් එක යද්දි කිචන් එක ලගින් රොහාන් සර් තිවංක සර්ට ආයෙත් කතා කරා.

      "මිස්ටර් තිවංක, අභිලාශ්ට පොඩ්ඩක් මාව හම්බෙන්න කියන්න.."

      රොහාන් සර් කියද්දිම මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්ත .අභී පේනමානෙක නෑ.මං එකපාරටම බැලුවෙ ජෙහානය දිහා.උගෙ මූණ හිනාවත් එක්කම සතුටින් දිලිසෙනව.මට ඌත් එක්කත් තරහයි.අභී එක්කත් තරහයි.

  රොහාන් සර් යද්දිම අභී ඇවිත්......

   "අභිලාශ් ,  සර් කිව්ව පොඩ්ඩක් හම්බවෙන්න කියල"

        තිවංක සර් කිව්වෙ අභී දිහා බලල.ඒත් එයාගෙ මූණෙ කිසිම වෙනසක් නෑ.අඩුම තරමෙ කුතුහලයක්වත් , බයක්වත් නෑ.

   "හරි සර්..මං යන්නම්"

      අභී ගියෙ කට ඇරන් බලන් ඉන්න මට කට කොනකින් හිනාවක් දාල ඇහැකුත් ගහල......මොකෙක්ද මන්ද..එල්ලුම් ගහටත් හිනාවෙලා යයි.
 
              *         *           *         *

     "රොහාන් සර් මොකද කිව්වෙ?:

       මං අභීගෙන් ඇහුවෙ රෑ නිදාගන්න ඇදට ගිහින්.එයා ඇදට පැන්න ගමන් පෝන් එකේ..මං හිටියෙ මගෙ ඇදේ.

  "ම්ම්..මොකුත් නෑ"

     එයා කිව්වෙ නිදාගෙනම පෝන් එක ඔබන ගමන්.

කවුරුන්ද මා ඔබේWhere stories live. Discover now