කවුරුන්ද මා ඔබේ 47

1.6K 267 7
                                    


     "මොකෙක්ද බන් ඒ කෑ ගහනව ඇහෙන්නෙ?"

   ලාල් අයිය ඇහුවෙ මං ගේට්ටුව දිහා බලන් ඉද්දි.

"ඒක තමයි අයියෙ මාත් බැලුවෙ ..විශාල් සරැත් ඉන්නව වගේ."

"ය.මන් පොඩ්ඩක් ඔලුව දාල එන්න"

   අපි දෙන්න ගේට්ටුව ලගට යද්දි එතන එකම රණ්ඩුවක්...එක පැත්තක විශාලුයි, උගෙ යාලුවෙකුයි..ගිහාන්...උන් දෙන්න බයික් එක නවත්තල ත්‍රීවිල් එකකින් ආපු තුන් දෙනෙක් එක්ක බහින්බස් වෙනව...එදා සිද්ධියෙන් පස්සෙ නදීකය ආවෙ ම නෑ..අද ඉන්නෙ ගිහානය.

"අ.රැන් පොඩි බේබිට බනිනවද බන්?"

"අනේ මන්ද අයියෙ...පොඩ්ඩක් ලගට ගිහින් බලමුද?"

     අපි දෙන්න ගේට්ටුව ලගට කිට්ටු වුණේ කුතුහලෙත් එක්ක.

   මදාවි කොල්ලො තුන් දෙනෙක් හයියෙන් කෑ ගගහ විශාල්ටයි ගිහානයටයි බනිනව...නායකය වගේ එකා කලු උස මහත.....සුදු යකඩ මාලයක් දාල.අතට රත්තරන් මහත බ්රේස්ලට් එකක් දාගෙන..උගෙ කලුම කලු හමත් එක්ක ඒ ගැජමැටික් ටික පැහැදිලිව දිලිසුණා. ..ඇදගෙන ඉන්න සුදු ශර්ට් එකේ බොත්තම් හතර පහක් ම ගැලවිලා.....හරියට හිරේ මහ ගේ වුණ එ.කෙක් වගේ.... පේන විදියට නම් ඌට  වයස තිස් පහක් විතර ඇති.

    "උබට බේරෙන්න බෑ මහත්තයො මේ පාර..හරිද?...සල්ලිවලට වඩා ආයුධ වලට දෙයක් කරන්න පුලුවන්..මොකද මට හිරේ කියන්නෙ මහගෙදර වගේ...නුපුරුදු තැනක් නෙමේ.."

      මදාවි නායකය කිව්වෙ විශාල් දිහාට ඇවිත් ඇඟිල්ල දික් කරගෙන..

"පලයන්  යන්ඩ...උබ මට ගහන්ඩ ?....ගහපන් බලන්න "

      විශාල් හයියෙන් කෑ ගහගෙන බයික් එකෙන් බහිද්දි අපි දෙන්නත් ලගට දිව්ව.

"පොඩි බේබි , යමු ඇතුලට"

      ලාල් අයිය ලගට ගිහින් කෑ ගහද්දි ම විශාල් පැනල අල්ලගත්තෙ මදාවි නායකයගෙ ශර්ට් එකේ කොලර් එකෙන්..ඒත් ඌ ගලක් වගේ හිටියෙ නෝන්ඩි හිනාවක් දාගෙන . 

    "බල්ලො බිරැවට සිංහයො ආවට ගියාට ඇගට පනින්නෙ නෑ මහත්තයො..ඔය වැදගත් කියන මහත්තුරු ගෙ පැටිකිරිය අපි හොදට දන්නව...හොද හිතින් අත ගත්තොත් අතපය හතර යි දත් ටිකයි යහතින් තියාගෙන යන්ඩ පුලුවන්.."

කවුරුන්ද මා ඔබේWhere stories live. Discover now