කවුරුන්ද මා ඔබේ 49

1.6K 254 17
                                    


      නෙතුකි දොර ලඟ ගල් ගැහිල බලාගෙන. මට උන්හිටිතැන් අමතක වුණා.මං අභී ලඟ ඉදල නැගිටල හිටගත්තෙ පපුව වේගෙන් ගැහෙද්දි..ශිට්..කාමරේකට එද්දි අඩුම තරමෙ දොරට ගහලවත් දොර අරින්න දන්නෙ නෑ.අනික කොල්ලෙක්ගෙ කාමරේට.ගෙදරම හුරතලී කියල හිතාගෙන ඉන්නෙ අයිතිකාරය වගේ.........මගෙ උගුර කටත් වේලිලා. ..තත්පර ගාණක් ගියා ඒ මොහොත තේරැම් ගන්න..අභී තාමත් ඉදගෙන නෙතුකි දිහා බලාගෙන. එයාටත් හිතාගන්න බෑ.ගල් ගැහිල වගේ.

      නෙතුකිගෙ ඇස්වල කදුලු පිරිල මූණ කලු වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.........මං බලාගෙන හිටියෙ කියාගන්නවත් දෙයක් නැතුව..නෙතුකි පුදුමෙන් බලන් ඉදල එකපාරටම වේගෙන් ආවෙ මං ලඟට..

   "උබ?...දහයට ගනින්න බෑ වගේ හිටියට පවුල් විනාශ කරන්න ආපු පර බ$ල.."

      නෙතුකි හයියෙන් කෑ ගැහුවෙ මගෙ කම්මුලට වේගෙන් පාරක් ගහල..ආ.....හ්..කම්මුල රත් වෙලා ගියා.මට හිතාගන්න බෑ ඒකි මේ තරම් නපුරැද කියල. ...ඒ එක්කම අභී ඒකි ලගට ආවෙ ඇසිපිය ගහන වේගෙන්.

"මොන හු#$$ද උබ කරේ ?"

     අභීගෙ අත නෙතුකිගෙ කම්මුල හරහා වේගෙන් යද්දි ඒකි අභී දිහා බැලුවෙ අවුල් වුණ කොණ්ඩෙ  මූණෙ පැත්තකට වැටිල තියෙද්දි..ඇස් දෙකත් ජිල් බෝල වගේ ලොකු කරගෙන ටිකක් වෙලා අභී දිහා බලන් ඉදල කෑ ගැහුවෙ වහලෙත් හෙලවෙන තරමට. මගෙ පපුව ඩිග් ඩිග් ගානව එලියට ඇහෙන තරම්.

    "ලොකයිය?....දෙ.යි.ය.නේ..ඔයා මේ
හිඟන කොල්ල හින්ද මට ගහනවද?...ආ...කොල්ලන්ට ගැහුවට කවදාවත් කෙල්ලෙක්ට අතක් උස්සපු නැති ඔයාද මේ?...ආ?..මං කොහොමද දෙයියනේ මේක දරා ගන්නෙ?"

   නෙතුකි  කෑ ගැහුවෙ අඩ අඩා ම...පව් මගෙ අභී..එයා ඇදෙන් ඉදගත්තෙ ඔලුවට අත් දෙකට බර කරගෙන..කොච්චර නපුරැ වුණත් එයා කවදාවත් නිකරුණේ කාටවත් අතක් උස්සන්නෙ නෑ..ඒකට හැම වෙලාවෙම සාධාරණ හේතුවක් තියනව..........මට කම්මුලට ගහපු එක පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ..ඒත් අභී අමාරැවෙ වැටෙන එක දරාගන්න බෑ...

     " උබ ලොකයියව අල්ලගත්තෙ දේපල හින්දද?..ආ? කොල්ලෙක් වෙලත්?..වැඩකාරකමට ආවනම් ඒ විදියට ඉදපන්..නො.දකි.න්..තෝ එහෙම වුණා කි..."

කවුරුන්ද මා ඔබේWhere stories live. Discover now