විසිඅටවෙනි පරිච්ඡේදය

1.4K 161 91
                                    

"මට මොකක් වෙන්නද?"
"ඇයි දැන් මේ උබට ඌරුජුවල් නැගල ඉන්නෙ?"
"උබ කොහෙද ගියේ කියපන්කෝ ඊටකලින්? ඇයි ක්ලාස් ගියෙ නැත්තෙ?"

දැන් ඉතින් තවත් හංගන්න දෙයක් නැති එකේ මං අර ෆොටෝස් සීන් එකේ ඉඳන් ඊයෙ වෙනකන් විස්තරේ කෙටිකරලා කිව්වා. සමීරයත් නිකන් ආතල් ෆිල්ම් එකක් බලනව වගේ මගෙ මේසෙ උඩ තිබ්බ වතුර බෝතලෙත් කටේ ගහගෙන ඇඳ විට්ටමටත් හේත්තුවෙලා චිල් එකේ මගේ ලව් ස්ටෝරිය ඇහුවා..

කොහොමහරි කතාව කියලා ඉවරවෙද්දි මේකාට මාර ජොලි.
"ඒපෝ අජී.. ඒ පොඩි ෆොටෝස් දෙක තුනට උබ ඔච්චර නැටුවෙ ඇයි පගෝ?"
"අනේ උබ නම් කියයි. උබ මං උනා නම් තේරෙයි."
"ඒත් ගොන් වස්සො, ඊයෙ දෙනුවන් අයියා බලෙන්ම කතා නොකලනම් උබ තවත් බිබී ඉන්නවනෙ මෝඩ මූසලයෙක් වගේ.."
"....."
ඒකට නම් ඉතින් මට කටඋත්තර නෑ.
"අනික උබ අපේ දිහා එනව කියලා වෙන වෙන දීපංකරවල ගියේ ඇයි හු##? උබට හිතට අමාරු නම් ඇත්තටම එන්න තිබ්බ. අන්තිමට උබේ අයියගෙන් බලු බැනුම් අහන්න ඕනි මම."
"අපේ අයියා මොකෝ කිව්වෙ?"

සමීරය විනාඩියක් දෙකක් සද්ද නැතුව හිටියා. ඉඳලා මූණත් පුම්බන් මං දිහා බැලුවා.

"ගොඩක් දේවල් ඇහුවා.. අපේ දිහා ආවද.. ක්ලාස් යනවද.. මට කතාකරාද.. මං උබට කතාකරාද.. උබ liquid lush එකට ගියා කියලා දන්නවද එහෙම කියලා.."
"ඉතිං බං ඕකට කියන්නෙ බනිනව කියලා නෙවෙයිනෙ.."
"හිටපංකො පයින්නැතුව.. ඊටපස්සෙ මං ඔක්කොටම දන්නෑ අරක මේක කිව්වහම.. මං මහ පුදුම යාලුවෙක්ය මනුස්සයෙකුට කෝල් එකක්වත් දෙන්න බැරි තරම් බිසීද. ඔක්කොම රඟපෑම් අරකයි මේකයි කියන්න ගත්ත කියහංකෝ. මටත් මලපැන්න. ඇයි හු##. උබ දන්නවනෙ අජී මං ගැන..."
"...."
"ඊටපස්සෙ මාත් බැන්නා තමන්ගෙ සහෝදරය ගැන හොයන්න වෙලාවක් නෑ අනික් මිනිස්සුන්ට නම් බනින්න දන්නව රෙද්ද කියලා.. අනික මං රඟපෑම් කරේ කවද්ද බන්.. මොන හු#න කතාවක්ද ඒ. මං කිව්වා ආයෙ මට කතාකරන්න එපා කියලා."

මං හිනාව කාගෙන හිටියේ. මේ රණ්ඩුව නම් මං නිසාම ඇතිවෙච්ච එකක් කියන්න බෑ. අපේ එකාට සමීරයත් එක්ක මොකක්හරි පරහක් තිබිලා තියෙනව.. එක තමා එදා මුගෙ පිටින් යවන්න ඇත්තෙ.. මුන්ට මොනව වෙලාද.. වෙලාවකට කිරි පැණි වගේ ඉන්නවා.. හැබැයි අපේ එකත් වැරදියි. මං සමීරට මොකුත් කිව්වෙ නෑනෙ. ඉතින් ඌ ඇත්තටම දන්නැත්තන් මක් කරන්නද...

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now