Chapter 27 🌼

402 53 24
                                    

ඊලග දවසේ උදේම ඇහැරුන ජියා නැගිට්ට ගමන් බැලුවේ ජන්ග්කුක් දිහා. ජන්ග්කුක් ගෙ නලලට අතත් තියලා ඇග රස්නෙද කියල බලපු ජියා දිග හුස්මක් පහත දැම්මේ ජන්ග්කුක් හොදට නිදන් ඉන්නව දැක්ක නිසා. ජන්ග්කුක් ගෙ නලල උඩින් වැටිල තියන කොන්ඩෙ ටිකක් එහාට කරපු ජියා මුලින්ම කලේ ජන්ග්කුක් ගෙ නලල ඉම්බ එක. ඊට පස්සෙ හැමදාම වගේ හාරිගෙත් නලල ඉබලා ආයෙම ඩුවට් එක දෙන්නට පෙරවලා ඇදෙන් බැස්ස ජියා වොශ් එකකුත් දාගෙන කෙලින්ම ආවෙ කිචන් එකට. ඒ වෙනකොටත් හේයි නැගිටලා කිචන් එකේ ඉදන් මොනවද කරන ගමනුයි හිටියේ..

"ගුඩ්මෝනින් හේයි.. ඔයා උදෙන්ම ඇහැරිලනේ.."

"ගුඩ්මෝනින් ඔන්නී.. ඔන්නිත් කලින්ම ඇහැරිලානේ.."

"ඔව් හේයි ඔප්පට තේ එක උදෙන්ම දෙන්න ඕනෙ නේ.."

"ටේහියුන් සර් මෙච්චර උදෙන් තේ එක ඉල්ලනවද.."

"අයියෝ අපේ ඔප්ප නෙවේ අනේ.. ජන්ග්කුක් ඔප්පා.."

"ආ... එහෙනම් ඔන්නි තේ එක හදන්නකෝ. මම මේ හැමෝටම කොෆී හදන්න හැදුවේ.. "

"හා එහෙනම් හේයි කොෆී හදන්න මම ඔප්පගෙ තේ එක හදන්නම්. ඊට පස්සෙ උදේට කන්න මොනව හරි හදමු අපි."

"හරි ඔන්නි."

දෙන්නම මුලින් තේ , කෝපි හදලා ඊට පස්සෙ හැමෝටම උදේට කන්න චීස් පැස්ට හදලා කෙලින්ම ඒ දෙන්නගෙ රූම්ස් වලට ගියේ නිදන් ඉන්න අනික් අයව ඇහැරවන්න. හේයි සෙරා එක්ක එක රූම් එකක හිටිය නිසා හේයි ගියේ සෙරාව ඇහැරවන්න. ඒත් ඒ වෙනකොට සෙරා ඇහැරුලා ටේ ජිමින් දෙන්න ඉන්න රූම් එකට ගිහින් ඒ ජෝඩුවව ඇහැරවන ගමන් හිටියේ.

ජියා රූම් එකට එනකොට නම් ජන්ග්කුක් තාමත් හිටියේ හොද නින්දේ. ඒත් හාරි නම් ඇහැරිලා එයාගෙ අප්පගෙ ඇග උඩ නැගගෙන පස්සත් උඩ දාගෙනම අප්පව හග් කරන් හිටියේ.

"කෝ මගෙ මැනික ඇහැරුනාද... කෝ එන්නකො පැටියෝ.. ඔයාගෙ කිරි එක බීල අපි වොශ් දා ගමු."

"අනී...මත බෑ..."

"අනේ මැනික. අප්ප පව් නේ.. සනීප නෑනෙ අප්පට. ඔයා ඔහොම ඉන්නකොට අප්පට අමාරුයි නේ..."

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now