Chapter 29 🌼

430 54 38
                                    

28 වෙනි චැප් එක කියවල එන්න හොදේ...🙈

••••••°°°°°°•••••••°°°°°°••••••°°°°°•••••°°°°°•••••°°°°°•••••°°°°°

ජන්ග්කුක් හිනා වෙවීම මැන්ශන් එක ඇතුලට එන විදිය හැමෝම බලාගෙනයි හිටියේ. ජියාව හොයන්න යන්න කලින් ජන්ග්කුක් හිටිය විදියත් එක්ක ජන්ග්කුක් මෙහෙම තනියම හිනා වෙවී එන දිහා ටේ ජිමින් දෙන්න නම් බලන් හිටියේ අනුකම්පාවෙන්.

🐯 පව් බම් අපේ ජන්ග්කුකා..

🐥 ඒක තමා බම් ටේ. මං හිතන්නෙ අපේ කුක්සන්ට ලව් සික් එක.

🐯 ඔව් නේ බම්. නැත්තන් මෙතන මිනිහ මැරිච්ච ගෑනි වගේ හිටිය එකා දැන් දත් සෙට් එක එලියෙ දාන් හිනා වෙවී එයි ඈ..

🐥 මොනා උනත් උබ උගෙ මස්සිනා හැටියට මේකට ඉක්මන් පියවරක් ගන්න ඕනෙ.

ටේ ජිමින් දෙන්නා සමයං කතා වෙන අතරේ ජන්ග්කුක් එයාලව ගනන් නොගෙනම කෙලින්ම ගියේ එයාලගෙ රූම් එකට. ඊට පස්සෙ ජියාව බෙඩ් එකෙන් තියපු ජන්ග්කුක් ආයෙම එලියට ඇවිත් ගියේ සෙරාලගෙ රූම් එකට. ඒ වෙනකොටත් හාරි හේයිවත් බදගෙන හොද නින්දකයි හිටියේ. ඒත් එක්කම රූම් එකට සෙරා ආවේ හේයිව කන්න කතා කරන් යන්න හිතාගෙන.

" ආ සෙරා.. ඔයා ආපු එක හොදයි.."

"ඇයි ඔප්පා.."

"ජියාගෙ ඇදුම චේන්ජ් කරනවද. එයාට එහෙම නිදියන්න අපහසුයි නේ.."

ජන්ග්කුක් කලින් කියපු දේවල් නිසා ජියා ජන්ග්කුක් දෙන්න අතර බැදීම සීමාවක් ඇතුව තියන එකක් කියලා සෙරා තේරුන් අරන් හිටිය නිසා ජන්ග්කුක් ගෙන් මුකුත් අහන්නෙ නැතුවම හා කියලා සෙරා ජියාගෙ ඇදුම් චේන්ජ් කරන්න ගියා.

සෙරා ජියාගෙ ඇදුනුත් චේන්ජ් කරලා එලියට ආවයින් පස්සේ ,

"හරි ඔප්පා. ජියාව නැගිට්ටවන්න අමාරුයි නේ. ඔහොම නිදියන්න දෙමු."

"හ්ම්ම් ඔව් සෙරා . තැන්ක් යූ හොදද.."

"අයියෝ ඕක මොකක්ද ඔප්පා.. ඔයත් මොනව හරි කන්න එන්න. මම කෑම හැදුවා."

"එපා සෙරා මට දැන් කන්න බෑ. ඔයාල කන්න. "

"හරි එහෙනම් මම හේයිව අඩගහන් යන්නම් ඔප්පා. ඔයත් ටිකක් රෙස්ට් කරන්න."

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now