Chapter 46 🌼

400 57 21
                                    

ටේ ට ජන්ග්කුක් ගෙන් කෝල් එක ආපු ගමන්ම හැමෝම හොස්පිට්ල් එකට පිටත් වුනේ කලබලෙන්. අද උදේ වෙනකන් මේ පවුල ඇතුල තිබ්බ සතුට එක මොහොතින් හිතුවෙවත් නැති විදියට මේ හැමෝගෙන්ම දුරස් වෙලා.

වාහනය ඇක්සිඩන්ට් වෙනවත් එක්කම ජියාගෙ කෙදිරිලි එක්ක ජන්ග්කුක් කොච්චර කෑ ගැහුවත් ජියා කතා කලේ නෑ. ජන්ග්කුක් තමන්ගෙ ඇගේ අමාරු සම්පූර්ණයෙන් අමතක කරලා පෙරලුන වාහනේ ඉදන් ජියාගෙ මූන දෝතටම අරන් කෑ ගැහුවත් ජියාගෙ එක වචනයක් පිට වුනේ නෑ.

හොස්පිට්ල් එකේ ඉදන් වැඩි දුරක් මේ දෙන්නා ඇවිත් තිබ්බෙ නැති නිසා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ එතනට වට වුන හැමෝම පුලුවන් ඉක්මනින් ජියාව වගේම ජන්ග්කුක් වත් හොස්පිටල් එකට එක්කන් එන්න කටයුතු කලා. ජන්ග්කුක් ගෙ වම් කකුල දරුනු විදියට තුවාල වෙලා තිබ්බත් ජන්ග්කුක්ට තමන් ගැන සිහියක් නෑ. ජන්ග්කුක් ගෙ ඔලුවෙ වැඩ කලේම තමන්ගෙ පන ටික සිහියක් නැතුව හිටිය හැටි.

හදිසි ඒකකයට ගෙනාව ජියාවයි ජන්ග්කුක්වයි දැකපු ජින් ශොක් වුනේ ප්‍රෙග්නට් ඔම්ම කෙනෙක්ගෙ ඉමර්ජන්සි එකක් කිව්වත් ජින් කිසිම විදියකින් දැන් මොහොතකට කලින් හිනා වෙලා කතා කරලා ඉදලා ගිය ජියාව ගෙනෙයි කියලා බලාපොරොත්තු වුනේ නැති නිසා.
ජන්ග්කුක් ට්‍රොලි එකේ ඉදන්ම ජින්ගෙ අත් දෙකින් අල්ලගෙන කෑ ගැහුවේ ජින්ගෙ අත පය තවත් මේ දෙන්න ඉස්සරහ පන නැති කරලා.

"හියුන්ග්... හියුන්ග්.. මගෙ කෙල්ල...අපේ පැටියා.. අනේ මට බේරල දෙන්නකෝ හියුන්ග්.."

"හ්..හ්..හරි හරි ජන්ග්කුක් ..ඔයා.. ඔයා ගිහින් මුලින් ඔයාගෙ ඔලුවයි කකුලයි චෙක් කරලා බෙහෙත් කර ගන්න. මම..මම ජියා ගැන බලන්නම් ජන්ග්කුක් ..."

ජින් අමාරුවෙන් වචන ගැට ගහලා ජන්ග්කුක්ට එහෙම කිව්වත් ජින්ටත් ඒ කියපු දේවල් ගැන විශ්වාසයක් නෑ. ජන්ග්කුක්ව එක තියටර් එකකට අරගෙන යනකොට ජියාව ජින් වෙනමම තියටර් එකක් ඇතුලට ගත්තේ ගොඩක් කලබලෙන්. ජන්ග්කුක්ට තමන් ගැන කිසිම ගානක් වුනේ නෑ. පැය භාගයක් ඇතුලත ජන්ග්කුක් ගෙ වම් කකුලෙ වගේම හිසේ තුවාල වලට ප්‍රතිකාර කරලා ඉවර වෙලා රූම් එකකට දැම්මම ජන්ග්කුක් එයාට සම්බන්ද කරලා තිබ්බ සේලයින් එක පවා ගලවලා විසික් කරලා ජියා ඉන්න තියටර් එක ගාවට ගියේ අඩ අඩමයි. ඒ වෙලාවේ වෙව්ලන අත් වලින් ෆෝන් එක අරන් ටේ ට මේ ගැන කිව්වේ මේ වෙලාවේ ජන්ග්කුක්ට මේ දේ තනියම දරා ගන්න තරම් හිත හයිය නැති නිසා. සැරින් සැරේ නර්ස්ල එහා මෙහා යන හැටි ජන්ග්කුක් කදුලු පිරුනු ඇස් වලින් බලන් හිටියේ පුදුම අසරන කමකින්.

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now