1❤️

158 20 8
                                    



හුවෑ හුවෑ හුවෑ




නිහැඩියාවකින් ගිලෙමින් තිබු විශාල මන්දිරයේ නිහැඩියාව බිදිමින් සාලයේ එල්ලා ඇති ඔරලෝසුවේ පාන්දර එකේ කනිසම වැදුනා.ඊට විනාඩි ගානකට පස්සෙ නම් මේ මන්දිරය තව දුරටත් නිහඩ උනේ නැ. සද්දෙන්ම ඇහුනේ පුංචි පැටියෙකු හඩන සද්දයක්.

පැටියාගේ සද්දෙත් එක්ක ඒ පුංචි ඇද පාමුල ඔලුව තියන් නිදාගෙන හිටිය තරුණයෙක් කලබලයෙන් නැගිට්ටත් ඒ වනවිටත් පුංචි පැටියා ඇදේ හිටියේ නැ .

හරි හරි සුදු මැණික නාඩා ඉන්න කෝ කෝ මැණිකට බඩගිනි ආවා ඔව් ම්ම්ම්ම්ම්ම්ම්

ඉන්නකෝ හැල්මොනි ඉක්මනට කුක්කු පිටි හදනවා හොදද ම්ම්ම්ම් කෝ කෝ සුදු මැණිකනේ


පුංචි පැටියාවත් වඩාගෙන හතර වටේටම ඇවිද ඇවිද ඒ පුංචි පස්සට හිමින් තට්ටු කරන ගමන් කතා කෙරුව මේ පුංචි පැටියාගේ හැල්මොනි එහෙම්ම බැලුවෙ තාමත් අඩ නින්දෙන් ඇද ලග හිටගෙන ඉන්න තරුණයා දිහායි.


කුකී පැටියාව ගන්නකෝ මං කිරි එක නිවෙන්න දැම්මා එක අරන් එන්නම්

මං අරන් එන්නම් ඔම්මා


තමන්ගේ ඔම්මා කිව්ව එක හීනෙන් වගේ ඇහුන ජන්කුක් එහෙම කියාගෙනම යන්න හැරුනාත් උච්ච ස්වරයෙන් ඇහුනු තමන්ගේ නම නිසා නිදිමත පැල දොරෙන් ගිහින් ඉක්මනින් බැලුවේ මොකක්ද ඒ පාර අවුල කියලායි.


කුකී!!!!

ලමයාව ගන්නවා මොඩයෝ මං ලග හිටියාට අඩන එක නවත්තන්නෙ නැ කොහෙද ඉතින් අප්පායි පුතායි දෙන්නාටම මොලේ කියලා කලදක් නැනේ මංම ඉන්න නිසා හොදයි


ලමයාවත් වඩාගෙන නලව නලව අප්පාටත් එක්කම දෙස්දෙවොල් තියෙන තමන්ගේ ඔම්මා දිහා කලකිරිණු විදියට බැලුව ජන්කුක් ඊලග මොහොතෙ ඉක්මනින් ඇවිත් ලමයාව වඩා ගත්තේ තවත් නම් බැනුම් අහන්න බැරි නිසා

මිසිස් ජොන් තවත් මොනවාදෝ කුටු කුටු ගගා බැන බැනම කාමරෙන් එලියට යනකොට ජන්කුක් පුංචි පැටියාවත් වඩාගෙන ඒ අතට මේ අතට ගියේ පැටියා දිහා බලාගෙන උකුලු මුකුලු කර කරමයි .පැටියා අඩන එකත් පොඩ්ඩකට නවත්තලා ඇස් බොල කරන් තමන්ගේ අප්පා දිහා බලාගෙන හිටියත් ඒ මුණ නම් චුට්ටක් බෙරි වෙලාමයි තිබුනේ .

CEO Where stories live. Discover now