5❤️

100 19 10
                                    


සුදු පාට ගෑ කාමරය තුල සුදු පාට හා කහා පාට මිශ්‍ර උනු කර්ට්න් ගෙනාවෙ අමුතුම එලියක් .උදෑසන යන්තම් ඉර එලිය ඒ අතරින් පතර කාමරයට වැටිලා තිබ්බෙ කාමරයේ විශාල ඇදේ සිටි සුරදුතයෝ දෙන්නාව බලා ගන්න වගෙයි

" අනේ මැණික කෝ කියන්නකෝ "

" කෝ ඉතින් මමා කියන්න ම්..මා කෝ කියන්නකෝ බබා "

පුංචි සුරදුතයාව ඇදෙන් මැදෙන් තියලා තව ලොකු සුරදුතයෙක් පුංචි සුරදුතයාගේ  මුණටම එබීගෙන උකුලු මුකුලු කරනවා .ඒ දිහා බලාගෙන පුංචි සුරදුතයාත් හුරතල් විදියට හිනා වෙනවා .හයියෝ ඉර මාමාටත් හිනා මේ කොලම් දැකලා .

" හිනා උනාම හරිද මැණිකේ එතකොට කවුද මමා කියන්නෙ ම්ම්ම්ම් "

" ඔන්න හැබැයි මමාගේ පුංචි රෝස මල මුලින්ම අනිවාර්යයෙන්ම කියන්න ඔනෙ මමා කියලා හොදේ ම්හ්ක් අපි බලාගමුකො නැත්තම් "

හුරතල් විදියට රව රව ලොකු සුරදුතයා පුංචි සුරදුතයාට නොක්කාඩු කියනකොට පුංචි සුරදුතයා හයියෙන් හිනා වෙනවා ඇත්තනේ ඉතින් එයාගේ මමා එයා එක්ක හුරතල් වෙනවා හරි නම් එයානේ හුරතල් වෙන්න ඔනෙ ....ම්හ්ක්...අනෙ අනේ මමාට වෙලා තියෙන දෙයක් .

" ඔන්න හැබැයි ඔයා මමා නැතුව වෙන කාගේහරි නමක් මුලින් කිව්වොත් මමා එයාව හපනවා හොදද .....ඔන්න දැම්ම කියලා තියෙන්නෙ ටෙශි බබෝ මේ කිම් ටෙහියොන් දෙයක් කිව්වොත් කරනවාම තමා හොදේ "

බොරු තරහක් අරගෙන කිව්ව ටෙහියොන් ටෙශිගේ බඩේ මුණ අතුල්ලන්න ගත්තේ කෙල්ල හයියෙන් හිනා වෙනකොටයි

" හඩුගද කෙල්ල මගේ ම්හ්ක් කෝ යමු සූ....ද වෙලා එන්න "

ටෙශිව හරහට වඩාගත්ත ටෙහියොන් කෙල්ලගේ මුලු මුණ ඉබින්න ගත්තෙ පුංචි කෙල්ලත් එයාගේ මමාගේ මුණ අල්ලන්න උත්සාහ කරද්දීයි .






































" බෙයාර් "

"බෙයාර්"

" ආහ් හියොන් ඔයා මොනාහරි කිව්වාද "

" මං මුකුත් කිව්වෙ නැ බෙයාර් මොකො උනේ........ම්ම්ම්......... ඔයා ලොකු කල්පනාවකනේ හිටියේ "

CEO Where stories live. Discover now