2❤️

105 21 18
                                    


📞📞📞

උබ දැන් කොයි හරියේද

හා හා වරෙන් එහෙනම්

දුරකථන සංවාදයෙන් පස්සෙ ෆෝන් එක ශීට් එක එහා පැත්තෙන් තිබ්බ ජන්කුක් පපුවට ගුලි වෙලා නිදාගෙන ඉන්න එයාගේ පුංචි පැටියා දිහා බැලුවා .මලානිකයි අඩලාම හෙම්බත් වෙලා ඒ පුංචි මුණ .

ජන්කුක් ඒ හිස්මුදුන සිප ගත්තෙ දැනෙන්න නොදැනෙන්නයි මොකද එයාට බයයි එකෙනුත් එයාගේ පැටියාට රිදෙයි කියලා .ටිකක් වෙලා ඒ පුංචි මුණ දිහා බලාගෙන ඉදලා ෂටර් එකෙන් එලිය බලාගත්ත ජන්කුක් සෝල් නගරය දිහා බැලුවා.

හවස් වෙලා නිසාම සෝල් නගරයේ කලබලගතිය වැඩි .හවසට රාජකාරි ඉවර වෙලා ගෙදර යන මිනිස්සු පාරවල්වල එහෙ මෙහෙ යනවා .ආදරවන්තයින් ඉන්න පාර්ක් එකක් ලගින් වාහනය හැරෙනකොටම ජන්කුක් ඉක්මනින් ඒ පැත්ත බැලුවා.

ඔව් එයාට මතකයි එයාත් එක පාරක් මෙතෙන්ට ආවා දෝහාත් එක්ක .ඒත් එදා එයාට අනිත් ආදරවන්තයො වගේ විනෝද වෙන්න පුලුවන් උනේ නැ .

මොකද දෝහා පොඩ්ඩක්වත් කැමති උනේ නැ ඒ දවසට එයා හැමතිස්සෙම කිව්වේ අයියෝ ජන්කුක් මෙක හරිම බෝරින්නේ පොඩ්ඩක්වත් රෝමැන්ටික් නැ මට බැ අනේ මේ වගේ තැන් වල ඉන්න මගේ ස්කින් එකත් අවුල් යනවා වගේ පොශ් කතා .ඉතින් ජන්කුක් උත්සාහ කරා එයා අකමැති දෝහා කැමති විදියේ ලොකු ලොකු ස්පරයිස් ඩිනර් අවුට් ලොකු පාර්ටිස් වගේ දේවල් කරන්න .

ලොකු හුස්මක් ගත්ත ජන්කුක් කාර් එකේ ඩ්‍රයිවර්ට කිව්වෙ පාර්ක් එකට යමු කියලායි .ඒත් එක්කම වාහනය පාර්ක් එක පැත්තට හැරෙව්ව ඩ්‍රයිවර් පාර්ක් එක ලග වාහනය නතර කරලා ඉක්මනින් පිටිපස්සේ දොර පැත්තට දිව්වෙ එයාගෙ බොස්ට බහින්න දොර අරින්නයි .

ජන්කුක්ගේ වාහනයත් එක්කම ආව වාහන හතරත් ඒ හරියෙන්ම නවත්තද්දී එවාගෙන් බැස්සෙ කලු සූට් සෙට් එකක් .

මං ඒත් බැලුවා උබ වාහනය මේ පැත්තට හැරෙව්වෙ ඇයි කියලා


ජන්කුක්ගේ වාහනයට ඉස්සරහෙන් නවත්තලා තිබ්බ වාහනයකින් ඩ්‍රයිවින් ශීට් එක පැත්තෙන් දොරත් ඇරන් බැහැපු පුද්ගලයා කිව්වෙ ජන්කුක් ඉන්න පැත්තට යන්න හදනගමන්මයි.


CEO Where stories live. Discover now