තිස් අටවෙනි පරිච්ඡේදය

1.1K 150 68
                                    

එක්සෑම් එක ළං වුනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට. අන්තිම සති දෙක තුන ගෙවිලා ගියේ දවස් දෙක තුනක් වගේ. මං දවසකට පැය තුනක් හතරක් වගේ නිදාගෙන අනිත් පැය විස්සම පාඩම් කළා. ඔව් මං පිළිගන්නවා මං ස්ට්‍රෙස් වෙලා හිටියෙ. ඒක අර මට කැම්පස් යන්න බැරිවෙයි කියන බයට වඩා, මට කැම්පස් යන්න බැරි වුනොත් මං මගෙ වටේ ඉන්න අයගෙ බලාපොරොත්තු බින්දා වෙනව නේද කියන හැඟීම. විශේෂයෙන්ම දෙනූ.

දෙනූ ගැන කතාකරොත්.. මට පැය විසි හතරකුත් මදි වෙයි.. එයා මහ පුදුම මනුස්සයෙක්. මට පාඩම් කරන්න එයා තරම් උදව් කරපු තවත් කෙනෙක් නෑ අන්තිම දවස් ටිකේ. වැඩ ඇරිලා ආපු වෙලේ ඉඳන් මං ගැන බලන එකමයි එයා කලේ. වතුර අරන් එනවා. කෝපි හදන් එනවා. බත් බෙදන් ඇවිත් කවනවා. සමහර වෙලාවට මං අත රිදෙනවා කියලා කිව්වහම, එයා පොත් අරං කියවනවා මට ඇහෙන්න. අනික මං ඇහැරලා ඉන්න කන්ම එයත් ඇහැරන් ඉන්නවා. මොකද මට නිතරම මේසෙ උඩ නින්ද යනවා. ඒනිසා එයා මං නිදාගන්නකන් ම මාත් එක්ක ඉන්නවා..

එයාගෙ අසනීපෙ සයිඩ් ඉෆෙක්ට්ස් ටික ටික අඩුවුනා. ඒක සාමාන්‍ය දෙයක්ලු. එයා දැන් ඉස්සරට වඩා හිනාවෙනවා. එයාට insomnia ගතියත් අඩුවෙලා. එයා රෝස පාටින් හිනාවෙලා ඉද්දි මට දැනෙන හැඟීම විස්තර කරන්න වචනයක් සිංහල භාෂාවෙ නෑ..

අපිට වැඩිය intimate වෙන්න බැරි උනත් හැමෝම නිදාගත්තහම රෑට මං එයාගෙන් කිස් එකක් නම් නොවරදවාම ඉල්ල ගන්නවා.. ඒක ඇති මට මුලු දවසෙම මහන්සිය නිවෙන්න.

ඔය විදිහට ඉතිං එයා හෙවනැල්ල වගේ මගෙ ළඟටම වෙලා අමාරුම කාලෙදිත් මගෙ අත් වාරුව උනා.

ගෙදර අනිත් අය ගත්තොත්, අයියා මට ගොඩක් උදව් කළා.. අයියා සමීර ව මීට් වෙන්න ගියහම ගෙදර ආවෙම මොකක්හරි පොතක් උස්සගෙන. උන් දෙන්නගෙ ලව් එක මං දන්නව කියලා සමීර අයියට කියලා. ඌට ඒක ගානක් නෑ. මෑන් පුල් හැපී එකේ ඉන්නෙ දැන්.

සමීරට වැඩිය එන්න බැරි උනත් අයියා අතේ රටේ නැති පොත්, ටියුට් එවනවා. ඕවා එව්වට දැන් පාඩම් කරන්න කාලයක් නෑ කිව්වට තේරුම් ගන්නෙ නෑ. අනික හැමදාම කෝලුත් කරනවා. අයියට කෝල් කරහමත් ඌ කාමරේට දුවන් එනව ෆෝන් එක අරන් සමීර කතාකරනවා කියලා. මං දැං දොරේ බෝඩ් එකක් ගහන්න ඉන්නෙ Don't disturb කියලා. ඇයි යකෝ.

හඹායමි ඔබව (SINHALA BL)Onde histórias criam vida. Descubra agora