හතළිස් එක්වෙනි පරිච්ඡේදය

1K 149 60
                                    

Denu's POV

මට මහන්සියි. එකදිගට ම පැය හතරක් බස්වල ඇවිත් මුලු ඇඟම තලාදාලා වගේ. වැලි පාරට අඩිය තිබ්බ ගමන් පුරුදු මූසල හැඟීම දැනෙන්න ගත්තා. ඒක දරාගන්න අමාරුයි. ඒක මගෙ හුස්ම හිරකරනවා. සුදුපාට උළු ගේ පේද්දි කිසිම සැනසීමක් දැනුනෙ නෑ.. ඒක අමිහිරි මතක වලට ආපහු ඇදගෙන යාමක් වගේ. හැමදෙයක්ම අවලස්සනයි.. ඒ වගේම නිශ්ශබ්දයි.. පාලුයි.

එළියෙ හිටපු අක්කා මං දැකලා හිනාඋනත් මොකුත් කිව්වෙ නෑ. මං එහෙම්ම ඇතුලට ඇවිත් කාමරේට ආවා. ඔව් මගෙ කියලා කියන, ඒත් මගෙ කියලා නොදැනෙන මගෙ කාමරේ. ජනේලෙන් වෙල් යාය පේනවා. වෙලට උඩින් අහස අඳුරුයි. ඒ අලු පාට එළිය කාමරේට වැටිලා. මං ෂර්ට් එක ගලවලා දාලා ජනේලෙ කූරුවලට ඔලුව හේත්තු කරගත්තා.

"මල්ලි, තේකක් හදන්නද?" අක්කා කාමරේට එබිලා ඇහුවා.

මං තේ බොන්න ආස නෑ. ඒත් ඒක කවුරුවත් දන්නෙ නෑ. දැනගත්තත් කාටවත් වැඩකුත් නෑ. මං ආසා දේවල් දෙන්න කවුරුත් බැඳිලා නෑනෙ.

"හ්ම්ම්. කෝ අම්මා?"

"අද ක්ලීනික් නෙහ්. දැන් එනවත් ඇති."

"හ්ම්ම්."

අක්කා යනකනුත් මං එළිය බලාගෙන හිටියෙ. මට මතක් උනා දවසක් මං මෙතනම කෙනෙක් ට තුරුලු වෙලා හිටපු විදිහ. මතක් වෙද්දි පවා හිතේ දුක් ඔක්කොම අමතක වෙලා යනවා. මං ලොකු හුස්මක් පාතට දැම්මා. මට පාලුයි පොඩී.

මං පිටත් වුනේ පාන්දර. පොඩීව ඇහැරෙව්වෙ නෑ මොකද එයාට අදත් එක්සෑම්. එයා කොහොමත් මං එනවට කැමති උනේ නෑ. නොකිව්වට මට ඒක තේරුනා. ඒත් අම්මා විඩින් විඩේ කෝල් කරලා බලකරද්දි මොනව කරන්නද.. තාත්තත් නැති නිසා මං විතරයි ඉන්නෙ හැමදේටම කියකිය.. ඒ මිනිහා හිටියත් ප්‍රයෝජනයක් තිබ්බෙ නෑ.. නමට තාත්තා.

මගෙ ඔලුව කැක්කුමයි. ඩොක්ට කිව්වා අමිහිරි දේවල් මතක්කරලා, ආයෙ ඒ දැනිච්ච හැඟීම්වලට emphasize වෙන්න එපා කියලා. ඒත් ඒක මං හිතලා කරන දෙයක් නෙවේ. හරියට දැන් වගේ.

මට ගෙදර යන්න ඕනි... මගෙ පොඩී ඉන්න දිහාට.

"මල්ලි, ආ.." අක්කා ළඟට ඇවිත් කෝප්පයක් දික්කරා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now