හතළිස් දෙවෙනි පරිච්ඡේදය

1K 135 43
                                    

මට තේරුමක් තිබ්බෙ නෑ මං මොනවද කරන්නෙ කියලවත්. මගෙ ජීවිතේ මං කවදාවත් මෙච්චර කේන්ති අරන් නෑ. කේන්තිය විතරක් නෙවේ දුක, ලැජ්ජාව, බය, කලකිරීම, පිළිකුල.. මේ හැම හැඟීමක්ම එකතුවෙලා මගෙ හදවත කීතු කීතු වලට ඉරිලා ගිහින් තිබ්බෙ..

තමන්ගෙ කියලා හිතන් හිටපු කෙනෙක් ඒ තරම් පහත් කතාවක් කරද්දි, අසික්කිත යෝජනාවක් කරද්දි මට කලින් මගෙ අත ඉස්සර වෙච්ච එක ගැන මං දුක් වෙන්නෙ නෑනෙ. මට සමාවෙන්න මාමෙ. ඒත් මගෙ ඉවසීමෙත් සීමාවක් තියනවා.

මගෙ ඇඟ වෙව්ලනවා.. අත්මිටි මෙලවිලා මගේම නියපොතු මගෙ අල්ලෙ හම පසාරු කරගෙන ඇතුලට යන තරම් තදට.. මගෙ ඇස් බොඳවීගෙන ආවත් මං මේ වෙලාවෙ වැදගත්කමක් නැති කඳුලු වලට එලියට පනින්න දුන්නෙ නෑ.. මං ඒ පිළිකුල් මූණ දිහා දත් මිටි කන ගමන් බලන් හිටියා.

ඌ කම්මුල අතින් අල්ලන් මගෙ පැත්තට හැරුනා.

"උබ මට අත ඉස්සුවා එහෙනම්.. ඇයි අපිව උබට හොඳ මදිද.. නගරෙ මහත්තුරු විතරද දන්නෙ නෑ-"

"කට වහගනින්!! මං උබට ආයෙ කියන්නෙ නෑ!!"

ඌ කියන වචනයක් ගානෙ මගෙ ඔලුව පවා හිරිවැටිලා ගියා. මහ පොලොව නුහුලන කතාවක්නෙ මූ කියන්නෙ. මං බබෙක් නෙවේ ඒක නොතේරෙන්න. නගරෙ ඉඳන් ආවෙ වෙන කවුරුත් නෙවෙයිනෙ.

"කරන්ට පුලුවන් අහන් ඉන්ට තමා බැරි. මං දැක්කනෙ එදා තුරුලු වෙලා ගිය අපූරුව. හහ්. ඔය තියෙන්නෙ එහෙ ගිහින් නටන නෛයාඩගම්වල සාක්කි වෙන්ටැ." උගෙ ඇස් මගෙ ඇඟේ තැනක නතරවෙද්දි ඒ මොකද්ද කියලා මට බලන්න ඕනි වුනත් පෙනුනෙ නෑ..

"මල්ලි, මොකද්ද මේ ගෝරනාඩුව?"

අක්කා නරකම වෙලාවෙ කුස්සිය පැත්තෙන් කලබලෙන් එලියට බැස්සා.. මගෙ හිතේ තිබ්බ බය දෙගුණ උනා. මගෙ ඇස් ආයෙ බොඳවුනා. මූ මේවා අක්කට කිව්වොත් අක්කත් ඒව විශ්වාස කරයිද.. මං මෙච්චර දුක් විඳලා ඉගෙනගත්තෙ කොහෙවත් ඉන්න එවුන්ගෙන් බලු කතා අහන්නද..

"ආ උබත් ආපු එක හොඳයි දේවිකා. උබේ මලයණ්ඩි මට හෙන සද්දයක් දැම්මනෙ.. "

"මොකද්ද මල්ලි මේ කරන වැඩේ තේරුම?"

අක්කත් මට වැරද්ද පටවද්දි මට දැනුනෙ අසරණ කමක්. කටක් ඇරලා වෙච්ච දේ කියන්න පුලුවන්ද. ඇයි දෙයියනේ මගේ පැත්තට කවුරුත් නැත්තෙ. මේ මූසල ගෙදර තවත් මූසල මතකයක්ම විතරක් මට ඉතුරු කළා..

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now