හතළිස් තුන්වෙනි පරිච්ඡේදය

1.1K 148 86
                                    

ඊලග අවසෙ මං අක්කයි, ගමේ තව අයියා කෙනෙකුයි එක්ක අපිට කුලියට ගන්න තැනක් බැලුවා. සමහර ගෙවල් වල ගාණ වැඩියි. සමහර ඒවා පොඩියි එක්කො ගොඩක් ලොකුයි. කොහොමහරි දහයක් විතර බලලා, අන්තිමේදි කුරුණෑගල කිට්ටුවෙන් ටිකක් හිතට අල්ලපු ගෙයක් හම්බුනා. ටිකක් ගාණ නම් සැරයි. ඒත් මේ ආර්ථිකෙත් එක්ක ඒක පූදුම වෙන්න දේකුත් නෙවේ. අන්තිමේදි අපි ඒ ගෙදර අයිතිකාරයත් එක්ක විස්තර කතාකරලා ආවා. ඊලග දවසෙ ගිහින් අත්තිකාරමක් දෙන්න ඕනි.

මට තව නිවාඩු තිබ්බෙ දවස් දෙකක් විතර. ඊටවඩා ගත්තොත් අන්පේඩ් යනවා.. අපේ ඩිරෙක්ටර් හිත හොඳ මනුස්සයෙක්. ඒනිසා රස්සාවට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

නරකම දේ.. මට ආයෙ insomnia ගතිය ඇවිත්. ඔලුවෙ කැක්කුමත් එක්කම ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා කන්නවත් පිරියක් නෑ. හොඳින් කියලා කොච්චර හිතින් හිතුවත් මං එහෙම නෑ කියලා මං දන්නවා.. මගෙ හිතට තිබ්බ එකම සැනසීම මේ ගෙයි වැඩේ ඉවරවුනු ගමන් ආපහු යනව නේද කියන එක විතරයි.

"මල්ලි, මං කාඩ් එකක් අරන් එන්නම්. මල්ලි යනවද නැත්තන් ඉන්නවද?"
ගෙදරට පොඩ්ඩක් එහායින් තියෙන කඩ පේළිය ළඟින් අක්කා නැවතිලා මගෙන් ඇහුවා. අපි ගෙදර එන ගමන් හිටියෙ..

"මං ඉන්නම්. අක්කා අරන් එන්න" මං අක්කට එහෙම කියන ගමන් කඩ පේළියට හැරෙන තැන ඉස්සරහ නැවතුනා..

අක්කා කඩේ ඇතුලෙ නොපෙනී යද්දි මං ෆෝන් එකට මූණ ඔබාගත්තා. මං තාමත් අජීට කතකළේ නෑ. මොනයම් හේතුවකට මට කතාකරන්න බෑ කියලා හිතෙනවා.. මට පාලුයි. ඒත් ඊටවඩා මේ වෙන දේවල් එක්ක මට බයයි.. එයාට හෙට අන්තිම පේපර් එක. ඊයෙත් මට මැසේජස් ගොඩාක් දාලා තිබ්බා. මට හරි දුකයි. අජී පව්. එයා මගෙන් බලාපොරොත්තු වෙන ආදරේ මගෙන් ලැබෙන්නෙ නෑ කියලා තේරෙද්දි මං එයාට deserve නෑ කියලා හිතෙනවා.

මං ලොකු හුස්මක් පාත දාලා, ෆෝන් එකෙන් ඇස් අහකට ගද්දි...

එතෙන බෝක්කුව උඩ හිටපු කොල්ලො ටිකක් මං දිහා අමුතු විදිහට බලන් හිටියා. ඒ බැල්මවල් වලට මට මහ අපහසුතාවයක් දැනුනා. උන් මං දිහා බලලා මොනවහරි කියලා හිනාවුනා. ඒ හිනාවල්වල තිබ්බෙ උපහාසයක්. මගේ ඇඟේ ලේ රත්වුනා කේන්තියට, ලැජ්ජාවට, අපහසුතාවට.. ටිකක් එහායින් හිටපු මිනිහෙක් මගෙ පැත්තට හැරෙද්දියි මං ඒ උක්කුංගෙ යාලුවෙක් කියලා දැක්කෙ..

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now