PART 1- දැන් මොකක්ද කරන්නෙ?

172 8 0
                                    

මම ඒ පාර දිගේ දුවගෙන ආවා..හතිදාගෙන වේගයෙන් දුවන ගමන් ම මම කල්පනා කලා. දැන් මම ඉස්සරහට මොකක්ද කරන්නෙ.අර ගෑනි ආවත් හරි මගේ ජීවිතේ එහෙම්පිටින්ම කනපිට ගැහුන. ඒ ලෙවල් වලට තව සතියයි. මම දැන් කොහොමද ඒ මගුල ලියන්නෙ? හරිහමන් ඉන්න තැනක්වත් නැතුව....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"තෝ..කාලකන්නි බල්ල..වහාම බැහැපන් දොට්ට තව එක තප්පරයක් මගේ ගෙදර ඉන්න බෑ තොට''...මගේ හිත හත් කඩකට පැලිල යනව වගේ දැනුන  මගෙම තාත්තගෙන් කිසිම හේතුවක් නැතුව ඒ වගේ කතාවක් ඇහෙද්දි..අතට අහුවෙන දේවල් ටිකත් මගෙ පොත් බෑග්ගෙට දාගෙන මන් එන්න හදද්දිම.....මහගෑනි වගේම නැතෑ පුතණ්ඩියත් ඔය ජන්ම ගති අරින්න බෑ ඩාලින්..අවුරුද්දකට කලින් ගත්ත තාත්තගෙ පොෂ් වේස ගෑනි මගේ අම්මට බැන්න..ඒ බිච්ට කොහෙන්ද එච්චර හයියක්.රට වටේට අල්ලපු අප්පෙක් නැති ලමයෙකුත් ඉන්න ඒ ගෑනිගෙ කටින් මගෙ අම්මට එහෙම කියද්දි මගෙ මාරය ආවේස උනා.ගෑනි..ඒකි මගෙ අම්මට ගෑනි කිව්ව..ඒකි දන්නෙ නෑ මගෙ කට හොද නැති බව..

මෙච්චර කල් කට පුරා කුඩම්මෙ කියල ඔය ගෑනිට මම කතා කරේ..මට කොච්චර වෙනස්කම් කරත්.මට පේන්න ඒකිගෙ පුතාට විතරක්ම සලකද්දිත්..මගේ මහ එකාත් ඒකිගෙ පුතාට විතරක්ම සලකද්දිත් මම ඕකුන්ට එක වචනෙකින් වත් මොනවත් කිව්වෙ නෑ. ඒත් ඒ හිටිය අහින්සකයව මුන් මරාගත්ත..මගෙ අම්මගෙ දේවල් වලින්, මට අයිති දේවල් වලින් සැප විදින ගමන්ම

"මොකක්ද යකෝ තෝ කිව්වෙ''..මම ගිරිය කඩාගෙන කෑගැහුවෙ කුඩම්මගෙයි, අපෙ මහ එකාගෙයි ඇස් ලොකු වෙද්දි..
"තෝ රට වටේට අල්ලපු ගෑනි තෝ මගෙ අම්මගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නෑ..දැනගනිම් තෝ කවද හරි මැරෙන්නෙ මගෙ අතින්..''තත්පරයක් දෙකක් උන් දෙන්න ගල් ගැහුනෙ අහිංසක ෂේන්ට මොකද උනේ කියල බලන්න වෙන්නැති..තත්පරයයි..දෙකයි

චටාස්......චටාස්..චටාස්
එකපිට එක කනේ පාරවල් තුනක්......
"තෝත් එකයි තොගෙ මහගෑනිත් එකයි.මුරණ්ඩු හැත්ත.."
හිත කොච්චර ගල් කරගන්න හැදුවත් මගෙ ඇස් දෙකෙන් කදුලු කඩාගෙන වැටුන.කොච්චර මොනව උනත් තාත්ත මට අත ඉස්සුවෙ ජීවිතේ පලවෙනි පාරට ඒකත් අර වේසගෑනි නිසා.
"මගෙ අම්මට මොනවත් කියන්න එපා.."

 CHaDWhere stories live. Discover now