PART 3-චීස් ක්‍රැකර්

85 9 5
                                    

වෙන කල්පනවක් පිට කුස්සියෙන් එලියට ආව දිනෙල්ක උඩ ගියේ වේගෙන් ආව මොකක් හරි දෙයක් එයාගෙ පපූවෙ වැදුන නිසා..
.
.
.
.
මේ අතරෙ තමන් ඇදපු චිත්‍රෙ ගැන හිත හිත ඒක දිහාම බලාගෙන චිත්‍රෙ අම්මට පෙන්නන්න හිතාගෙන අම්මගෙ කෑම සුවද දිගේ කුස්සයට ආව ශේන් කුස්සියට යන්නත් කලිම්ම මොකක් හරි දේක හැප්පිලා පිටිපස්සට විසි වෙලා ගියා...

හරි සිහියට ආව දිනෙල්ක දැක්කෙ කොලේකුත් අතේ පොඩි කරගෙන ඔලුවත් අත ගගා උඩ බිම බලන ජීවියෙක්ව..පොඩි එකෙක් මොකද මෙහෙ කරන්නෙ ? දිනෙල්කගෙ හිතට ඉස්සෙල්ලාම ආව ප්‍රශ්නෙ..

තමන් ආසාවෙන් ඇදපු චිත්‍රෙ පොඩි වෙච්ච එකේ දුකත් එක්කම ශේන් ඔලුව උස්සල බැලුවෙ එයා මොකේද හැපුනෙ කියල බලන්න...

ඒක මනුස්සයෙක්..තමන් හැපිල තියෙන්නෙ මනුස්සයෙක්ගෙ ඇගේ..ඒකත් එයා වගේ එකහමාරක් විතර උස ලොකු ඩයල් එකක්..
එයාගෙ මොලේට මූ කවුද මෙයා මොකක්ද මෙහෙ කරන්නෙ කියන ප්‍රශ්නෙ එන්න කලින් මේ මනුස්සය නිසා තමන් ආසාවෙන් ඇදපු අම්මයි තාත්තයි එයයි ඉන්න චිත්‍රෙ පොඩි උනා කියන එක මොලේට ආව..ශේන් ඔලුව උස්සල දිනෙල්ක දිහා බලල එයාට පුලුවන් උපරිමේට රැව්ව...

මේ අතරෙ කන්ෆියුස් උන දිනෙල්ක කලු පාට ලොකු ඇස් දෙකක් අස්සෙ අතරමං උනා..දිනෙල්කට තාම හිතාගන්න බැරිඋනා එයාගෙ පුංචි අම්මගෙ ගෙදර ඉදන් එයාට රවාගෙන ඉන්න මේ පොඩි එකා කවුද කියල..ඒ මූන දැකල එයාට හිනායන්න ආවත් එයා ආපිට රැව්වෙ පොඩි එකෙක්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා වෙන්න ඇති..

" මගේ චිත්‍රෙ පොඩි කරල මදිවට මේ යෝදය මට රවන්නෙ මුගේ චිත්‍රෙ මන් පොඩි කරා වගේනෙ "ශේන් තරහෙන් හිතුව..
"ඔයා මගේ චිත්‍රෙ පොඩි කරා..දැන් මේක මට ආයෙ තිබුන විදිහට හදල දෙනව"..දිනෙල්කගෙ මූන දැකල ශේන්ට තරහ ගිහින් කෑගැහුවෙ දිනෙල්ක කියන්නෙ අම්මගෙ සුදු පුතා කියල නොදැන..

දිනෙල්කට හිතුන තමන් ඉස්සරහ ඉන්න මේ පොඩි එකාව තවත් අඩියක් විතර කොට කරන්න..එයා ශේන්ගෙ චිත්‍රෙ උදුරල ගත්ත..ඒක කැත චිත්‍රයක් උනත් දිනෙල්කට තේරුම් ගන්න පුලුවන් උනා ඒ ඇදල තියන්නෙ පවුලක් කියල..අම්මෙකුයි තාත්තෙකුයි පොඩි එකෙකුයි ඉන්න..
දැන් තමයි දිනෙල්කට මීටර් උනේ මේ අර පාරෙ ඉදල උස්සගෙන ආව එකා වෙන්න ඇති කියල..දිනෙල්ක බලාපොරොත්තු උනේ චූටිගෙ අඩුව පුරවන්න ආපු චූටි වගේම උස මහත නපුරු පාට කොල්ලෙක් උනත් මේ ඉන්න එකායි චූටියි අහසයි පොලොවයි වගෙ වෙනස් කියල දිනෙල්කට තෙරුනා..
දිනෙල්ක ආයෙමත් ඇස් දෙක ඇරල එයා දිහා රවාගෙන බලාගෙන හිටිය පොඩිඑකා දිහා බැලුව..එයාගෙ පපුව ගාවට විතර ඇති උස..තද කලු පාට ලොකු ඇස් දෙකක් එක්ක කහ පාට හමක් එක්ක පොඩි රවුම් මූනක් තියන වයස දාහතක් වගේ පේන ඇච්චෙක්......
දිනෙල්කට මේ පොඩි එකාව දැක්කම මතක් උනේ..පන්සල...පන්සල පිටිපස්සෙන් ගලාගෙන යන ලොකු ඇලපාර..දිනෙල්කට හිතුන මේ පොඩි එකාව මෙහෙම්ම උස්සගෙන ගිහින් ඒ ඇල පාරට විසික් කරල එන්න...මේ පොඩි එකාව පන්නන එක එයාට ඒ තරම් ලේසි වෙන එකක් නෑ කියන එක එයාට තේරුනා...

 CHaDWhere stories live. Discover now