PART 7- තනිවෙලා

79 7 4
                                    


"අනේ දිනෙල්ක අයියේ දවස් දෙක තුනක් වත් ඉදලා යන්නකෝ.." දිනෙල්ක ගෙට ගොඩ වෙලා පොඩි එකීව බලල එලියට බැස්ස ගමන්ම එයා කාලෙකට පස්සෙ හමුවුන ඊශා නංගි එක්ක කතාවට අහුවුනා..

"බෑ.. "

"අනේ සුදු අය්යේ..කොච්චර කාලෙකින්ද අපි හම්බවුනේ...මාත් මෙහෙ දවස් දෙක තුනක් ඉන්නව.."

ඊශා කියද්දි දිනෙල්ක එයා දිහා බැලුව...ඊශා, එහෙම නැත්තන් එයාගෙ ලොකු මාමගෙ දුව...එයා ගොඩක් වෙනස් වෙලා..ඉස්සර හැමතිස්සෙම තමන්ගෙ ඇගේ දැවටි දැවටි හිටිය සුදු බෝල කෙල්ලට දිනෙල්ක ගොඩක් ආදරේ කරා...ඉස්සරට වඩා වෙනස් උනත් දිනෙල්ක තාමත් ඊශා නංගිට ආදරෙයි...
ඊශා දිනෙල්ක එක්ක හුරතල් වෙද්දි දිනෙල්ක ඉස්සර වගේම වෙනසක් නොපෙන්වා හිටියේ ඊශගෙ හිත රිද්දවන්න බැරි නිසා...ඊශාට තියන ආදරේ වෙනසක් නොවුනත් දිනෙල්ක එයා වෙනස් වෙච්ච විදිහට කැමති උනේ නෑ...

"එයාගෙ ඉස්සර තිබුන නැචුරල් ලුක් එක දැන් නෑ.. "දිනෙල්ක ඊශා දිහා බලාගෙන කල්පනා කරා...

" හේයී...හේයි දිනෙල්ක අයියා...මොනාද අනේ මගේ මූන දිහා බලාගෙන කල්පනා කරන්නේ..මන් ලස්සනයිද එච්චරටම..?"ඊශා තමන්ගෙ අත දිනෙල්කගෙ මූන ඉස්සරහ දෙතුන් වතාවක් එහාට මෙහාට ගෙනියන ගමන් ඇහුවම තමා දිනෙල්ක කල්පනාවෙ මිදුනෙ..

"නෑ.."ඊශා අහපු ප්‍රශ්නෙට දිනෙල්ක නොඇසෙන ගානට උත්තරයක් දුන්නෙ එයාගෙ හිත රිද්දවන්න අකමැති නිසා....

"පාර්ටි එක හයට පටන් ගන්නෙ..එතකන් අපි උඩට යමුකෝ...අද අපේ සෙට් එකම ඇවිල්ල ඉන්නවා.."ඊශා දිනෙල්කට ආයෙම කතාකරා......ඊශා කිව්වම දිනෙල්කට මතක් උනා..පොඩි කාලෙ ඉදන් එකට හැදුන එකට සෙල්ලම් කරපු තමන්ගෙ නෑදෑ පරපුරේ ලමයි සෙට් එක..ලොකු උනාට පස්සෙ වැඩිය මුනගැහුනෙ නැති උනත් දිනෙල්ක ආස උනා ආයෙ එයාලව දකින්න...

"ඇයි හයට? ඒ වෙලාවට ආර්යාට නින්දෙන් තමා කේක් කපන්න වෙන්නෙ.."දිනෙල්ක නොරිස්සුමින් කිව්වෙ අක්කගෙ පොඩි එකී හය වෙද්දි නිදාගෙන පුරුදු වෙලා කියල දන්න නිසා...

ඊශා උරහිස් දෙක උස්සන ගමන් තොල් නොපිට පෙරලුවෙ එයාටත් ඒ ගැන අදහසක් නැති නිසා...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 24 ⏰

Add this story to your Library to get notified about new parts!

 CHaDWhere stories live. Discover now