PART 5 - පින්ක් පැන්තර්

87 9 7
                                    

එදා දිනෙල්ක එක්ක ඇවිදින්න ගිහින් ගෙදර ආවට පස්සෙ ශේන් වැඩිය දිනෙල්කට මූන දුන්නෙ නෑ...මොකද එයා දිනෙල්ක එක්ක තරහ වෙලා හිටියෙ..දිනෙල්කට ඒක ටිකක් අපහසු උනත් ශේන්ට තමන්ගෙන් ඈත් වෙලා ඉන්න කියල දිනෙල්කමනෙ කිව්වෙ..දිනෙල්ක කියන්නෙ ලේසියට වචන වෙනස් කරන එකෙක් නෙමෙයි..ඒ නිසා එයත් ශේන්ගෙන් ඈත් වෙලා හිටියෙ මේ දවස් ටිකේ...අනික එදයින් පස්සෙ එයාට පොඩ්ඩක්වත් ෆ්‍රී වෙලාවක් තිබුනෙත් නෑ එයා වැඩ වගයක් නිසා කාර්‍යබහුල වෙලා හිටියෙ...ඒ වැඩ මොනවද කියල පස්සෙ කියන්නම්...
පහුගිය දවස් ටිකේ, තාත්තා කලින් කිව්ව විදිහට නිවාඩුවක් දැම්ම නිසා ශේන් උනත් වැඩිය ගෙදර හිටියෙ නැත්තෙ එයා තාත්තා එක්ක නුවරඑලිය වටේම ඇවිදින්න ගිය නිසා...

පහුගිය දවස් ටිකේම විවිධ වැඩ නිසා කාර්‍යබහුල වෙලා හිටිය නිසා දිනෙල්කට හරිහමන් නින්දක්වත් තිබුනෙ නෑ...තමන්ගෙ වැඩත් බොහෝ දුරට අවසන් උන නිසා අද දවසම විවේක ගන්න තමයි දිනෙල්ක හිතන් හිටියෙ....
.................................................................................

දිනෙල්ක උදේ නැගිට්ට ගමන් ශේන්ව මතක් උනේ ඇයි කියල එයාටම හිතාගන්න බැරිඋනා... මේ දවස් ටිකේ දිනෙල්කට පේන්නම අම්ම තාත්තා එක්ක හුරතල් උන ශේන් හැසිරුනේ දිනෙල්ක කියල කෙනෙක් නැති ගානට...
දිනෙල්ක උනත් වෙනසක් නෑ...ශේන් ගැන බලන්න දිනෙල්කට නම් ඇත්තටම වෙලාවක් තිබුනෙ නෑ පහුගිය දවස් ටිකේ ...දිනෙල්ක හරියට ශේන්ගෙ මූන දැක්කෙත් කෑම කන ටික වෙලාවට විතරයි..ඒ උනත් ඉදල හිටල හරි චූටිගෙ කාමරේ දොර රෙද්ද අතරින් කලු ඇස් දෙකක් එබෙනකන් දිනෙල්ක මග බලාගෙන හිටියෙ නෑ කිව්වොත් ඒක බොරුවක්....

කොහොමඋනත් ශේන්ට ඊයෙ රෑ ඉදල හොදටම උන හැදිල කියල දිනෙල්ක දැනගෙන හිටියෙ නෑ...හේතුවක් දන්නෙ නෑ හැබැයි අද උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් දිනෙල්ක මග බලාගෙන හිටියෙ පුංචි අම්ම කෑම හදල ඉවර වෙලා තමන්ට කෑම මේසෙට කතා කරනකන්...

එකායි..දෙකායි......තුනා...යි...

"සුදු පුතා..කෑම කන්න එන්න.."
පුංචි අම්ම දිනෙල්ක හිටිය කාමරේ දොරට තට්ටු කරල කිව්ව සැනින්ම දිනෙල්ක මූනෙ පොඩි හිනාවකුත් තියාගෙන ඇදෙන් බිමට පැනල ගිහින් කෑම මේසෙන් වාඩි උනා...

 CHaDWhere stories live. Discover now