PART 6 - කේන්තිය

65 5 1
                                    

සතියක් යන්න කලින් ශේන්ගෙ අසනීපෙ හොද උනේ එයා කොහොමහරි වෙලාවට බෙහෙත් බීපු නිසා...කොහොම උනත් ශේන් කියන්නෙ පොරොන්දුවක් උනොත් ඒක අනිවා ඉශ්ට කරන එකෙක්..දිනෙල්ක එයාට පින්ක් පැන්තර්ව දීපු නිසා එයා දිනෙල්කට පොරොන්දු උන විදිහටම අප්පිරියෙන් උනත් බෙහෙත් බිව්ව ලෙඩේ හොදවෙනකන්ම..අනිත් හේතුව එයා කැමති උනේ නෑ ගෙදර අනිත් අයටත් තමන්ගෙ ලෙඩේ බෝ වෙලා තමන් වගේ දුක් විදිනවට..."ඒ ලෙඩේ මහ එපා කරපු එකක්..."
..................................................................................

ශේන් නානකාමරේ තියන කන්නඩියෙන් එයාගෙ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියා...එයාට කල්පනා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබුන....ඇත්තටම ශේන් කියන්නෙ කවුද? නම හැර කිසිම දෙයක් අමතක කාගෙ කවුද, මොන විදිහෙ එකෙක්ද කියල එයාවත් දන්නෙ නැතිකොට එයාගේ අලුත් අම්ම, එයාගේ අලුත් තාත්ත එයාව කිසිම අඩුවක් නොකර බලාගන්නෙ එයාලගෙම දරුවා ගානට දාලා..එයාගෙන් මොනවත් ආපිට බලාපොරොත්තු නොවන අම්මයි තාත්තයි දැන් එයාගේ ජීවිතේ දාල යන්න බැරි චරිත දෙකක් වෙලා ඉවරයී...."එතකොට දිනෙල්ක.."ශේන්ගේ ඇග ඇතුලෙ ඉන්න මොකෙක් හරි එකෙක් ශේන්ට මතක් කරා..."එයා මොන වගේ එක්කෙනෙක්ද කියල ශේන්ට තාම හිතාගන්න බෑ..."ඇත්තටම දිනෙල්ක ගැන කියද්දි ශේන්ට නිකන් හෙන අමුතුයි...ශේන් මොනව කල්පනා කරත් කොහෙන් හරි එයාව ඇදිල එනව...එයා එක එක වෙලාවට එක එක විදිහෙ...

ශේන් කන්නඩියෙන් පේන එයා දිහා බැලුව..."හයියෝ නිකන් මොකෙක්ද එකෙක් වගේ.." එයාට ඕන නපුරු වෙන්න...දිනෙල්ක අයිය වගේ පෙනුමක් එයාට තියනවනම් කියල එයාට හිතුන...දිනෙල්ක අයිය තලෙලුයි...හෙන උසයි....ශේන් තමන් දිහා බැලුව...කහ පාටයි..නරකම නෑ..ඒත් කොටයි..දිනෙල්ක ගාව ඉද්දි නිකන් තාත්තායි පුතයි වගේ..එයා රිටා වගේ උස ගිය එකට ශේන් පලි නෑනේ....

"මම දිනෙල්කව මරනව...එතකොට වැඩියෙන්ම ලස්සන මම.."දිනෙල්කයි ශේනුයි එක ගාව තිබ්බොත් ඉස්සෙල්ලම පේන්නෙ ශේන් බව නොදන්න එයා දිනෙල්කව මරන්න අදහස් කරගෙන හිටිය...
දිනෙල්කව විස්තර කරන්න ලස්සන කියන වචනෙ ගැලපෙන්නෙ නෑ..එයා හැන්ඩ්සම්..
දේහදාරී ශරීරයේ කිසිම අඩුවක් නැතුව, ඒකටම හරියන නපුරු ඒත් කඩවසම් මූනක් එක්ක හිටිය දිනෙල්කව ශේන්ට ආයෙම මතක් උනා...

 CHaDWhere stories live. Discover now