හතළිස් පස්වෙනි පරිච්ඡේදය

1.1K 143 88
                                    

මට මං ඉල්ලපුව හම්බුන් නෑ යාලුවනේ මං දැන් mk 😪 ඒත් එයා කිව්වා ගෙදර ගියාම කිස් එකක් දෙන්නම් කියලා. කමක් නෑ ඉතිම් නේත. තාම අපි ඔපීසියල් බෝයිපෙන්ලත් නෙවෙයිනෙ..

ඉතිං මං හිතේ දුකත් දරාගෙන නිදාගන්න ලෑස්තිවුනේ. ඇත්තටම නිදාගන්න තරම් රෑ වෙලත් නෑ. ඒත් අපි කලින් කාපු හින්දා බුදිමතක් ලෝඩ් වීගෙන එන්නෙ. මේ දවස් ටිකේම එක්සෑම් එකට පාඩම් කරලා පට්ට නිදිමතයි. ඒනිසා වැටෙන වැටෙන තැන නින්ද යනවා.

කොහොමහරි මටත් නොදැනිම මට නින්ද ගිහින් තිබ්බ..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මං ආයෙ ඇහැරුනේ සිරාවටම බෙල්ලෙ කැක්කුමක් හැදිලා. කොට්ටෙ පැත්තක, මං පැත්තක. බෙල්ල කඩලා ගිහින් වගේ රිදෙනවා. මං ආයෙ කොට්ටෙ එජස්ට් කරගෙන දෙනූගෙ පැත්තට හැරුනා බදාගන්න හිතාගෙන.. ඒත්.. එතන තිබ්බෙ හිස්තැනක්. මගෙ නිදිමත ක්ෂණිකව අතුරුදහන් වුනා.. මං එයා නිදන් හිටපු තැන අතගෑවහම ළාවට රස්නෙකුත් තියනව.. සිරාවටම මට බය හිතුනා.. මං දඩබඩ ගාලා නැගිටගෙන කාමරෙන් එළියට ආවා.

සාලෙ පට්ට විදිහට කරුවලයි. එළියෙ ලයිට් එකෙන් ළා එළියක් වැටිලා තියනවා.. ඒ එළියෙන් මං බිත්ති ඔරලෝසුවෙ වෙලාව බැලුවා.. දොළහයි. ටහිකේන්න. මේකා යක්කු ගස් නගින වෙලාවෙ කොහෙද අන්තරස්දාන උනේ..

එතකොට තමයි මං දැක්කෙ සාලෙ දොර ඇරලා තියනවා. මල උට්ටයි. මට බයයි යකෝ. අර මායා එකේ ගෙදර වැඩකරන ගෑනි මහ රෑ එලියට ගිහින් යකෙක් දැකලද මොකද්ද හිටපු සීන් එකත් මතක් උනා ඒ අස්සෙ. යස්සමූලේ නිසින්නෝව.. ඈහ් ඒ මොක උ- ගාථාත් මතක නෑ හදිස්සියට.

මං ඔතන බයේ ගැහි ගැහි ඉද්දි එළියෙන් කුටු කුටු ගාන සද්දයක් ඇහුනා.. කවුරුහරි එළියෙ කතාකරනවද.. ඕන පුපක් කියලා මං පුරුස දයිරිය අරන් සාලෙ දොරෙන් හොරේන් ඔලුව දාලා බැලුවා..

යෝහ් දෙනුයි නැන්දම්මයි එළියෙ..

මේ ඩබල මේ මහ රෑ එළියෙ මක් කරනවද. සුදුමහත්තය ට යකෙක් ගහපු නැති එක විතරයි තව නොවුනේ. ඒකත් කරගන්න ඕනි වෙලාද දන්නෙ නෑ. ඊටපස්සෙ මං පලයංකො කට්ටඬි පස්සෙ.

එයාලට මාව පේන්නෙ නෑ ඒත් මට පේනවා. නැන්දම්මා නම් ඉන්නෙ මට පිටුපාලා. දෙනූ නම් පැත්තට පේනවා.. එයාලා මේ රහසෙ මොනවද කතාකරන්නෙ. අනුන්ගෙ කතාවලට හොරෙන් ඇහුම්කන් දෙන්න හොඳනෑ තමා.. ඒත් මේ වෙලාවෙ නම් මගෙ මැනර්ස් කැලේ. මං හොඳට මගේ හා කන දාලා එයාලගෙ කතාවට ඇහුම්කන් දුන්නා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now