හතළිස් නවවෙනි පරිච්ඡේදය

1.1K 138 83
                                    

"ම්ම්ප්ප්හ් අ..ජීහ්..ම්හ්.."

එයා අත්මිටි මොලවන් මගෙ පපුවට ගහද්දිත් මං එයාගෙ තදකරලා මගෙ පපුවට හිරකරන් ඒ තොල් හැපුවා. රිදෙන්න නෙවේ ඒත් දැනෙන්න. රිදෙන තරමට දැනෙනවා, දැනෙන තරමට රිදෙනවා කියලා අර සිංදුවකත් තිබ්බෙ..

එයා ටික වෙලාවක් මගෙන් මිදෙන්න ට්‍රයි කරත්, අන්තිමේදි හති වැටිලා එහෙම්ම නැවතුනා. මං එයාගෙ ග්‍රහණෙ ලිහිල් කරලා මෘදුව තුරුල් කරගන්න ගමන්, පරිස්සමට එයාගෙ තොල් රස බැලුවා. ටික වෙලාවකින් එයාගෙ හීනි දිග ඇඟිලි මගෙ බෙල්ල වටේ එතෙනවා මට දැනෙද්දි එයා නිවිලා කියලා මට තේරුනා.

එයා හෙමින් ආපස්සට මාව කිස් කරද්දි මං එයාට ඉඩ දුන්නා.. එයාගෙ අයිතිය කියන්න.. එයාගෙ ආදරේ කියන්න.. එයාගෙ දුක කියන්න.. මේ හාදුවෙන් එයාගෙ හැම වේදනාවක් ම මට කාන්දු වෙනව නම්.

ඒ හාදුවෙ රාගයක් තිබ්බෙ නෑ. ඒක නිකං එයාව නිවන්න මං දුන්නු ඖෂධයක් වගේ.. එයා ඒකෙන් නිවෙද්දි ඒ රතු ඇස්වල තෙත ගතිය වේලිලා ගිහින් තිබ්බා. දිග හාදුවකට පස්සෙ එයා මගෙ පපුව උඩ ඉඳන් හුස්ම අල්ලද්දි, මං එයාගෙ හිස් මුදුනින් නිකට තියාගෙනම කතාකරන්න ගත්තා.

"දෙන්නෙක්ගෙ ආදරයක් ඇතුලෙ කාගෙ ආදරේද ලොකු පොඩි කියලා දෙයක් නෑ දෙනූ. ආදරේ කියන්නෙ තරගයක් නෙවෙයිනෙ නේද ම්ම්ම්? මං හීනෙකින්වත් හිතලා නෑ ඔයාගෙ ආදරේ පොඩියි කියලා. ඔයාගෙ ආදරේ ප්‍රතිභිම්බෙ තමා ඔයා මගෙ ආදරෙන් දකින්නෙ.. ඉතිං මගෙ ආදරේ තරම්ම ඔයාගෙ ආදරෙත් මහ ගොඩයි.. අනික මං ඔයාව විශ්වාස කරන්නැත්තන් මේ විදිහට ඔයා ළඟින් ඉන්නෙ නෑනෙ. මං ඔයාව විශ්වාස කරනවා මං මාව විශ්වාස කරනවටත් වඩා-"

"එහෙනම් ඇයි-"

"ෂ් ෂ් වස්තුව. ඔයා මං වගේ නෙවෙයි. ඔයා ගමක කොල්ලෙක්. නොපෙන්නුවට ඔයා පවුලෙ අයට ගොඩක් ආදරෙයි. අනික ඔයාගෙ අම්මා ඔයා නිසා ගොඩාක් දුක්විඳලා තියනවා. ඔයා අම්මගෙන් ඈත්වුනොත් එයාලට ජීවත් වෙන්න ක්‍රමයක්වත් නෑ. අනික ගම්වල මිනිස්සු ටවුමෙ වගේ නෙවෙයි.. ගොඩක් නින්දා අපහාස විඳින්න වෙයි. ඉතිං ඔයා අම්මගෙ පැත්ත ගත්තත් ඒක සාධාරණයි."

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now