0062

2.7K 452 170
                                    

..

..

..








..

..

..

මොකක්දෝ විකාරයක් කියෝලා ධතාශ් කඩුල්ලත් පැනගෙන පාරට දිවුවේ අර පොඩි එකාව බොරුවට අවුස්සලා.......දුර යන්න ඕන උනේ නෑ...එයාට ඕන උනෙ චුට්ටම.චුට්ටක් අවුස්සන්න විතරයි.....ඇවිස්සුනාම කේන්තියෙන්ම රතු වෙන ඒ කම්මුල් දිහා බලන්න විතරයි...

ගෙදර ඉන්නෙ ඒ දෙන්නා විතරක්ම නිසා ධතාශ් කඩුල්ලෙන් පැන්නා මිස එතනින් එහා.වැඩිදුර දුවන්න.ගියෙ නෑ.....එහෙම දුවන්න ඕනකමක් තිබ්බත් නැතත්...ඒත් ධතාශ්ගේ මග ඇහිරුනේ ගුරු පාරෙ ඉස්සරහට ආව කෙනෙක් දකිනවත් එක්කමයි........

..මොකෝ...

..ආන් ස්කෝල සීයා උබට එන්නලු...

..හ..

..ඒ මොකටද ආ....මොකටද එන්න කියන්නේ.....!

එතනට එන්නම ඕන කෙනා ඔන්න දැනුයි හරියටම ආවේ....සයිකලේ උඩ නැගලා කකුලකුත් බිම තියන් ධතාශ් එක්ක කතා කරන ගමන් හිටිය කොල්ලා ගැස්සිලා ගියේ එකපාරටම කෑ ගහන් දුවන් ආව අමුතු ජීවියා නිසා.....උරහිසෙන් පහලට කඩන් වැටෙන කලු පාට ලොකු ටී ශර්ට් එකක් ඇදන්..ඒකටම හරියන්න දෙන්නෙක්ට විතර බහින්න පුළුවන් දනිස්සෙනුත් පහලට තියෙන බාච්චුව වගේ කොට කලිසමක් ඇදන් තීනු දුවන් ආවෙත් අතක් ඉස්සරහට දික් කරන් කෑ ගහන් වෙද්දි..කොල්ලට මොහොතකට හිතුනා මේ ඉන්නෙ අමුතු ජීවියෙක්වත්ද කියලා...

අනිත් එක ඒ කෑ ගහපු හැටි....ඒක නිකම් ගෙදර මනුස්සයට හවසට බොන්න යමුද අහන්න ආවාම ගෙදර මායියා පොල්කටු හැන්දත් අරන් චීත්තෙත් උස්සන් කෑ ගහන් එනවා වගේ තමා තීනුත් කෑ ගහගෙන ආවේ.....

...එන්නෑ කියනවා......පලයන් කියලා පැන්නුවා නම් එන්නෙම නෑ කියනවා....

..ඔයාට නෙවේ ලොකූට එන්න කිව්වේ...

..ආ එයාට එන්න කිව්වත් එකයි මට එන්න කිව්වත් එකයි....මන් එන්නෙත් නෑ ලොකූව එවන්නෙත් නෑ.....ගිහින් කියනවා ඔය බොරු චාටුවලට අහුවෙන්නෙ නෑ කියලා..

..කෑ ගහන්නෙ ඇයි ම්ම්...

දුවගෙන ආව වේගෙත් එක්ක තීනුගෙ ඉස්සරහට දික් කරපු ඇගිල්ල නතර උනේ පනිවිඩ කියන්න ආව කොල්ලගෙ මූනෙ ගෑවෙන නොගැවෙන තරම් දුරින්....ඒ කොල්ලා නම් මේ මොන විකාරයක්ද කියන්න මූන අමුතු කරන් බලන් ඉද්දි තීනුගෙ මූනෙ තිබ්බෙම හරි සටන්කාමී බැල්මක්...එයාට ඕන දේ බලෙන් හරි කරගත්තෙ නැත්නම් එයාගෙ නම තීනු නෙවෙයි වගෙ බැල්මක් ඒක....

🍁නූශ්🍁Where stories live. Discover now