පනස් එක්වෙනි පරිච්ඡේදය

1.2K 141 101
                                    

මං බැල්කනි එකෙන් එළිය බලන් හිටියෙ වැටෙන් වැලමිටි දෙක තියන් හේත්තුවෙලා. දවස් දෙකකට පස්සෙනෙ මේ විදිහට ඉන්නෙ.. ඒත් දැනෙන්නෙ මාස දෙක්කට පස්සෙ ආවා වගේ. මගෙ කාමරේට සිරාවටම මං පුදුම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නෙ. ඒක මාර comfy feeling එකක්. උඩ තට්ටුව කියන්නෙම ඉතිං මට ආගමක් වගේ තමා. අපේ ගේ හදලා තියන ක්‍රමෙත් එක්ක ඕන කෙනෙක්ට ආසා හිතෙනවා කතා දෙකක් නෑ.

අයියා එක්ක පැයක් විතර ගහපු බර කයියෙන් පස්සෙ තමයි මං මේ මනෝ පාර ගහන්න ගත්තේ.. සිරාවටම අපේ එකාට හෙන මොළයක් තියන ලබ්බක් නෙවේ ඕන මෝඩයෙකුට අපේ ලව් එක මීටර් වෙන්න තිබ්බ අපි හැසිරුනු විදිහෙන්.. අයියා කියපු ටික මං ආයෙ මතක් කරා..

"මෙහෙමයි ඉතිං පොඩි කාලෙ ඉඳන් උබලා දෙන්නා දෙන්නට පණ ඇරලනෙ. ඉතිං මුලදි මට එච්චර ගාණක් නැති වුනා.."

"ම්ම්ම්.."

"ඒත් පස්සෙ මටත් සමීර ගැන ෆීලින්ග්ස් එද්දි තමා උබල දෙන්න ගැනත් පොඩි සැකයක් ආවෙ. මුලදි මං හිතුවා මං කොල්ලෙක් ට කැමති නිසා මට එහෙම හිතෙනව ඇති කියලා.. ඒත් පස්සෙ පස්සෙ සැකේ වැඩිවුනා."

"ඒ කොහොමද?"

"උබ සැරින් සැරේ දෙනුව බලන්න වැඩිපුර ගියත් මට ඒක එච්චර ගාණක් උන්නෑ කොහොමත් ඉතිං උබ පොඩි කාලෙ ඉඳන් දෙනූ මගෙ ගාගත්ත ගමන්මනෙ.. ඒත් පස්සෙ ඉතිං ඌ නිතරම ඇවිත් උබෙ කාමරේට රිංගන්න ගත්තහම, උබ උගෙ පවුලෙ විස්තර හාරහාර අහන්න ගත්තම මං පොඩ්ඩක් කන්ෆියුස් උනා හැබැයි මං ගනන් ගත්තෙ නෑ. මළගෙදර ගියහම මට පොඩ්ඩක් ඕක හිතුනා.. මොකද උබයි දෙනුවයි හැසිරිච්ච හැටි දැකලා.. උබල තුරුලු වෙලා ඇලිලා ගැලිලා බුදියගෙන ඉන්නවා මං දැක්කෙ නෑ කියලා ද හිතුවෙ? අනික අරූ උණ ගැනිලත් නිදාගන්න උබව හෙව්වා.. ඕවයින් මේවයින් මට පොඩි අමුත්තක් දැනුනා. ඒත් මං ඇඟෙව්වෙ නෑ. පස්සෙ උබ අර බීල නාඩගමක් නැටුවම ඒ සැකෙත් නැතිවුනා ඇයි උබ කිව්වනෙ කෙල්ලෙක්ගෙ මගුලක්. ඇත්තටම ඒ සීන් එක මොකද්ද?"

"පස්සෙ කියන්නම්කො. ඊටපස්සෙ?"

"ඊටපස්සෙ දවසක් පහළ ඉඳන් උඩ තට්ටුවෙ උබෙ කාමරේට ඉනිමගක් තිබ්බා.. "

හඹායමි ඔබව (SINHALA BL)Onde histórias criam vida. Descubra agora